බදුල්ල භද්‍රකාලි කෝවිලේ කාලි මැණියන්ට කිරි කළ පුජාව උත්සවාකාරයෙන් සිදුවිය.
බැතිමතෙක් එහිදී ඇගේ කටු ගසාගෙන යකඩ කොකු වලින් එල්ලී භාරයක් ද ඔප්පු කළේය.
බදුල්ල භද්‍රකාලි කෝවිලේ කාලි මැණියන්ට කිරි කළ පුජාව උත්සවාකාරයෙන් සිදුවිය.
බැතිමතෙක් එහිදී ඇගේ කටු ගසාගෙන යකඩ කොකු වලින් එල්ලී භාරයක් ද ඔප්පු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අැන්ඩෝට කටු ගහමු. මොකද කියන්නේ බලන්න. (ස)
පුදුමයි (හේ)
රුවන්, තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. කටු ගැසිල්ල ගැන ප්‍රායෝගිකව කාලෝ මහතා පැහැදිලිව ඔප්පු කර තිබුණා. ගිය අවුරුද්දේ මාර්තු මාසයේදි පමණ රජරට විශ්ව විද්‍යාලයේදීත් මේ ගැන කරලා පෙන්නුවා.(නි)
ඔය මනුස්සයාගේ රැකියාව දේවාල වල පුජාව ට කටුගසාගන ප්‍රදර්ශනය කිරීම . ඔතන කණ්ඩායමක් ඉන්නවා ඒකට ම සූදානම් වූ (ස)
සිංහලයන්ගේ හිරිහැර විදිහට මිනිසුන් නොමඟ යවන්න කොටි පාවිච්චි කළා මේ වගේ දේවල් (නි)
පුලුවන්නම් මේ දේ කරලා පෙන්වන්න.අර මල්ලි කරපුදේ හැල්ලු කරන්න කලින් ඔයාගේ තරම දන්නා ගන්න.බාලයෙක් වෙන්න එපා.මෙතැන ගොඩක් දෙනෙක් මෝඩ අදහස් දමල තියෙන්නේ (ස)
සරා, මට ඇත්තටම හිනා ගියා ඔයාගේ අදහස දැකලා.
අන්ධ භක්තිය අතින් ලංකාව සිටින්නේ ලෝකයේ පළමු ස්ථානයේ. (ස)
මිනිස්සුන් වදවේදනා ලබන විට සතුටුවන දෙවියන් සිටිය නොහැක (නි)
යුද්ධය පැවති කාලයේ ඇමරිකාවෙ පළවෙන සඟරාවක් මෙවැනි ඡායාරූපයක් පළකරමින් සිංහලයන් විසින් දමිළයන් ප්‍රසිද්ධියේ වධ බන්දනයට ලක්කරන ආකාරය යන්න හුවාදක්වමින් මුළු සිංහල ජාතියම දැඩිව විවේචනය කර තිබුණා. මෝහාන්දකාරයේ ගැලීසිටින තාක් මිනිසුන්ට විමුක්තියක් නම් නැත. (නි)
මේක තමයි දේව භක්තිය... (නි)
මේක ලොකු දෙයක් නෙමෙයි. ඕන කෙනෙකුට පුළුවන්. විද්‍යානුකුලව ඔප්පු කරලා තියෙනවා යම් ක්‍රමයකට කටුව ගැහුවම ඕක පුළුවන් කියල. මාස ගණන් පේවෙලා දුක් විඳින්න ඕන නැහැ. දොස්තර කාලෝ ෆොන්සේකා සහ දොස්තර කොවුර්ගේ වැඩ ගැන කියවා බලන්න. (ස)
ඔය වගේ දෙයක් මෙයිට ඉස්සරත් පෙන්නුවා දෙමළ අයට හිරිහැර කරන්නේ මෙහෙමයි කියලා.(නදී)
ආගම ධර්මය නිසා තමයි අද රටක සාමය සහ සහජීවනය සුරැකිව තියෙන්නේ. මොන විදියෙකින් හරි කමක් නෑ තවත් කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොවී ආගම, භක්තිය සහ විශ්වාසය වෙනුවෙන් එකට එකතුවෙලා කවුරු කවුරුත් සාමයෙන්, සහජීවනයෙන් ජිවත් වෙනවනම් කොච්චර හොඳද. (දිල්)
ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන දර්ශනයක් (නි)
ඇන්ඩෝ හරි. ඒත් මේවා පරණ කෝවිල් මට හිතෙන විදියට. මේ මෑතකදි සල්ලි හම්බ කිරීම අරමුණු කරගෙන බිහිවුණ ස්ථාන වලට ගිහින් සිද්ධ කරගන්න වින්නැහි බැලුවම මේවා මෙහෙම කරන එක ලොකු දෙයක් නේද? (නි)
අපි මේ දේවල් අගය කරනවා. (නි)
ඇන්ඩෝ ගේ අදහස හරියටම හරි. නමුත් දොස්තර කොවුර් නෙවෙයි. ආචාර්ය කොවුර් විය යුතුයි. මොකද ඔහු ගුරුවරයෙකු ලෙසයි ජීවිතය පටන් ගන්නේ. (ස)
දෙවියන් ගැන විශ්වාස තබමින් තමන්ටම වධ හිංසා පමුණුවාගෙන දෙවියන් යදින අය ඉතා ඈත අතීතයේ ඉඳලම ඉන්නවා. (දිල්)
එම තරුණයා හොඳ දේව භක්තිකයෙක්. (ස)
මොනවා කරන්නද? එක එක්කෙනාගේ විස්වාශයන් තමයි මේ, අපි කරන දේ යහපත් නම් ලැබෙන ප්‍රතිපලත් යහපත්. සත්‍ය ඕකයි. (ස)