IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොංග්‍රසය පරාජය පිළිගනී

ඉන්දියා මැතිවරණයේ පළමු වටයේ ප‍්‍රතිඵල වලින් භාරතීය ජනතා පක්ෂය අති බහුතරයකින් ජය ලබා ඇති බව පෙනී යෑමත් සමග තමන් පරාජය පිළිගන්නේයැයි බලයේ සිටි කොංග‍්‍රස් පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
‘‘මෝඩි ඉන්දියා ජනතාව වෙත හද හා තරු ගෙනත්දෙනවායැයි පොරොන්දු දුන්නා.ජනතාව එම සිහිනයට වහ වැටිලා කියලා පේනවා‘‘ යැයි කොංග‍්‍රස් පක්ෂ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙම සතිය මුල පටන්ම නිකුත්වුනු විවිධ සමිීක්ෂණ වාර්තා වලින් භාරතීය ජනතා පක්ෂය ජයගනු ඇති බව දැක්වුනි.නමුත් එය කුමන පරිමානයේ ජයග‍්‍රහණයක්දැයි අනාවරණය වූයේ 930000 ක් ඡුන්ද මධ්‍යස්ථාන වලින් ලබාගත් ලක්ෂ 15 කට අධික ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ උපකරණ වල සටහන්ව තිබූ ඡුන්ද ගණනය කිරීමෙනි.මෝඩි ගේ මැතිවරණ ව්‍යාපාරය කොංග‍්‍රස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සෝදා පාලූවට ලක්කර ඇති බවක් ඡුන්ද ගණනය කිරීමේදී පැහැදිලිවම පෙනී ගියේය.
පස්වරු එක වන විටදී ඉන්දියා මැතිවරණ කොමිසම නිකුත් කළ ඡුන්ද ප‍්‍රතිඵලයේ පාර්ලිමෙන්තුවේ ආසන 543 න් 312 ක් භාරතීය ජනතා පක්ෂය ලබාගෙන ඇති බවත් කොංග‍්‍රස් පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 71 පමණක් බවත් දැක්වුනි.එය ඉන්දියා ඉතිහාසයේ එදා මෙදා තුර නොවූ පරිදි කොංග‍්‍රස් පක්ෂය දරුණු ලෙස තම ප‍්‍රතිවාදිියාට පරාජය වීමකි.
තවත් ප‍්‍රාන්ත කිහිපයක ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීමටද නියමිතව තිබේ.
දේශපාලනික විචාරකයින් පවසන්නේ කොංග‍්‍රස මුල සිටම තම මැතිවරණ ව්‍යාපාරය ‘‘ඇණ’’ ගැනීම මෙවන් පරිමානයේ පරාජයක් ඔවුනට අත්වීමට හේතුව බවයි.රාහුල් ගාන්ධි කොංග‍්‍රස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටියත් පක්ෂයම එය එසේ නොවනු ඇතැයි පවසා සිටීම ප‍්‍රධානතම හේතුව බව ඔවුහු කියති.
තවද කොංග‍්‍රස් පක්ෂය කි‍්‍රයාත්මක කළ ආර්ථික ප‍්‍රතිපත්තීන් හමුවේ පීඩාවට පත්ව සිටි ඉන්දියා ජනතාව මෝඩි ඉදිරිපත් කළ නව ආර්ථික ප‍්‍රතිපත්තීන් වැළදගෙන ඇති බවක් පෙනෙන්නට තිබේයැයි ඔවුහු පවසති.
1989 සිටම ඉන්දියාවේ තනි පක්ෂයක් බහුතර බලයක් හිමිකර ගැනීමට සමත්වී නොමැත.මෙනිසා මෙම ජයග‍්‍රහණය භාරතීය ජනතා පක්ෂයට ඉතා වැදගත් අවස්ථාවකි.තේ වෙළෙන්දෙකුගේ දරුවෙකු ලෙස ඉතා දිළිදු පවුලක උපත ලැබූ මෝඩි දැන් ඉන්දියාවේ අගමැති පුටුව හෙබවීමේ බලය ලැබ සිටී.දිනා ගෙන ඇති අති බහුතර බලය ඔහු ජනතාවට පොරොන්දුවූ නව ආර්ථික ප‍්‍රතිපත්තීන් කි‍්‍රයාත්වට නැංවීමට මහගු රුකුලක්ම වනු ඇත.
මෝඩි කි‍්‍රයාවට නැංවීමට යන ප‍්‍රතිපත්තීන් කවරේද?
ආර්ථික
මෝඩි තම මැතිවරණ ව්‍යාපාරය දියත් කළේ සංවර්ධනය මත පදනම් කරගෙනය.නව ආයෝජකයින්ට ඉන්දියාව විවෘත කරන බව පැවසූ හෙතෙම ආයෝජකයින්ට සීමා නොපමුනුවන බව පැවසීය.මෙය ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තර තලයේද ප‍්‍රසාදයට ලක්වූ කරුණකි.
විදෙස් සෘජු ආයෝජන වලට අවස්ථාව ලබා දෙනු ඇති වුවද ඒ රැුකියා අවස්ථා උපදවන ඒවාට පමණක් බව ඔහු පැවසීය.විදෙස් රටවල පිහිටි සුපිරි වෙළද සංකීර්ණ ජාලයන් වැන්නන්ට ඉන්දියාවේ ඉඩක් නොමැති වන බව මින් පෙනෙනන්ට ගත්තද පසුව ඔහුම ප‍්‍රකාශ කළේ මෙහි යම් යම් වෙනස්කම් අනාගතයේදී සිදුකරන බවයි.
සංස්කෘතිකමය
දැඩි හින්දු භක්තිකයෙකු වන මෝඩි හින්දු ආගම වෙනුවෙන් වැඩිපුර කැපවීමේ ලකුණු පෙනෙන්නට ඇත.
රාම් නම් හින්දු දෙවියාට පුදකෙරෙන දෙවොලක් උත්තර ප‍්‍රදේ්ශ් හි ඉදිකිරීමට සැළසුම් කර තිබෙන අතර එම දෙවොල ඉදිකෙරෙන ප‍්‍රදේශයේ පෙර ඉදිකර තිබුණේ මුස්ලිම් පල්ලියකි.1992 වසරේ හින්දු හා මුස්ලිම් ආගමිකයින් අතර ගැටුම් උත්සන්න වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පල්ලිය විනාශ කෙරුණි.විවිධාකාරයේ ආගමික සමාජයන් පිළිපදින ඔවුන්ටම ආවේණික සාම්ප‍්‍රදායීක නීති පද්දතීන් බල රහිත කර පොදු නීති පද්දතියක් හදුන්වාදීමටත් භාරතීය ජනතා පක්ෂය ප‍්‍රති්ඥා දී තිබේ.කාෂ්මිීරයට විශේෂ තැනක් ලබාදෙන පරිදි ව්‍යවස්ථාවට අන්තර්ගත කර ඇති 370 වැනි වගන්තියද සංශෝධනය කිරීමට භාරතීය ජනතා පක්ෂය කටයුතු කරනු ඇත.
විදෙස් ප‍්‍රතිපත්තීන්
බොහෝ දෙනා විශ්වාස කරනුයේ මෝඩි බටහිරට වඩා පෙරදිග රටවල් වන ජපානය සිංගප්පූරුව ඉන්දුනීසියාව වැනි රටවල් ළගින් ඇසුරු කරනු ඇති බවයි.
2005 වසරේදී මෝඩිට ඇමරිකාවට ඇතුල්වීමට අවසර ලබා නොදීමට එරට බළධාරීන් කි‍්‍රයා කළේය.මෙනිසා දැන් මෝඩිගේ බලය ඇති අනාගත ඉන්දියාව ඇමරිකාව හා කෙසේ ගනුදෙනු කරනු ඇත්දැයි කිසිවෙකුත් නොදනී.
පකිස්තානය සමග සබදතා
1999 වසරේ භාරතීය ජනතා පක්ෂයේ නායක හා අගමැති අතල් බිහාර වජ්පායි කළාක් මෙන් මෝඩිද පකිස්තානය වෙත මිත‍්‍රත්වයේ දෑත් දිගුකරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.එවක පකිස්තාන අගමැතිව සිටි නවාස් ෂෙරීෆ්ම වත්මන් පකිස්තාන අගමැතිවරයා වීම මෙය වඩාත් පහසු කරවනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.
නමුත් මෝඩි හා ඔහුගේ උපදේශකයින් මැතිවරණයට පෙර සිටම පකිස්තානයට එරෙහිව දැඩි පියවර ගතයුතුව ඇතැයි ප‍්‍රකාශ කිරීමේ යෙදුණු බව අමතක කළ යුතු නැත.
බි‍්‍රතාන්‍යය හා ඉන්දියාව
ඇමරිකාව මෙන් බි‍්‍රතාන්‍යයද මෝඩි විරෝධි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළත් 2012 වසරේ මෝඩිගේ නැගිටීම දුටු ඔවුන් තම ප‍්‍රතිපත්තීන් වෙනස් කිරීමට කටයුතු කළේය.මෝඩිගේ නායකත්වය යටතේ වන ඉන්දියාවේ නව ආයෝජන අවස්ථා ලබා ගැනීමට බි‍්‍රතාන්‍යයට මාවත පැදී තිබේ.
ජාතීන් අතර සබදතා
මුස්ලිම් ජාතිකයෝ බොහෝ දෙනා මෝඩි විශ්වාස නොකරති.2002 වසරේ ගුජරාට් ප‍්‍රාන්තයේ සිදුවූ මහා මිනිස් සංහාරයට ඔහු වගකිවයුතුයැයි ඔවුහු විශ්වාස කරති.
නමුත් මැතිවරණ වේදිකාවේදී මෝඩි නැවත නැවත ප‍්‍රකාශ කළේ ඉන්දියාවේ සංවර්ධන කටයුතු කි‍්‍රයාවට නැංවීම සදහා ජාතීන් අතර සහායෝගය ඉතා වැදගත් වන බවයි.මෙනිසා නැවත ජාතිවාදී හා ආගම්වාදී කෝළහාලයන් ඉන්දියාවේ ඇතිවීමට මෝඩි ඉඩනොතබනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසයෙන් සිටී.

 



අදහස් (0)

කොංග්‍රසය පරාජය පිළිගනී

ඉන්දික Saturday, 17 May 2014 03:26 PM

ඉන්දියාවේ එහෙම අවංකව පිලිගත්තට, අපේ නම් කිසිම දිනක පැරදිලා නැහැ. මොකක් හරි බයිලා එකක් කියනවා. අනිත් එක අලුත් ආණ්ඩුව අපු දවසේ ඉඳල කරන්නේ අයෙත් බලය ගන්නේ කොහොමද කියල බලන එක. මිනිස්සුන්ටත් මේවා අහල ඇතිවෙලා. එතකොට සමහර ඒවා ඇත්ත උනත් ගණන් ගන්නේ නැහැ. (අ)

:       0       0

නාලක බස්නායක Saturday, 17 May 2014 03:27 PM

ඉන්දියාවේ කොන්ග්‍රසය පරාජය පිළිගත්තත් . අපේ ලංකාවේ පරාජය වන සියලු දෙනාම කියන්නේ ඔවුන් ලොකුම දිනුම ලේබුවා කියා . දිනපු පක්ෂය අන්ත පරාජයක් ලේබුවා කියා . මොනවා හෝ හේතුවකුත් පෙන්වනවා . ඉන්දියාවේ එහෙම වෙන්නේ නෑ (අ)

:       0       0

සාම Saturday, 17 May 2014 03:29 PM

ඉන්දියාවේ කොම්පිටෙර් ජිල්මාට් තිබුනේ නැද්ද? (අ)

:       0       0

ට්‍රිෙයා්නි Saturday, 17 May 2014 06:09 PM

අපේ කට්ටිය කරනවා වගේමයි බලනකොට ඉන්දියාවේ කට්ටිය කරන්නෙත්. අපිව කොපි කරලවත්දෝ කියල හිතෙනවා මට.(නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 17 May 2014 12:16 PM

මොනව වුණත් ඡන්ද කොමසාරිස් රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරලා තියෙනවා, (අ)

:       0       0

මංජුල Saturday, 17 May 2014 01:25 PM

මෝඩි කියන්නේ දැඩි හින්දු භක්තිකයෙක්, හින්දු දහමට මුල් තැන දෙන කෙනෙක් වගේම අන්තවාදයට,ව්‍යාප්තවාදයට වැට බඳින දැඩි පුද්ගලයෙක් විදියට ප්‍රසිද්ධයි. මේ නිසා ඉන්දියාවෙ විතරක් නෙවෙයි ලංකාවෙත් සමහර ජනතාව මෝඩිට විරුද්ධයි. මේන්න මේ කාරණය නිසා තමයි හින්දු මිනිස්සු අති බහුතරයක් එක්ක මෝඩිව ජයග්‍රහණය කෙරෙව්වේ. හින්දුන් තමන්ගෙ ආගමට මුල් තැන දෙනවා. හබැයි මේ වගේ කෙනෙක් ලංකාවෙ ඉදිරිපත් උනොත්, මේ මොන ජාතිවාදියෙක්ද කියල අපේ අයව ඔහුව ප්‍රතික්ෂේප කරනවා. අන්න ඒක තමයි අපිට හරි නොයන හේතුව.*(නදී)

:       0       0

පහන් Saturday, 17 May 2014 01:39 PM

මංජුල හරි. මෝඩි නෙමේ මෙතුමාගේ නම මෝදි ඉංගිරිසියෙන් ලියනකොට එහෙම උනාට ඉන්දියානුවන් උච්චාරණය කරන්නේ මෝදී කියලා.(නදී)

:       0       0

මංජුල Saturday, 17 May 2014 02:05 PM

ඔව් පහන්....ඉන්දියානු රූපවාහිනී සේවාවල දැන්වීම් වලත් කිව්වේ මෝදි කියල තමයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 17 May 2014 02:25 PM

බලය ලබාගන්නකම් වේදිකාවල මොර දෙන ඒවා බලය ලබාගත්තට පස්සේ වාලංගු නැහැ.ඊට පස්සේ යථාර්තයට මුණ දෙන්න ඕන.හැම පැත්තම බේර ගන්න ඕන.ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න ඕන.බලය රැක ගන්න උප්පරවැට්ටි දාන්න ඕන.මේවා මෝඩිටත් වලන්ගුයි.කට්ටිය නැති බිල්ලෝ මවන්න හැදුවට බලය ලබා ගත්ත ඒකාට තමන්ට අවශ්‍ය විදියට බලය පාවිච්චි කරන්න මොන රටකවත් බැහැ.ජයලලිතා ඉන්දියාවේ අගමැති උනත් එච්චරයි.එහෙනම් එයා දැන් කරනවට වඩා ගොඩක් වෙනස් විදියට අපිත් එක්ක ගනුදෙනු කරවී..අකමැති වුණත් එහෙම කරන්න වෙනවා.අගමැති උනා කියල දෙමල උනා කියල තමල්නාඩුවේ මිනිස්සු කියන නිසා කියල ලංකාවට ගහන්න හමුදාව එවන්න එයාට බැහැ.කරන්න ආස උනත්..ඒක තමයි යථාර්තය.මෝඩිත් අපිත් එක්ක සාමාන්‍ය විදියට ගනුදෙනු කරාවි..ඕනනම් අනික් කට්ටිය දාපු බලපෑම් එයත් දමාවි..එතනින් එහාට එයත් යන්නේ නැහැ.යන්නත් බැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2728 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1966 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2837 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2869 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 652 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1292 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site