මව සහ දියණිය විවාහ කර ගැනීම, පළමු කසාදය වසන් කිරීම යන චෝදනාවලට වරදකරු වූ රියදුරකුට අවිස්සාවෙල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී එම් ඒ සෙනවිරත්න මහතා බරපතල වැඩ සහිත මාස තුනක සිර දඩුවමක් නියම කැර එය පස් වසරකට අත්හිටැවීය.
අගතියට පත් පාර්ශ්වයට රුපියල් 75000ක වන්දියක් ගෙවීමට ද නියම කැරිණි.
මෙසේ දඩුවම් නියම වූයේ කොස්ගම කුකුළු ගොවිපොළක දැරණියගල නිරෝෂන් දසනායක (29) නම් රියදුරාටය.
දකුණු ඇස්වත්තේ පදිංචි 44 හැවිරිදි වැන්දඹු මව 2009 වසරේ ගැටහැත්තේ දී විවාහ කරගෙන, ඊට පසුව 2012දී 20 වැනි වියේ පසුවූ ඇගේ දියණිය දැරණියගලදී විවාහ කරගැනීමෙන් බහු විවාහයක් කර ගැනීම මත අවිස්සාවෙල්ල පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සේනාරත්න මහතා ඔහුට එරෙහි නඩු පැවරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණුන්ගේ නුවණ හැඳිමිටේ කියන්නේ මේකනේ. නැත්නම් මේ 21 වෙනි ශත වර්ෂයේ මේ විදිහට රැවටෙයිද?(නදී)
අම්ම කියන උත්තරීතර ගැහැණිය බුද්දිමත් නොවුනොත් මේවගේ දේවල් වෙනවා, කොල්ලටවත් කෙල්ලටවත් බැනල වැඩක් නැහැ. මොකද අම්මගෙයි වරද. විනාශ කලේ විපරීත බුද්දිය. දරුවෝ දහම් පාසල් යවන්න. ධර්මය කියල දෙන්න. පසුව ලොකු මිනිහෙක් කරන්න.(නදී)
එහෙමනම් කුකුළා කොටුව පැනලා.(නදී)
තනි අතින් අප්පුඩි ගහන්න බැනේ. කාන්තාවනි විවාහයට පෙර ඔහු ගැන හොදට හොයා බලන්න. නැතුව මේවගේ මෝඩ නොවී. තම ආරක්ෂාව තමන් සතුයි.(නදී)
රටක් ආර්ථික අතින් අකණ්ඩව පිරිහීගෙන ගියත් එය නොබෝ කලකින් ගොඩගත හැක. නමුත් සාරධර්ම වටිනාකම් හැගීම් දැනීම් අතින් පිරිහුනොත් ඉතා කේදනීයයි. ලංකාව දැන් පත්වේගෙන යන්නේ ඒ තැනට වගේ.(නදී)
කොටන කුකුලට කොහෙත් එකයි.(නදී)
රටක පිරිහීම පැතිකඩක් , නුගත් කම ,නීතියට ගරුනොකිරිම ,දුත්පත් කම . (ත)
තව ටික කාලයක් මිනිහට එළියේ ඉන්න දුන්නනම් අම්මව දුව ගත්ත එකේ මිනිපිරියත් ගන්න තිබුන . ශ්‍රී ලන්කන් බහු බුත .(නදී)
මේ කතා අහද්දී රන්ගි, අංග හිරි වැටිලා නතර උනොත් ඇති.(නදී)
පුදුම කාලයක් තමයි මේක. අම්මෙක් , දුවත් එක්ක එක කොල්ලෙක් බදිනවා.(නදී)
මේවට ගැහැනු එකඟවෙන එකනේ පුදුමේ!(අ)
මෙයා හොඳ වැඩකාරයෙක් නේ.(අ)
අදහන්න ඕනේ පුද්ගලයෙක්නේ තව අයව බැඳලද දන්නැහැ මටත් මෙයාගේ යහළුවෙක්වෙන්න ඇත්නම්?(නදී)
මිනිහා තනියම කුකුල් කොටුවක් පටන්ගන්න හිතලා වගෙයි.(නදී)
වැඩකරුවෙක්.(නදී)
ඇග හිරිවටෙනවා මේවා කියවද්දී? අහන්නත් අප්පිරියයි. දැන් දැන්,,, ජීවත් වෙන්නේ මිනිසුන් නෙමේ යි. ලංකාවේ තිරිසනුන්. තිරි සනාටත් තියනවා ඔවුන්ට ආවේනික ඌ ජීවන රටාවක්.(නදී)
මම මැද පෙරදිග වසර 4 හිටියා ලංකාවේ එක පිරිමි කෙනෙක් අම්මාව දුවව දෙපාරකට බැදලා ලොකු දුවගේ අවුරුදු 12 ගෑනු ළමයාව දුෂණය කරලා තිබුණා. මිනිහා දැන් ඉතාලියේ මේවට වැරදි අම්මලා. තමුන්ගේ හැගීම් පාලනය කරගන බැරිව ළමුන්ගේ ජීවිතත් නැති කරනවා. මැදපෙරදිග ගිය කාන්තාවන් අතර ඔය වගේ දේවල් සුලබයි.(නදී)
අම්මටට දඩුවම් කළ යුතුයි අම්මට වඩා අවුරුදු 14ක්ම බාල කොල්ලෙක්ව බැදලා හිටියට.(නදී)
කුකුල් ගොවිපලෙන් ලැබුන අත්දැකීමක් වෙන්න ඇති.(නදී)
අර කතාවකුත් තියෙනවා නේද කුකුලා හැම කිකිලියකමට කොටනවා කියලා ඉතින් මේ කුකුළු කොටු රියදුරාටත් ඒ පුරුද්ද තියෙන්න ඇති.(නදී)
මෙයා හොඳ වැඩකාරයෙක් නේ.(නදී)