ඕමාන් තානාපති කාර්‍යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක එහි සිටියදීම ගබ්සාවක් සිදු කර ගෙන ඇතැයි ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඇයගේ සැමියා විසින් 2014 අප්‍රියෙල් 16 වැනි දින විදේශ සේවා නියුක්ති කාර්‍යංශයට ගොස් තම බිරිඳව හාම්පුතා විසින් අතවරයට ලක්කර එක් මසක වැටුපක් පමණක් ගෙවා එරට රැකියා නියෝජිතායතනය වෙත ගෙනත් දමා ඇති බවත් එහිදි ඇය කුසගින්නේ තබා ඇති බවත් එබැවින් සිදු වී ඇති අතවරය පිළිබඳ පරීක්ෂණයක් සිදු කර ඇය යළි මෙරටට එවන ලෙසත් ඉල්ලමින් පැමිණිලි කර ඇත.
ඇය ජනාවාරි 10 වැනි දා මෙරට සිට ඕමානය බලා පිටව ගොස් ඇත්තේ මහ ඔය අම්පාර ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් හරහා බව ද පැමිණිල්ලේ සඳහන් වෙයි.
එම පැමිණිල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය විසින් ඔවුන්ගේ පරිගණක පද්ධතියට දමා ඇත්තේ 2014 අප්‍රියෙල් 24 දිනයි.
එදිනම මේ පිළිබඳව ඕමාන් තානාපති කාර්යාතලයට දන්වා යවා ඇතත් මේ වන තුරු ඇය එරට පොලිසියට රැගෙන ගොස් හාම්පුතාට හෝ එරට රැකියා නියෝජිතායතනයට විරුද්ධව පැමිණිල්ලක් පවා දමා නොමැති බවද වාර්ථා වන අතර තානාපති කාර්‍යාලය මගින් අදාල රැකියා නියෝජිතායතනය හෝ නිවෙස් හිමියා ගෙන්වා කිසිදු පරික්ෂණයක් හෝ පවත්වා නැති බවද වාර්තා වෙයි.
මේ අතර පසුගිය 22 දින ඇය සුරක්ෂා නිවසින් ඕමානයේ පෞද්ගලික රෝහලකට ගෙන ගොස් වෛද්‍යවරියක ලවා ගබ්සාවක් සිදු කර ඇති බවත් ඇය ඉතා අසාධ්‍ය තත්වයෙන් සුරක්ෂා නිවසේ සිටින බවත් කියති.
මේ පිළිබඳව ඕමානායේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ කම්කරු අංශයේ කොන්සල්වරයා වන මාධව දේශප්‍රිය මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ එවැනි සිද්ධියක් සුරක්ෂා නිවසේ සිදුවී නැති බවයි.
පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ එවැනි සිද්ධියක් කම්කරු අංශයෙන් වාර්ථා වී නැතිබවයි. ඒ ගැන සොයා බලන බව ද හෙතෙම කීවේය.
ඒ අනුව තානාපති වරයා මේ පිළිබඳව කම්කරු අංශයෙන් විමසා ඇතත් දිගින් දිගින් දිගටම ඔවුන් එවැනි සිද්ධියක් පිළිබදව වාර්තාවක් නැතැයි කීම නිසා තානාපතිවරයා සුරක්ෂා නිවසට හදිසියේ ගොස් සෝදිසි මෙහෙයුමක් කර ඇත.
ඉන් පසු මේ පිළිබඳව යළිත් තානාපතිවරයාගෙන් විමසු විට ඔහු පැවසුවේ තමා එහි ගොස් අදාල කාන්තාව ගෙන් ප්‍රශ්න කළ බවත් එදින තමන් රෝහලට ගියේ ලේ පරික්ෂාවක් කරගැනීමට බවත් තමන් ගැබිනියක නොවන බවත් ගබ්සාවක් සිදු නොකළ බවත් ඇය පුල පුලා පවසා ඇත.
කෙසේ වෙතත් තමාට රෝහලේදී ඔක්කාරය පැමිණ ක්ලාන්ත වු බවත් ඇය පවසා ඇත.
මේ පිළිබඳව මේ වන විට තානාපතිවරයා විසින් විමර්ශනයක් අරඹා ඇති අතර ඒ අනුව 2014 මැයි 24 දින ඇයව වෛද්‍ය පරික්ෂණයකට ගෙන යාමට සුදානම් වෙද්දි ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය සමග වෛද්‍ය පරික්ෂණය සදහා යාමට වෙනත් කාන්තාවක් ඉදිරිපත්ව කර තිබු බවද වාර්ථා විය.
එම උත්සාහයද තානාපතිවරයාට හසුවී ඇති බව වාර්ථා වෙයි.
මේ පිළිබදව ඕමානයේ පදිංචි මෙම සිද්ධිය පිළිබදව දන්නා ශ්‍රී ලාංකිකයෝ පවසන්නේ ඇයගේ රැකියා නියෝජිතායතනය සහ නිවෙස් හිමියා විසින් විශාල මුදලක් තානාපති කාර්යායලයේ දුෂිත නිලධාරීන් පිරිසකට ලබා දී මෙම සිද්ධිය යටපත් කිරීමට උත්සහ කරන බවත් සුරක්ෂා නිවසේ මෙවැනි දේවල් නිතර නිතර සිදුවන බවත්ය.
ඇයගේ සැමියාද ඇය ගැබ්ගෙන ඇති බවක් නොදන්නා බැවින් ඇයද මෙයට එකග වන්නට ඇතැයි ඔවුහු කියති.
තවද ඔවුහු පවසන්නේ කාන්තාවගේ සැමියාගේ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වි එරට පොලිසියට ගොස් ඇයට අතවරය සිදු කළ හාම්පුතාට සහ රුකියා නියෝජිතියතයට විරුද්ධව නීති මගින් කටයුතු කළේ නම් ඇයට වු අසාධාරණයට විශාල වන්දියක් පවා ලබා ගැනීමට හැකියාව තිබු බවත් තානාපති කාර්්‍යාලයේ සිටින දුෂිත නිලධාරීන් පිරිසක් නිසා එයද වැලකී ගොස් ඇති බවත් පවසක ඔවුහු මේ පිළිබදව විදිමත් පරිත්ෂණයක් සිදුකර දුෂිත නිලධාරීන් සිටිත් නම් ඔවුන්ට දඩුවම් ලබා දෙන ලෙස බලධාරීන්ගේන් ඉල්ලා සිටිතිි.
කෙසේ වෙතත් එරට නීතිය අනුව ගබ්සාව නීති විරෝධී වන අතර මරණ දණ්ඩනය පවා හිමිවන වරදකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චුලනිගේ කතාව මමත් එක හෙලාම අනුමත කරනවා. මේකේ ඉන්න සමහර අය පගාව ගන්නවා. ඉතා වගකිමෙන් කියන්නේ. (නදී)
තානාපතිතුමනි, අද අපි මෙම සියලු සිදුවීම් වලට සාධාරණය ඉල්ලනවා. (නි)
කාවද අප්පේ මේ ආරක්ෂා කරන්න හදන්නේ? මෙතන හේතු දැක්වීමක් නෙවෙයි, රකින්න උත්සාහ කිරීමක් කියලා පැහැදිලියි. ඔය නෝනාව දැන් කොන්සල්තුමාටත් එපා වෙලා ඉන්නේ. එයාව රකින්න ගිහින් ඔයාටත් රස්සාව නැතිවෙයි. සමහර විට ජාතික ක්‍රීඩාවට සම්බන්ධ පුටුවක් නම් හම්බ වෙයි. (නදී)
ජනාධිපතිතුමාම මුල් වෙලා විමර්ශනයක් කළානම් තමයි වඩා හොඳ. එතකොට කාගේ කාගේත් කෙරුවාව ගැන හොයාගන්න තිබුණා. (අ)
ගරු තානාපතිතුමෙනි දුෂිතයන් පන්නන්න අතේ තියෙන ශාක්ෂි ඇති නේද ? ප්‍රමාද නොකර පියවර ගන්න. සියලු දෙනා විමසිල්ලෙන් බල ගෙන ඉන්නවා (ස).
සම්පූර්ණයෙන්ම රිසාන් ට එකගයි. අනුලා මහත්මියගේ පුටුවේ දැන් ඉන්නේ කවුද කියලා හැමෝම දන්නවා. එයා හම්බකරනවද නැද්ද කියන එකත් කව්රුත් දන්නවා. ක්‍රීඩාවක් සම්බන්ධව පොතක් ලියපු තනතුරක් දරන මහත්තයෙක් තමයි එයාව ඔතෙන්ට දැම්මේ. මෙයාව ඉන්ටවීව් එකෙන් දැන් ඉන්න කොන්සල් වරයා පාස් කලේ නැහැ. ඒත් මෙයාට පත්වීම ලැබුනා. මෙයාට වඩා සුදුසුකම් ඔතන ගිනුම් ලිපිකරු මහත්මයාට තියෙනවා. දැන් මෙයා කොන්සල් ගෙනුත් පලි ගන්නවා. (නදී)
ගරු තානාපතිතුමනි, කිසිවෙකුට යට නොවී මෙම දුෂිත නිලධාරින්ට විරුද්ධව ඔබ ගන්නා තීරන හා තීන්දු දෙස සොහාර්හි සිටින ශ්‍රී ලාංකිකයෝ ඉතා විමසිලිමත්ව බලා සිටිති.ඵ් සඳහා අවශ්‍ය ඕනෑම විටක අපගේ පුර්ණ සහයෝගය ලබාදීමට අප ඉදිරිපත් වන්නෙමු. (නි)
ඔය තානාපති කාර්යාලය නම් කිසිම වෑඩකට නෑති තෑනක්. අත් දැකීමෙන් කියන්නේ. ආයතනයක මාසික වේතනය ගෙවීම පෑහෑර හෑරීම නිසා අපි ඔතනට පෑමිණිල්ල අරන් ගියාම අන්තිමට කම්කරු අංශය කතා කලේ අපේ පෑත්තට නෙවෙයි අනෙක් පෑත්තට. අන්තිමට කිසිදු වේතන ගෙවීමක් නෑතිව මව් රට බලා එන්න සිද්ද් වුනා. සල්ලි වලට කෑදරකමේ දගලන, බාල වෑඩ කරන, සුදුසු කමක් නැති නිලධාරින් නිසා කෑත වෙන්නේ ශ්‍රී ලංකා නාමයයි. කාලයකට ඉහතදී ඕමානයේ ලංකාවේ තානාපති කාර්යාල සේවය කර විශ්‍රාම ගිය අනුලා මහත්මිය පමනයි මෙවන් අසාදාරනයකට එරෙහිව කතා කරන්න හිටියේ. එතුමියට මාගේ ප්‍රනාමය.(නදී)
කම්කරු අංශයෙන් ආරම්භ වූ දූෂණය දැන් දැන් විදේශ අමාත්‍යාංශ සේවකයින්ටද බෝ වෙමින් පවතී.ඕමාන් හි සිටින සියලු ලාංකිකයන් දෑස් දල්වා මොවුන් දෙස බලා සිටින අතරම අවුට්පාස් ව්‍යාපාරය රුවි නගරයේ ජයටම කරගෙන යන ආකාරයත් කාටත් ආරංචියි. කාර්යාලය තුල අවුට්පාස් ටයිප් කරන්නාගේ සිට මාකටින් කරන පුද්ගලයා දක්වාම අපි දන්නෙමු. අවශ්‍ය විටෙක තොරතුරු ලබා දීමට අප කටයුතු කරන අතරම තානාපති තුමාට අවශ්‍ය ශක්තිය සහයෝගය ලබාදෙන බවද දැනුම් දීමට කැමැත්තෙමු. එහෙත් එතුමා මේ සදහා ගන්නා ක්‍රියා මාර්ගද අපි බලා ඉන්නෙමු. (ස)
මෙය ලංකාවේ තානාපති කාර්යාල වලින් දූෂිතම එක. ඉහල සිට පහලට සියලු දෙනාම මුදල් ගරන්නන්. පාලනයට අලුතින් පත් වූ කාන්තාව ගෘහ සේවිකාවන්ව ඉවත්ව යන ලෙස පවසනවා. ඉන්පසු ඇය පිටවීමේ අවසර පත්‍ර විකුණනවා. (ස)
මැද පෙරදිග රටවල් වල ඇති තානාපතිකාර්යාල වලික් බෝහෝ ප්‍රශ්න තියෙන තානාපති කාර්‍යාලයක් තමයි මෙය. නමුත් ඇතුලේ වෙන දේවල් එලියට යන්නේ නැහැ. සාමාන්‍යෙයන් මෙරට සාමකාමී වගේම ගෘහසේවිකාවන්ට ප්‍රශ්න අඩු රටක්. නමුත් මෙහි සේවය කරන දුෂිතයින් කිහිප දෙනෙක් මෙය මුදල් ආකරයක් කරගෙන විනාශ කරනවා. (නදී)
මම කෙනෙකුගේ ප්‍රශ්නයක් කතා කරන්න එම්බසියට ගියහම ඒ අය කිව්වේ ඔයාට මේ ගැන අපිට කියන්න බැහැ. විදේශ සේවා එකට දැනුම් දෙන්න කියලයි. එහෙම විදේශ සේවා එකටත් දැනුම් දෙනවා නම් මොකටද ලංකාවේ එම්බසියක් මේ රටේ තියෙන්නේ. මට කියපු කෙනා දැන් අවරුදු 10ක් විතර මේ එම්බසියේම ඉන්නවා. විදේශ සේවා එකෙන් අපිට කිසිම සේවාවක් නැහැ. අපිට මොනවද කරලා තියෙන්නේ.? (නදී)
කිව්.එස් ලා කට්ටියකට ලොකු අසාධාරනයක් කළා ඕකේ ඉන්න අය. උන් උගත් කොල්ලෝ. සල්ලි වලට යට වෙලා උගත් කොල්ලො කීප දෙනෙක්ව පාරට බැස්සුවා අපේම ඔය ඇතුලේ ඉන්න අය. එදා ඒ උගත් කොල්ලෝ ටික එම්බසියෙ නිදා ගන්නම් ඉන්න තැනක් නැහැ කියලා කියපු හැටි මතකද? සල්ලි වලට රට ජාතිය රස්සාව අමතක කරන අය ඕකේ ඉන්නේ. අලුත් නෝනා කෙනෙක් අලුත් බිස්නස් වගේකුත් පටන් අරගෙන කියලා ආරංචියි. ඇතුලේ ඇස් කන් ඇර ගෙන ඉන්නේ. (නදී)
ඕක යට ගහන්න හැදුවට මෙහේ ඔය ගැන සාක්ෂි දෙන්න අය ඉන්නවා. රිපෝට් හැදුවට, පැමිණිලි කොළ ගොනු වලින් ගැලෙව්වට මිනිස්සුන්ගෙ කට වල් වහන්න අමාරුයි. ඔය හෙන ගහන හොරකම් කරන එම්බසිය තියෙන්නෙ පන්සල් භූමියක නේද? (නදී)
ලංකාදීප, මෙය පලකිරිම සමිබන්දව ඔබට ස්තුතියි. ඵහෙත් මෙය මෙහි සිදුවන දුෂණ වලින් අංශූ මාතුයක් පමණි. මෙම කාර්යාලය තුල විවිද අක්‍රමිකතා කරනු ලබන්නේ දේශපාලකයින්ගේ හා ලොක්කන්ගේ ඕනෑ එපා කම් ඉුටු කළවුන් මෙහි තනතුරු වල වැජඹෙන නිසාය. මොවුන් තානාපති කාර්යාලය ගිල දැමුවත් දේශපාලන රැකවරණය ඔවුනට ලැබේ. අප දන්නා අන්දමට ඉහත නිලධාරින්ගේ අක්‍රමිකතා සමිබන්දව තානාපති වරයා විසින් විනය ක්‍රියා මාර්ග ගත්තද දේශපාලන මැදිහත් විම මත ඵ්වා ක්‍රියාත්මක නොවුනි. මේ අවස්තාවේදිද තානාපතිතුමාගේ තින්දුව දෙසත් දුෂිත නිලධාරින් බේරාගැනිමට මැදිහත්වන දේශපාලුවන් දෙසත් අප ඉතා අවදානයෙන් බලා සිටින්නෙමු. මෙම දුෂිත නිලධාරින් සදහා යම් විනය ක්‍රියාමාර්ගයක් නොගතහොත් මෙතෙක් කලක් ඕමාන් දේශය තුල ඉහල පිලිගැනිමක් ලැබු ලාංකික නාමය ආරක්ෂා කරගැනිම සදහා] මෙම දුෂිත නිලධාරින් පන්නා දැමිම සදහා සියලුම ශ්‍රී ලාංකිකයින් තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිනිම ඉතා මැතකදිම සිදුවන බවට පෙර නිමිති පහළ වී ඇත.(නදී)
ඕමානයේ මේ ගැන දන්න අය ඉන්නවා. මේ ගබ්සාව සිදු කළේ පෞද්ගලික රෝහලක. එහි ශ්‍රී ලාංකික හෙදියක් මේ ගැන දන්නවා. (නදී)
බොහෝ තානාපති කාර්‍යාල වල සේප් හවුස් හි මෙවැනි දෑ සිදුවේ. දුෂිත නිලධාරීන් මුදල් වලට ඇති කෑදරකම නිසා අසරණ කාන්තාවන්ට මෙවන් විපත් සිදුකරති. ඇය ලංකාවට පැමිණි විට ඇත්ත කියාවි. (නදී)
ඔය එම්බසිය ගැන කියලා වැඩක් නැහැ. අපිට නෙමේ ඒ අය වැඩ කරන්නේ ඔමනීන්ට. අපි ගියහම පස්ස හරවනවා. අපිව ගණන් ගන්නේ නැහැ. ඔය හේරත් කියනවා ගෙදර ගිය වගෙයිලු. එහෙනම් හොඳ ගානක් දීල ඇති.(නදී)
හේරත් කියන්නෙ අනිවාර්යෙන්ම එම්බසිය අතුලෙ ඉන්න ගොයියෙක් වෙන්න ඕනා. ඔය කමෙන්ට් එක දාල තියෙන වෙලාව බැලුවම තේරෙනවා මේ ආටිකල් එක දැකලා නින්ද නොගිය කෙනෙක් කියලා. මට හිතෙන්නේ එම්බසියේ කොම්පියුටරයකින්ම තමයි ඔය කමෙන්ට් එක කොටලා තියෙන්නේ.(නදී)
අනේ මෙහෙම ලෝකයක්! තානාපති කාර්යාල වෙනුවෙන් කඩේ යන්නත් මිනිස්සු පුරුදු වෙලා. "ගෙදර ගියා වගේ" සුවයක් දැනුනලු. (නදී)
ඔයාල ඔහොම කිඋවට එහෙම නැහැ. එම්බසියට ගියාම අපේ ගෙදර ගියා වගේ තමයි. මමයි මගේ දුවයි දවසක් ලංකාවෙ කෙනෙක් බලන්න එම්බසියට ගියා. එම්බසියේ අය අපට අවශ්‍ය සියලු දේ කර දුන්නා. ඒ කාන්තාව සුමානයකින් ලංකාවට යැව්වා (ස)
ඕව අද ඊයේ වෙච්ච දේවල් නෙවෙයි හැමදාම උනේ ඔය ටිකමයි. බැරිම තැන ගේට්ටු දාල ඉබ්බොත් දැම්ම එත් ඔතන වෙන්නේ පුරුදු විදිහටමයි. (ස)
චුලනිගේ කතාව මම එකහෙලාම අනුමත කරනවා (ස)
ඔය වගේ ජරා දෙවල් වෙන්නේ නිකන් නෙමෙයි. මුදලට ආත්මය පාවාදෙන අය ඉන්නවා. ඕවා ගානට යට යවයි. (නදී)
ඔතන සිද්ධ වෙන ගොඩාක් දේවල් ගැන අපි දන්නවා.කියලා වැඩක් නැති නිසායි මේ රටේ ලංකාවට තියෙන පිළි ගැනීම නැති වෙයි කියලයි අපි කට වහගෙන ඉන්නවා. පඩි නොදී අපේ .... ලා කීප දෙනෙක් එම්බසි ආවම එම්බසිය පස්ස හැරෙව්වා. (ස)
ඔය එම්බසිය හොර ගුලක්. ඕමාන් වල අපේ එම්බසියේ අවුට් පාස් විකුණනවා.සීගිරි කඩේට ගියා නම් ලින්ක් එක හොයා ගන්න පුලුවන්. මෙහේ ගෘහ සේවිකාවක් එම්බසියට ගියොත් ඉවරයි.නරියට කුකුල්ලු බාර දුන්නා වගේ. මේ රට හොඳයි.මිනිස්සුත් හොඳයි.එම්බසිය හොරු. (ස)
දැන්වත් ලංකාවේ පිරිමි තමන්ගේ ගෑනු, දුවල පිටරට වහල් සේවයට නොයවා නියම පිරිමි වගේ තමන්ගේ පවුලේ වගකීම් ඉටුකරන්න හැදුව නම් හොඳයි. තමන්ගේ ගෑණු පිටරටට විකුණලා කිසි වැඩක් නොකර ගෑනි එවන පඩියෙන් ජීවත්වෙන මිනිස්සු කීදෙනෙක් නම් ලංකාවේ ඉන්නවද? මේවට හාම්පුත්තුන්ටවත්, පිටරටවලටවත් බැනල වැඩක් නැහැ. මේවා වෙන බව දැන දැන ගෑණු රට යවන එක අපේම වැරැද්ද. සමහරු ගෑනුත් මෙහෙ පොඩි රස්සාවක් කරගෙන හරි දරුපව්ල රැකගන ඉන්නේ නැතුව රට යන්න දඟලන වෙලාවලුත් තියනවා. මෙහෙම ගියොත් ලංකාව ළඟදීම තවත් "පිලිපිනයක්" වෙනවා. (ස)
කොහොමත් කම්කරු අංශයේ සිටින අය දේශපාලන පත්වීම් වලට ආපු අය. මුදලට පුදුම කෑදරකමක් තියෙන්නේ. මේවා ගැන ලියනවා නම් පොතක් හරි ලියන්න පුළුවන්. (නදී)
මටනම් ඉතින් රටවිරු ස්ටාර් තිබුනොත් ඇති. ඉක්මනට පටන් ගන්න ඇමතිතුමා. (අ)
ආසියාවේ ආශ්චර්ය (නදී)
දැන් ඉතින් බය නැතුව වෙච්ච අසාදාරණ කම් මෙතනට ලියන්න. සේරම එළි වෙයි.(නදී)
ඔතන දේශපාලන පත්විම් වලට ආපු අය ඇති. එවන් අය කම්කරු අංශ වලට දැම්මම ඔය වගේ දේවල් යට ගහනවා. විසඳුම් හොයන්නේ නැහැ. (නදී)