මින් මාස එකහමාරකට පමණ පෙර ඉතාලියේ නාපෝලි නුවරදී අධිවේගී මාර්ගයක රිය අනතුරකින් මිය ගිය සුරංග ප්‍රසාද් හෙට්ටිආරච්චිට ලැබීමට නියමිත රක්ෂණ වන්දිය සම්බන්ධ කටයුතු රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය මගින් කර ගැනීම සුදුසු බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ඔහුගේ පියා වන දුම්මලසූරිය ලලිත් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් දුන්නේය.
විදේශ ලේකම් මෙම උපදෙස් දෙනුයේ එම රක්ෂණ වන්දිය ලබා දීමට ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික තැරැව්කරුවන් කීප දෙනකුම පියාගෙන් ඒ සඳහා බලය පැවරෙන ලියැවිලි ඉල්ලා සිටීම නිසා බව දැනගන්නට ඇත.
එක් තැරැව්කරුවකු පියාට කියා ඇත්තේ ලැබීමට ඇති මුදල රුපියල් ලක්ෂ 10ක් බවයි.
එහෙත් නඩුව අවසන් වීමටත් පෙර ගණන තීරණය කළේ කවුදැයි පියා ඔහුගෙන් අසා ඇත.
මෙවැනි අයට අසු නොවන ලෙසත්, විදේශ අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ගුණතිලක මහත්මිය හමුවී අවශ්‍ය ලියැවිලි ඉදිරිපත් කිරීමෙන් සතයක්වත් නොඅඩුව රක්ෂණ වන්දිය ලබා ගත හැකි බව විදේශ ලේකම් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉන්නේ ඊටත් වඩා කාක්කෝ.(නදී)
කොහොමද ලාංකිකයන්ගේ වැඩ? ලැජ්ජයි මට නම් (නි)
ඉතාලි වල ඉන්නෙත් ලංකාවෙන් ගිය කාක්කෝ. ලංකාවේ ක්‍රමය ගන්න බය වෙන්න එපා.(නදී)
අමුණුගම මහතා ඉතාලිය වෙනුවෙන් වෙන වෙහෙස අගය කරමි. කරුණාකර මෙම මුදල් මෙම අහිංසක පියාගේ අතටම ලැබෙන තෙක් ආරක්ෂා කරගන්න. මළකුනක් සොයා යන පිසාචයන් මෙන් කටයුතු කරන ලාංකිකයන් ගැන කනගාටු වෙන අතර මෙම 'මිනී කාක්කන්' සහ එම්බසිය අතරද බොහෝ සම්බන්දතා ඇත. මා දන්නා තරමින් මෙවන් විපත් සිදුවුණ ලාංකිකයන්ට කෝටි ගණනක මුදල් ලැබෙනවා. ඊට හේතුව මේ රටේ වාහනයක ජීවිත ආපදා රක්ෂණය රුපියල් කෝටි විස්සක පමණ උපරිමයකට යටත් නිසා. (නි)
මිනි කාක්කන් සිටින්නේ වැඩියෙන් අපේ ලංකාවේ තානාපති කාර්යාලයේ. එනිසා මෙය රාජ්‍ය මට්ටමින් කරන්න. ලංකාවේ මිනි කාක්කන්ටවත් තානාපති කාර්යාලයේ මිනි කාක්කන්ටවත් අත ගහන්න දෙන්න එපා. (නි)
මමත් ඉතාලියේදී රිය අනතුරක් වෙලා වන්දි ලබාගත් කෙනෙක්. මියගිය පුද්ගලයා නිවැරදි නම් හිතාගන්න බැරි ගානක් ලැබේවි. (නි)
මෙවැනි කාක්කන් ලාංකිකයින් ඉන්න සමහර විදෙස් රටවල ඉන්නවා. කාක්කා රටේ භාෂාව මැනවින් දන්නවා. කම්කරු නීතිත් ඉගෙන ගන්නවා. බලපත්‍රයකුත් ගන්නවා. රටේ කෙල්ලක් බැඳගෙන විසා එකත් තියෙනවා. තානාපති කාර්යාල මගින් පවත් වනු ලබන,උත්සව,ප්‍රදර්ශන ,වලට යන්නේ එන ලාංකිකයින් හඳුනා ගන්න. ලාංකික නිශ්පාදන අලෙවි කිරීමේ කඩයකුත් දමා ගන්නවා. වරදකට අසු උනොත් පොලීසියේ භාෂා පරිවර්තක හා වාර්තාව දෙන්නේ කාක්කා. වැඩපලකදී, රිය අනතුරකදී, වන්දිය ඇරන්දීමට බලය පැවරීමේ ලිපි අත්සන් කර දෙන්නේ චුදිතයා විසා නැතිව ඉන්න අයෙක් නිසා. කොලුවා හිරේට හෝ රටින් ආපසු එවයි. වන්දිය කාක්කා ගනියි. මොන වන්දිද මල්ලී. මල්ලිගෙනෙ වැරැද්ද. ඔහොම හරි බේරුනේ මම හින්දා. කාක්කා අන්තිමේ පිළිතුරු දෙයි.(නදී)
අනේ මෙහෙමත් ජඩයන් පිරිසක්. මම මීට පෙරදීත් අවධාරණය කළා මේ වගේ පල් හොරෙක් ඉතාලියේ වෙරෝනා වලත් ඉන්නවා. ලංකාවේ අයෙකුගේ රිය අනතුරකදී තමන් එකම ඥාතියා කියල ඉතාලි පොලිසියෙන් අවසර අරන් රිය අනතුරට ලක්වූ පුල්ගලයන්ගේ වාහනයේ තිබුණු මුදල් පසුම්බි පවා හොරකම් කරලා තිබුනා. මේ අය දිවය ලෝකේ ගියත් තමන්ගේ ජඩ පුරුදු අත අරින ජාතියක් නම් නෙමේ.(නදී)
ලංකාවේ වරද නෙවෙයි. මිනිස්සුන්ගේ ජරා ගති. කොහේ ගියත් පුරුද්ද ඇත.(නදී)
ඉතාලිය කියන්නේ පුරාන කාලයේ සිට මාෆියා සංවිධාන තිබු රටක්. දැන් එම රටේ ලොකුම මාෆියාව ලංකාවේ අය කරන්නේ. මෙහි ජිවත් වන අපි තමා මෙය මැනවින් දන්නේ. සල්ලි වෙනුවෙන් ඕනෑම පහත් වැඩක් කරන ලාංකිකයන් ඉන්නා රටකි අපේ ඉතාලිය. ඉතින් මෙම මැරුන මිනිසාගේ සල්ලි ගැන මොන කතාද? (නි)