බෝට්ටුවක නැගී දින 58 ක් මුහුදේ බියකරු අත්දැකීම්වලට මුහුණ දී ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනක් සිය බියකරු අත්දැකීම් එසැණට කීහ.
උස්වැටකෙයියාවට ආසන්න මුහුදෙන් එක් මැදියම් රැයකදී දියත් කළ කුඩා බෝට්ටුවක නැගී පරක් තෙරක් නැති මුහුදේ කල් ගත කළ බවත් මාරියාවට හසු වී බෝට්ටුව පැද්දෙද්දී තම සේසත රැගත් ගමන් මළු දෙකද මුහුදු බත් වු බවත් ඔවුහු පැවසුහ.
‘ඉහළට එසවෙන රළ සමඟ බෝට්ටුව අඩි කිහිපයක් ඉහලට එසවී මුහදට වැටෙනවා. ඝණ අඳුරේ දැනුන මරණ බිය විස්තර කරන්නට වචන නැතැ‘යි ඔවුහු පැවසූහ.
ඕස්ට්‍රේලියාවේ දී හමු වු ඇතැම් ශ්‍රී ලාංකිකයින් මුහුණට මුහුණ දැක්කත් නොදැක්කා සේ යන බවද ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවට හොරෙන් ආපු ඉංග්‍රීසි බැරි අයට රස්සාවල් නැති වුනාට අපි දන්නා කිසි කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් නැහැ.සුද්දොන්ට වගේ ඉංග්‍රීසි කොයි කාටත් බැහැ තමයි. (නි)
උපුල් හරියටම හරි. හරියට සංක්‍රමණය වුනු මිනිස්සු දිහා මෙහෙ මිනිස්සු බලන්නෙත් වැරදි විදිහට.බෝට්ටු ගමන් නිසා මේ රටේ ලංකාවට තියන තැන නැත්තටම නැතිවෙලා ගිහින් තියෙන්නේ.ආවට කමක් නැහැ හරි විදිහට .නැත්තම් ලංකාව මිනිස්සු තවත් ලැජ්ජාවට පත් වෙනවා මේ රටේ. (නි)
මේ බෝට්ටු වල එන නිසා ලංකාවේ අපේ අයට ලැජ්ජයි.ඉංග්‍රීසි වචනයක්වත් බැහැ. ඔක්කොම මේ සැප්තැම්බර් වෙනකම් විතරයි. ඊලග ලිබරල් ආණ්ඩුව අවම මේ අයයි, ඊළඟට එන්න ඉන්න අයයි ගැන තීරණයක් ගනීවි (නි)
අපි ඉගෙනගෙන දුක්විදල තමා මෙහෙට ආවේ. නමුත් අපි තත්වයක් තියාගෙන මෙහෙ ඉන්නවා. එයාලා හොරෙන් ඇවිත් අපේ රටට සහ අපිට ලැජ්ජා කරනවා. (නි)
නැමිලා වරෙන් බුලත් දීල පිළිගන්නම් රට විකුණලා ඇවිත් වැල්ලේ ඉන්නන එවුන් මෙහෙ ආවම කොහොම තියේද ? තව ටික කාලෙකින් අහන්න පුළුවන් වෙයි අර ඉතාලියේ වගේ පාතාලේ වැඩ මෙහෙත්. පාරේ යන්න ලේජ්ජජි බෝට්ටු වලින් අපු එවුන් ලංකාවේ වගේ පාරේ යන සුදු කෙල්ලන්ට ලයින් දානවා..
ඉපදුනු රටට ගරහලා තමන්ගේ වාසිය ගෙන හිතන එක නරකයි. (නි)
කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ. මේ අය මුහුදින් ඕස්ට්‍රේලියා ගියා, ටික දවසකින් ගුවනින් ආපහු ලංකාවට එයි. (නි)
ආපු ගමන් සල්ලි, සුමානෙට $400. දිගටම දෙනවා ආණ්ඩුවෙන්.(නදී)
මම කියන්නේ හරි විදියට සංක්‍රමණය වෙන්න. අපිට කිසි ප්‍රස්නයක් නෙමේ ඒක .මේ රටේ ඉන්න කිසිකෙනෙක් ප්‍රශ්න කරන්නේ නැහැ.ඒ වුනාට දවසකට බෝට්ටු දෙක තුන එනකොට මෙහෙ මාධ්‍ය වලින් පෙන්නනකොට මෙහෙ මිනිස්සු පිළිකුලෙන් බලන්නේ අපි හැම කෙනෙක් දිහාම .හැම රටකටම සංක්‍රමණ නීති තිබෙනවා. (නි)
ආරංචියේ හැටියට සිංහල කිව්ව ගමන් අනිත් පැත්තට ආපසු හරවලා එවන වාලු. දෙමල නම් ටිකක් යමක් තාමත් කරත හැකිලු. වැඩේ තියන්නේ අධ්‍යාපනයක් නැතිව, දෑතේ ශිල්පයක් නුගත් නිකම්මු කොහේ ගියත් වර්චස් තමයි.(නදී)
බණ්ඩාර, මොන රස්සාවල්ද ඔය ලොකු රස්සාවල් කියලා ඔබ වර්ග කරලා තියෙන්නේ ? ලැයිස්තුව පල කරන්න බලන්න. (නි)
උපුල්,මම හිතනවා ඔබ ඉගනගත් කෙනෙක් කියලා.ඉගනගත් හැමෝම බුද්ධිමත් නැහැ.බුද්ධිමත්ව හිතන්න.මේක නීති විරෝධී ක්‍රියාවක් බව හැමෝම දන්නවා.ඔබට පුළුවන් ඕස්ට්‍රේලියාවේ ලංකාවේ බුද්ධිමත් කට්ටිය එකතු කරලා, මේ මිනිස්සු යන්න හේතුව,රටක් කොහොමද දියුණු වෙන්නේ,රටක් පාලනය කරන්න ඕනෑ කොහොමද කියලා අපේ ලංකාවේ අයට කියලා දෙන්න.ඔබ වුනත් ලංකාවේ හොද වැටුපක් ලැබුණා නම් පහසුකම් තිබුනා නම් ලංකාවෙන් යන්නේ නැහැ නේද? (නි)
අපි නම් ලංකාවේදීත් වෙරලබඩ අය සමග සම්බන්ධයක් තිබුනේ නැහැ. අපේ චරියාව සහ එයාලගේ චරියාව වෙනස්. හැබැයි සුනාමියට ගෙවල් කැඩුනහම අපි පන්සලට කෑම ගිහින් දුන්නා, ඇදුම් දුන්නා, ඉස්කෝල පොත් ගිහින් දුන්නා. (නි)
උපුල්, ඕස්ට්‍රේලියාවේ ඉන්නේ හරි විදියට සංක්‍රමණය වුන අය කියන්නේ කොහොමද? (නි)
එතකොට බෝපගේ මොනවා කියලද ඕස්ට්‍රේලියාවට ආවේ ? (නි)
හරි විදියට එනවා නම් මෙහෙ ඉන්න ලංකාවේ අය උදව් කරන්න ලැහැස්තියි.ඔය බෝට්ටු වල එන අයට ලාංකිකයෝ කියන්න බැහැ අපිට. බහුතරය ලංකාව පතුරු ගහලා තමා මෙහාට ගොඩ වෙන්න බලන්නේ. ඉංග්‍රීසි අකුරක් බැරුව මෙහෙ මොන රස්සාද? (නි)
මොනයම් විදියකින් හෝ ඔවුන් ඉසුරු සොයා යන්නේ තම ඉපදුනු මාතෘභූමිය ලේ විලක්, මිනී කන්නන්ගේ දේශයක් , කුසගින්නේ නිරාහාරව මැරෙන තවත් ඉතියෝපියාවක්... වැනි අභූත බොරු කියා නම්, තවමත් ලංකාවේ පය ගහලා ජීවත්වෙන , මොනම හේතුවකටවත් රට හැරදා නොයන අපේම සහෝදරයන්ට සහෝදරියන්ට ඉන් සිදුවන පාඩුව අසාධාරණය ගැන හඬ නගන්නේ කවුද? ඉසුරු සොයා යන්න..... නමුත් මෙතෙක් ඔබ "කෑ බත් පතේ" පහරන්න එපා!!!! (නි)
අද ලංකාවෙන් යන්න කී දාහක් සතුටින් බලාගෙන ඉන්නවද? ඇයි මේ රට මේ තරම් එපාවෙලා ජීවිත පරදුවට තියා රටින් පනින්නේ? (නි)
නැතිබැරිකම උගසට තියලා යන ඔය මිනිස්සු තමන්ගේ වාසියට මොනතරම් බොරු කියනවද? පත්තරවල ගුවන් විදුලියෙන් යන්නෙපා කියද්දීත් මේ අය යන්නේ කොහොමහරි මම හැදෙනවා කියන චේතනාවෙන්. තමන්ගේ උත්සාහයෙන් හැදෙන්න ඕනෑතරම් ක්‍රම තියෙද්දී මේවා හොද වැඩ නම් නෙමෙයි (නි)
ඉතියෝපියාව , සුඩානය වැනි අප්‍රිකානු රට වල අය ජීවිතය පරදුවට තියා ඕස්ට්‍රේලියාවට එන්නේ "බීමට වතුර ටිකක්" "කුසට අහරක්" නැතුව. "කෙවින්" නමින් අදහස් දක්වන සහෝදරයා කියන්නේ අපි ජීවිතේ පරදුවට තියන්න ඕනෑ "ගෙයක් හදාගන්න,දරුවන්ට හොදට උගන්වන්න,වාහනයක් ගන්න" කියලා. විනිශ්චය ඔබටම භාර කරමි. (නි)
ඕස්ට්‍රෙලියාවට හොරෙන් යන අයට දඩුවම් දිය යුතුයි. (ස)
උපුල්, ජනක, මංජු , හැමෝටම ලංකාවෙන් උපාධි ගන්න බැරි බව ඔයාලා දන්නවනේ. හැමෝටම උසස් අධ්‍යාපනයක් ලබන්න නොයෙකුත් බාධා තිබෙන බවත් ඔයා හොඳටම දැනගෙනත් දුප්පත් මිනිසුන්ට ගරහන්න එපා. ඔයත් ඔහේ ඉන්න 95% කම නිදහස් අධ්‍යාපනයෙ පිහිටෙන් ඉගෙනගත් අය. ඔයාලා හැමෝම ශ්‍රී ලංකාවට ණයගැතියි. දුප්පත් මිනිස්සුන්ගේ කරපිටින් ඔයාලත් ඉගෙනගෙන තියෙන්නේ. දුප්පත් මිනිස්සු එනකොට එයාලටත් මොන ක්‍රමයකින් හරි උදව් කරන්න සත් ක්‍රියාවක් කළ විට ඔයාට හොද දවසක් උදාවේවි. (නි)
මම ස්ථිර විසා ගන්න ගොඩක් මහන්සි වුණා. එහෙම ඇවිල්ලත් මම ගොඩක් අමාරුවෙන් ජොබ් එකක් හොයාගත්තේ. මම මගෙන් පස්සේ හරි විදියට ආපු කිහිප දෙනෙකුටම ජොබ් හොයලා දුන්නා. ඒත් මම කවදාවත් හොරෙන් එන අයට කිසිම උදව්වක් කරන්නේ නැහැ. ඒක පනිනන් රිලුවුන්ට ඉනිමං තියනවා වගේ වැඩක්. මම කියන්නේ මේ අය ඔක්කොම අපහු යැවිය යුතුයි කියලා. උපුල්ගේ කතාව හරි. මෙහෙ ඉන්න ගොඩක් අය හිතන්නේ එහෙම තමයි. (නි)
චතුල වෙරෝනා හරියට කතා කරන්නෙ එයත් බෝට්ටුවෙ ආපු කෙනෙක් වගේනේ. මිනිස්සු මොන රටකට ගියත් ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැ නීත්‍යානුකූලව යනවා නම්. කොහොමත් ලංකාවෙ බහුතරයකගේ මානසිකත්වය තමා පිටරට ගිය මිනිස්සුන්ට සරුයි කියන එක. නමුත් පිට රටකට ඇවිල්ලා බලන්න ඕනෑ ජීවත් වෙන්න තියන අමාරුව. මමත් දුක් විඳලා, ණය වෙලා තමා රට ආවෙ. ඒත් බෝට්ටුවල නෙමෙයි. අනික ඔය බෝට්ටු වල එන උදවියෙගෙ ඕනෑ එපාකම් ඉෂ්ඨ කරන්න බදු අය කරන්නෙ කාගෙන්ද? ඒවා ගැන ඔය කෑගහන කට්ටිය හිතන්නෙ නැහැ. අනික ඕස්ට්‍රේලියාවෙ කම්කරු ජනතාවට විශාල තැනක් තියනවා ඔය උපාධි අයට වඩා. අපි කොහෙ හිටියත් ලංකාවෙ මිනිස්සුට පුලු පුලුවන් විදිහට උදව් කරනවා. ඒත් ඕවා ගැන සමහර මිනිස්සුට කිසිම තැකීමක් නැහැ. කට්ටිය උපුල්ට අවවාද, අනුශාසන කර කර ඉන්නෙ නැතුව, මේ මිනිස්සුන්ව යහපත් මාර්ගයකට ගන්න ඔබතුමන්ලාත් උදව් කළොත් නරකද? (නි)
මේ මිනිස්සු හින්ද අපිට ජොබ් එකක් වත් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. අපි අමාරුවෙන් ඉගෙනගෙන පුරවැස්භාවය අයදුම් කරත් දැන් ඒක දෙන්නත් සෑහෙන කල් යනවා. බෝට්ටු කාරෙයෝ හින්ද අපි විඳින දුක දන්නේ අපි විතරයි. වෙන රටකට යනවකෝ මෙහෙ එන්නේ නැතුව.(නදී)
ජීවිත පරදුවට තබාගෙන පිට රට යන එකේ තේරුමක් නැහැ. පුළුවන් නම් නෑයෝ, හිත මිතුරෝ ආදී අයගේ උදව්වෙන් මේ රටවල් වලට ආරක්ෂාකාරීව යන්න බලන්න. අහපු ගමන් හැමෝම කියන්නේ නම් ඉතාලියේ රස්සා නැහැ ජීවත් වෙන්න අමාරුයි කියලා. ඒත් ඔය කියන අයම තමන්ගේ නම් අන්තිම නෑයා දක්වා ගෙන්නා ගන්නවා. ඒ අයට නම් ඔය නැහැ කියන රස්සාත් ගිය ගමන් ලැබෙනවා. මෙහෙ රස්සා හිගයක් මම නම් දකින්නේ නැහැ, මම දන්නා කාටවත් එහෙම වෙලත් නැහැ (නි)
අන්න ඒකට කොරියාව.අපේ කෙනෙක් ලංකාවේ ඉදලා අලුතෙන් ඇවිල්ලා හිටියොත් එයාට එපා වෙනකල්ම සලකනවා.අන්න ඒකයි නැති කෙනාගෙයි තියෙන කෙනාගෙයි වෙනස. (නි)
ජීවිතේ පරදුවට තියලා එන මේ මිනිස්සු ගැන කියන්න වචන නැහැ. ඩොලර් එක වැඩි වෙලා ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන සමාගම් එකින් එක වැහෙනවා. ජොබ් නැති මිනිසුන්ගේ ගාන එන්න එන්න නගිනවා. දිවිනසාගන්න මිනිසුන්ගේ ගාන දිනපතා ඉහල යනවා. අපේ අය ඕස්ට්‍රේලියාවට යනවා ඉසුරු සොයා. (නි)
අපි මෙහෙ විඳින දුක දන්නේ අපි තමා (නි)
ඇයි ඉතින් හොරෙන් යන්නේ? (නි)
ඕක ඕස්ට්‍රේලියාවේ විතරක් නෙමෙයි. ලෝකේ හොැම රටකටම ගියාම අපේ ලංකාවේ අය එහෙම තමයි. විසා නැතුව ඉන්න අයව ගණන් ගන්නේ හරියට අඩු කුලේ අය වගේ (නි)
යුරෝපේ රොබට් නොක්ස්ට ඒ කාලේ ඔරුව කැඩුණා කියලා ලංකාවට එන්න පුලුවන් නම් ඇයි අපිට අපේම මුහුදේ පිහිටා තිබෙන ඕස්ට්‍රේලියාවට යන්න බැරි. (නි)
දුක් විදලා හරි එහෙ ගියෙ ඔබලගෙ නැති බැරිකම නිසයි. එක අතකින් ඔබලත් වීරයො. ජීවිතේ ජය ගන්න දිවි පරදුවට තිබ්බා.නමුත් එහෙ ඉන්නෙ ලංකාවෙ මෝඩ අහංකාර මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙන් වැඩි හරියක් රට ගියෙ හොර සහතික හොර බැංකු ගිණුම් වාර්ථා දීලා. අද ඒවා ඒ මිනිස්සුන්ට මතක නැහැ (නි)
ඔව්. අපි නොදැක්කා වගේ තමයි යන්නේ.මොකද එයාලා මෙහෙ ඇවිල කියන්නේ ලංකාවේ නම කැත වෙන කතානේ. හරියට ආවා නම් ඕනෑතරම් මිනිස්සු ඉන්නවා උදව් කරන්න (නි)
පනින්න පෙර සිත බැලුවොත් නරකද? (නි)
මේ වගේ අය කරන මේ වැඩේ නිසා ලංකාවත් කල්ලතෝනි රටක් විදිහට ලෝකෙට ප්‍රසිද්ධ වෙන එකයි වෙන්නේ. (නි)
මොන දුකක් වින්දත්, අරමුණ ඉටුකර ගත්තානම් ලොකු දෙයක්. නැත්නම් ගෙවපු සල්ලි අපරාදේ. යන්තම් ගොඩ ගියා ඇති.(නදී)
මං කියන්නේ නම් යන්න කියලා. මෙහේ ඉදලා අනාගතය අදුරු වන එකේ රටින් පිටවන එක ලොකු දෙයක් (නි)
ඕස්ට්‍රේලියාවේ වැඩිපුර ඉන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන කොළඹ හයි කොමිෂන් එකේ පෝලිමේ ඉදලා ඒ රටට ගිය රටට ආදරයක් නැති ලක් මාතාවගේ ණය කාරයෝ. උන් ඔබලා වගේ අය දිහා බලන්නේ නැත්තේ සමහර විට ණය ආපසු ඉල්ලයි කියලා වෙන්න ඇති.(නදී)
මේගොල්ලෝ හොරෙන් මෙහෙට ඇවිත් රට විකුණලා බොරු කියනවා මදිවට මේ ගොල්ලෝ හිතන්නේ අපි බුලත් දීලා පිලි ගන්න ඕනා කියලද ? මේ විදිහට මේගොල්ලෝ එන එකෙන් මෙහෙ ඉන්න හරි විදියට සංක්‍රමණය උනු මිනුස්සු දිහා ඕස්ට්‍රේලියන් අය බලන්නේ වපර ඇහෙන්. අපිට කමක් නෑ ආවට හරි විදියට. අපේ රටට මේ විදියට ලැජ්ජා නොකර.(නදී)
ඕස්ට්‍රේලියාවේ ඉන්න අය මෙහෙ කරන රස්සාවල් ගැන ලංකාවට ගිහින් කියන්නේ ලොකු බොරුනේ. මම දන්න විදියට එහෙ ලොකු රස්සාවල් අපේ අය කීප දෙනයි කරන්නේ. ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ගියාට ගොඩක් අයගේ ඉංග්‍රීසි හොද නැති නිසා හොඳ රස්සාවල් ලැබෙන්නේ නැහැ. ගොඩක් අය ලංකාවේ අය එහෙ ඇවිල්ලා හැදෙනවට ඉරිසියයි. (නි)
උපුල්, නැති බැරිකම හින්දා එහෙම ගෙවල් දොරවල් උකස් කරලා යන්නේ.ඒ අසරණයන්ට පුළුවන් උදවුවක් කරන්න (නි)
උපුල්, මමත් හරි විදියට රට ගියපු කෙනෙක්.ඔබ හිතන්නේ ඔබ ගැන පමණි.ලංකාවේ ජීවත් වෙන්න පුලුවන්නම්,ගෙයක් හදාගන්න,දරුවන්ට හොදට උගන්වන්න,වාහනයක් ගන්න, මේ වගේ බලාපොරොත්තු නිසා තමා ලොකු අවදානමක් ගන්නේ.මංකොල්ල කනවට කොමිස් ගහනවාට වඩා මේක හොදයි කියලයි මම නම් කියන්නේ (නි)
උපුල් හරිම ආත්මාර්ථකාමී මිනිහෙක්. මම ඉතාලියේ දැන් අවුරුදු 14ක්. මම මෙහෙට හරි විදිහට සංක්‍රමණය වුනා කියලවත් මෙහෙ ඉගෙනගෙන ජොබ් එකක් කළා කියලවත් මෙහෙට මොනයම් හෝ විදිහකින් රස්සාවක් හොයාගෙන එන අපේ මනුස්සයෙක්ට කවදාවත් දොස් කියලා නැහැ.ඒක අපිට මදිකමක් කරගන්නෙත් නැහැ.ඔයාලා වගේ මිනිස්සු හිතන් ඉන්නේ දුප්පත් මිනිහා හැමදාමත් එහෙම්මම ඉන්න ඕනෑ කවදා හරි ඔයගොල්ලෝ ලංකාවට ආවහම ඔයගොල්ලන්ගේ වැඩටික කරගන්න කියලා.ඒකයි අපි හැමදාමත් 3 වෙනි ලෝකේ රටක් වෙන්නේ. (නි)
නූතන ඔස්ට්‍රේලියාව යනු ලෝකයේ විවිධ රටවල් වලින් සරණාගතයෝ ලෙස පැමිණි අයගෙන් සහ පිටුවහල් කරපු සිරකරුවන්ගෙන් ඇතිවුන රටක්. (නි)
උපුල්,හරි විදියට හෝ වැරදි විදියට ආවත් ඒ අය උත්සාහ කරන්නේ තමන්ට, තමාගේ පවුලේ අයට යහපත් හෙට දවසක් සොයා ගන්නටයි. ඔවුන් ගේ පසුබිම යහපත් නම් කළ යුත්තේ ඔවුන්ට උදවු කිරීමයි. ඔයා වගේ කැත හිත් තියන අය අනන්තවත් ඉන්නවා. තනියම රජ වන්න. අනේ ඔයාට කිසිම රෝගයක් වත් හැදෙන්න එපා. මොකද එදාට ඔයාට කවුරුත් නැති වනවා සිකුරුයි. (නි)
උපුල්ගේ අදහස හරි.ලෝකයේ හැම රටකම ඉන්න සංක්‍රමිකයෝ විශේෂයෙන් හොරෙන් ආව කට්ටිය පිළිවෙලකට හැසිරෙන්නේ නැති නිසා සංක්‍රමිකයන්ව තුට්ටු දෙකට දානවා සමහර රටවල්.පිළිකුලෙන් සැකෙන් බලන්නේ විජාතිකයන් දිහා. (නි)
උපුල් මහත්තයෝ, එහෙම කියන්න එපා. ඔයාලට කරන්න පුළුවන් උපකාරයක් කරන්න (නි)
අයියෝ සල්ලි (දී)