IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ඖෂධ ලියාපදිංචියට දුන් ලිපිගොනු 2100ක් ගොඩ ගැහිලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල  මහික වීරරත්න)

ඖෂධ ලියාපදිංචියට ජාතික ඖෂධ නියාමන  අධිකාරියට භාරදී තිබූ ලිපිගොනු   2100 ක්  එහි  ගොඩ ගැසී තිබී  සොයාගත් බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (7)  පැවසීය.

රජය බලයට පත්වීමෙන් පසු එම ලිපිගොනු නවසීයක් දක්වා අඩු කරගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රීනි  නීතිඥ  ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කරන බව පැවසූ අමාත්‍යවරයා ඖෂධ ලියාපදිංචි කිරීම වේගවත් කරන බවද සඳහන් කළේය.

නිසි පරික්ෂාව ඇතුව ඖෂධ ලියාපදිංචිය වේගවත් කරන බවද අමාත්‍යවරයා කීය.

ලියාපදිංචි නොකරන ලද සමාගම් කළ වංචා ගණනාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත්

ඒ ගැන පරීක්ෂණ කරගෙන යන බවත්  ඔහු සඳහන් කළේය.

ඊට පසු ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරි වසර දෙක තුන ඇතුළත ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරික්ෂා කිරීමේ විද්‍යාගාරයක් ඉදිකිරීමට ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව පැවසූ නලින්ද ජයතිස්ස මහතා මේ සඳහා රජයේ මුදල් යොදවීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඖෂධ ලියාපදිංචියට දුන් ලිපිගොනු 2100ක් ගොඩ ගැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මග නැගුමේ ස්කැවේටරයක් කළුගල් ව්‍යාපාරයකට යොදාගෙන
2025 අප්‍රේල් මස 30 102 0

මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා


ගමේ ඡන්දෙන් පස්සේ මැතිසබය රැස්වේ
2025 අප්‍රේල් මස 30 106 0

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම


කෝටි 3ක දේපල වංචා කළ හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 627 2

කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු


ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් මරැ කටට
2025 අප්‍රේල් මස 30 288 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


’’ආණ්ඩුව ජනතා බලාපොරොත්තු පුස්සක් කරලා’’
2025 අප්‍රේල් මස 30 194 3

ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම


ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්
2025 අප්‍රේල් මස 30 534 1

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 211 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 61 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1089 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site