තවත් ආසන හතක ප්‍රථිපල නිකුත් වීමට තිබියදී ඉන්දීය මැතිවරණයේ අලුත්ම තත්ත්වය
භාරතීය ජනතා පක්ෂය ආසන 312
පාළක කොංග්‍රස් පක්ෂය ආසන 71
වෙනත් පක්ෂ 153
ඡන්ද දායකයින් පිරිසක්
තවත් ආසන හතක ප්‍රථිපල නිකුත් වීමට තිබියදී ඉන්දීය මැතිවරණයේ අලුත්ම තත්ත්වය
භාරතීය ජනතා පක්ෂය ආසන 312
පාළක කොංග්‍රස් පක්ෂය ආසන 71
වෙනත් පක්ෂ 153
ඡන්ද දායකයින් පිරිසක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
පසුගිය දිනෙක තමිල්නාඩුවේ මැතිවරණ රැස්වීම් කීපයකදී නරේන්ද්‍ර මෝඩි විසින් ශ්‍රී ලංකාවට දබර ඇඟිල්ල දක්වමින් කියා තිබුනේ තමන් බලයට පත් වූ විට දෙමළ ප්‍රශ්නය දෙස තියුණු ලෙස බලා කටයුතු කරන බවත් ලොව පුරා පැතිරී සිටින දෙමළ ජනයා ආරක්ෂා කිරීම ඉන්දියන් රජයේ වගකීම බවත්ය. විශේෂයෙන් ධිවරයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කරන හිරිහැර ගැන තමා දැඩි අවධානයෙන් සිටින බවද කියා ඇත. මෙසේ ඔහු කිවේ තමිල්නාඩුවේ චන්ද වෙනුවෙන් යයි සිතිය හැකි වුවත් ඉන්දියාවේ මැතිවරණවලදී වූ පොරොන්දු ඉටු නොකළහොත් වැඩ වරදින බව කවුරුත් දන්නා නිසා නරේන්ද්‍ර මෝඩි විසින් ලංකාවට බලාපොරොත්තු නොවූ අහිතකර බලපෑමක් ඇති කළ හැකිය. (ස)
මෙය ලංකාවට අවාසි සහගත තත්වයක්. කොංග්‍රසය ලංකාවට පක්ෂ පක්ෂයක්. නමුත් හින්දු දැඩි මතධාරී මෝඩි ගෙන් ලංකාවට අවාසි සහගත බලපෑමක් එල්ල වේවි. (ස)
ඔය හැම කෙනාම අපිට වරදිනකල් තමයි බලන් ඉන්නේ. (ස)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මේ දෙයට තමයි. අසල් වැසි රටවල් සමග එකට ඉන්න බැරිව රටක් හරියට පාලනය ගෙනියන්නේ කොහොමද? (ස)
අනේ ඉන්න මහත්වරුනි ඔබාමා දිනපු වෙලේ කීයක් කිව්වද? (මුදී)
ලෝකෙ ඉන්න උගත්ම අගමැතිත් ඉන්න පක්ෂය ගෙදර යවන්න ඉංදියාවේ ජනතාව තීරණය කළා.අපි හැමදාම කිව්වෙ ඉංදියාවෙ ඉන්නෙ ලංකාවෙ අයට වඩා උගත්කම අඩු පිරිසක් කියලා. ඒ කතාව වැරදියි කියලා දැන් හිතෙනවා. (ස)
බටන්ගලගේ කථාවට මමත් එකඟයි. ගාන්ධි පවුල බලයේ සිටීම ඉන්දියාවට කෙසේ වෙතත් ලංකාවට වාසි සහගතයි. ගාන්ධිවරු පැහැදිලිවම එල් ටී ටී ඊ වීරෝධී. මොකද එල් ටී ටී ඊ ය සමග ඔවුන්ට තිබූ පෞද්ගලික ප්‍රශ්නය නිසා.නමුත් ඔවුන්ට වැනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිදු වූයේ දකුණු ඉන්දියාවෙන් ආපු බලපෑමට ජයලලිතාගෙ සහය නොමැතිව ආණ්ඩු බලය රැකගැනීමට නොහැකි නිසා.නමුත් මෝඩිට එල් ටී ටී ඊ එක සමග පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ඔහු දැඩි හින්දු මතධාරියෙක්. ඔහු ලංකාව සම්බන්දයෙන් කෙසේ ක්‍රියා කරාවිද කියන එක ගැටලුවක්. (ස)
මොනවා වුණත් කොංග්‍රසය හොඳයි වගේ (මුදී)
බී පි - ශක්තිමත් බව පේනවනේ දකුණු - බස්නාහිර ප්‍රතිපල වලින්. දැන් ඔය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු පවා එලියට ඇවිත් කරන ප්‍රකාශ වලින් ඔප්පු වෙන්නේ මගේ ප්‍රාර්ථනය හීනයක් නොවෙන බවයි. ඕනෑම රජයක් ජනතා මතයට යටත්. (මුදී)
ලොව ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දියාවට ඇත්තේ එකම එක් විදේශ ප්‍රතිපත්තියකි . එය එක අගමැති කෙනෙක් ගෙන් තවත් කෙනෙකුට වෙනස් නොවේ.ඉන්දියාව විසින්ම අපරට තුල ඇතිකළ ඇතැම් දේ නිසා, අද ඉන්දියාවට සිදුව ඇත්තේ අප සමග යාප්පුවෙන් සිටීම පමණි.එසේ නොවන්නේ නම් ලංකාවට චීනය දෙසට වඩාත් ලංවන්නට සිදු වන්නේය .(මුදී)
අලුත් පිබිදීමක් ඇතිවෙනවා නම් අපිත් කැමතියි (නි)
චීනයට තව ළං වෙන්න දෙයක් නැහැ. ළං වෙලා නිසා වෙලා තියෙන හරිය පේනවනේ. (නි)
නරේන්ද්‍ර මහතාගේ ජයග්‍රහණය අප රටට කිසිම විදිහකින් අහිතකර බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම ඉන්දියාවේ තනිපක්ෂයකට මේසා බලයක් ලැබීම කොන්ග්‍රස් පක්ෂයේ අච්චාරු ප්‍රතිපත්තිය නිසා වූ බව පැහැදිළිය. අපේ රට වෙනුවෙන් වැනි වැනි ගත් තීරණ.. කරන ලද ප්‍රකාශ, ජයලලිතාගේ සිත දිනාගෙන තමිල්නාඩු චන්ද ගැන පමණක් බලාගෙන ප්‍රතිපත්ති වෙනස් කිරීම වැනි දේ නිසා කොන්ග්‍රස් පක්ෂය ආසන 44 කට බැස්සා. ප්‍රාන්ත රාජ්‍යයක් වන තමිල් නාඩුවේ ජයලලිතා මෙනෙවිය ආසන 39 කින් ආසන 35 ක්ම ජයගත්තා. කොන්ග්‍රසය ප්‍රාන්ත රජ්‍යයකගේ තත්වයක ප්‍රතිපලයකුයි පෙන්වුවේ. නව අගමැතිවරයා අපේ රට වෙනුවෙන් මන්මෝහන් සින් පෙන්වූ දෙබිඩි පිළිවෙතට වඩා මානව හිතවාදීව බලන බව එතුමාගේ දේශපාලන ජීවිතය ගැන බලද්දී පැහැදිළිය. (දී)
ශ්‍රී ලංකාවෙත් වෙනසක් ළඟදීම .නරේන්ද්‍ර මුඩිට සුබ පැතුම් .(දිල්)
ගමගේ මහත්තයාට දේශපාලනය තව ටිකක් ඉගෙනගන්න වේවි වගේ.හරි හරි අපි ඉන්දියාවේ විදියට ලංකාවේ වෙනකම් බලාගෙන ඉඳිමු. (නි)
ලංකාවට අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධයන් ආරක්ෂා කරන රජයක්. (ස)
නාරද ,ඔබ හරි . (ස)
ඔයා හරි සෆ්රාස්.නරේන්ද්‍ර මෝඩි සුළු ජාතින් හොඳින් හඳුනන නිසානේ ගුජරාට් ප්‍රාන්තයේ මහා ඇමති ලෙස, එවකට එහි ඇති වූ මුස්ලිම්, හින්දු ගැටුම් නතර කිරීමට උත්සාහ නොගත්තේ. (නි)
කවදාවත් ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය ලංකාව සම්බන්ධයෙන් ආපසු නම් හැරෙන එකක් නැහැ. (නි)
ලංකාවට කිසිම වෙනසක් වෙන්නේ නෑ.ඕන නම් කටින් චන්ඩි පාට් දමාවි.අපේ වැඩ ටික අපි හරියට කරගෙන යමු. (ස)
ජනතා ආධිපත්‍යය ගැන දොඩවන අපේ අයියලාට මේක හොඳ පාඩමක්. මොකද ආධිපත්‍යය ගැන කියන අයගේ ආධිපත්‍යය සීමාව ඉක්මවා ගිහින්. (ස)
මේක අපේ ජයග්‍රණයක්. මෝඩි ට ඇමෙරිකාව සහ එංගලන්තේ වීසා දුන්නේ නැති බව ලෝකෙම දන්නවා . අපේ ජනපතිට සුබ පැතුම්.(ස)
කට්ටියම වල්මත් වෙලා වගෙයි..සිහින සැබෑ වේවා කියල පතනවා..එත් මේක ඉන්දියාව නෙමෙයි ශ්‍රී ලංකාව..කොන්ග්‍රස් එක වගේ අනුන්ගෙන් යැපෙන ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ, හොඳ ශක්තිමත් රජයක්..හීනෙ සැබෑ වෙන්න කලින් මහත්තය ඇහැරේවිද කියන එකයි ප්‍රශ්නේ..මොකද ඔය හීනෙ සැබෑ වෙන්න තව සැහෙන කාලයක් යාවි. ......හැමෝටම කොටි ගැන අමතවෙලා නේද ඉන්නේ (ස)
වෙන පක්ෂ වලට සක්ක ගහල බලය ලබා ගන්න දේශපාලකයින්ට මෝඩි හොඳ පාඩමක් උගන්වල තිබෙනවා. ඉන්දියාවේ පවුල් බලය ඉවරයි. (ස)
ගාන්ධි පවුලේ මොන හොඳක්ද ? කොටි සංවිදානය බිහි කලෙත් ඔය කට්ටියමනේ.අපේ ජේ ආර් උන්නැහේ ගාන්ධි හාමිනේට සවුත්තු විහුලු කලා උතුරේ කොල්ලෝ ගෙන්නාගෙන රහසේ ෆුහුණු කලානේ.අන්තිමට එයාලත් හොඳ පරිප්පුවක් කාල අපිටත් බෙදුව. ජයලලිතා මුළු ඉන්දියාවම නැටෙව්ව නිසා වෙන්න ඇති මෝඩි එයාව පැත්තකට දැම්මේ.බලමු අලුත් ආණ්ඩුව මොකද කරන්නේ කියා. (ස)
ඉන්දියාවේ ඕනෑ කෙනෙක් බලයට ආපුදෙන්. ලංකාවේ අපි එකමුතුව ශක්තිමත් නම් අපිට බයවෙන්න දෙයක් නැහැ. (නි)
ඉන්දියාවේ මොන පක්ෂය දිනුවත් එරට විදේශ ප්‍රතිපත්ති වෙනස් වේවි කියල හිතන්න බෑ. (ස)
දැන් වත් ජයලලිතාට ඕන විදියට නටන්නේ නැති ආණ්ඩුවක් හැදුනොත් හොඳයි. (නදී)
අපගේ උණුසුම් සුබ පැතුම්. දකුණු ඉන්දියානු දේශ පාලකයන්ට නැටවිය නොහැකි ශක්තිමත් රජයක් ඉන්දියාවේ තිබීම අපට සතුටක්.(නදී)
මෙම උපාය මාර්ගය අපට හොද ආදර්ශයක්.(නදී)
මම හිතනවා ඉන්දියාවේ අලුත් ආණ්ඩුව ලංකාවට වාසියකට වඩා අවාසියකට හේතු වෙන්න ඉඩ තිබෙනවා කියලා. (නදී)
'රජුන් තනන්නන්' නොමැතිව නරේන්ද්‍ර මෝඩිට රජයක් පිහිටවීමට හැකි වීම අපට ලොකු අස්වැසිල්ලක්. (ස)
අපිටත් වෙනසක් ඕනේ.(නදී)
ලුම්බිණි, ඉන්දියාවේ පක්ෂ දේශපාලනේ මොන උනත් ඒ හැමෝගෙම තමන් භාරත මාතාවගේ දරුවෝ කියන එක හිතේ තියනවා. ඒ නිසා කවදාවත් තමන්ගේ රටට අවාසිවෙන දෙයක් කරන්නේ නැහැ . හැබැයි අපේ උදවිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. (නදී)
මේකට ලියපු සමහර අයගේ දේශපාලන දැනුම ගැන කණගාටු හිතෙනවා. දැන් තමා මෝඩි ගෙන් ලංකාවට බලපෑම් එන්න පටන් ගන්නේ. කොටි තහනම දීර්ඝ කරපු එකත් නවත්තන්න ඉඩ තියෙනවා. ගාන්ධි පවුලේ වටිනාකම දැන් තේරේවි. (ස)
සුළු ජාතිකයින් හොඳින් අඳුනන නරේන්ද්‍ර මෝඩිට සුභ පතමි.(නදී)
තේජාන් දොඩවන්න එපා.(නදී)
ලංකාවේ වෙනසක් කොහොම කරන්නද? ඔක්කොම ගොළුවෝ , බීරො ,වගේ ඉන්නකොට. මොනතරම් විනාසයක් රටේ උනත් එක් කෙනෙක් වත් කතා කරනවද ? ඉන්දියාවේ මොනතරම් නූගත් අය හිටියත් ඔවුන් කොච්චර හොඳට රටේ වෙන දේවල් දිහා ඇස් ඇරල බලාගෙන ඉඳල තියෙනවද. මේවා අපිටත් හොඳ පාඩම්. (ස)
කොටි හිතවාදී රජයක් ඉන්දියාවේ ඇති වීම අපට කොන්ද කෙලින් තියාගෙන වැඩ කලයුතු කාලයක් බව දැන ගත යුතුවේ. ජයලලිතා බලවත් වෙන ලකුණු. නමුත් අපි බිය විය යුතු නැහැ. අපේ මොළය හොඳ නිසා. (ස)
තේජාන් හරි.මට පෙන්නේ සමහරුන්ට දැනුම තිබුනට බුද්ධිය නෑ.මොනවා කරන්නද හැමෝම එක වගේ නෙවෙයිනේ. සමාවෙන්න්න. (ස)
ලංකාවෙත් මේ දෙයම වෙනවා තව නොබෝ දිනකින්ම. (ස)
බටන්ගල කියනදේ ගැනත් හිතන්න වෙනවා. මෝඩි කියන්නේ ලංකාවට හිතවත් කෙනෙක් නොවෙයි. (ස)
වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ නෙවෙයි විපක්ෂයේ. (ස)
ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ස)
අපගේ උණුසුම් සුබ පැතුම්!!! දකුණු ඉන්දියානු දේශපාලකයන්ට නැටවිය නොහැකි ශක්තිමත් රජයක් ඉන්දියාවේ තිබීම අපට සතුටක්. (ස)
ගමගේ මහත්තයාගේ සිහිනය සැබෑ වේවා කියල පතනවා..එත් මේක ඉන්දියාව නෙමෙයි ශ්‍රී ලංකාව..කොන්ග්‍රස් එක වගේ අනුන්ගෙන් යැපෙන ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ, හොඳ ශක්තිමත් රජයක්..හීනෙ සැබෑ වෙන්න කලින් මහත්තය ඇහැරේවිද කියන එකයි ප්‍රශ්නේ..මොකද ඔය හීනෙ සැබෑ වෙන්න තව සැහෙන කාලයක් යාවි. (ස)
මෙම ප්‍රතිපලය ශ්‍රී ලංකාවට වාසිදායක වන්නේ නරේන්ද්‍ර මෝදි ගේ විදේශ ප්‍රතිපත්තිය මතයි. ජයලලිතා මමතා බැනර්ජි වැනි අයගේ උදවු නොමැතිව රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන ගනන ඕනෑවටත් වඩා මෝදි දිනා ඇත.ඇති එකම වාසිය නම් දෙමළ ජාතිවාදීන්ට මධ්‍යම ආණ්ඩුවට බලපෑමක් කළ නොහැකි වීමය. නව රජයේ සංයුතිය කුමක් දැයි බලා සිටිමු. (ස)
රජුන් සිංහාසන වලට ඔසවනවා වගේම එ්වායින් බිමටත් හෙලන බවට හොඳ උදාහරණයක් මේ. ටික කලකට රට පාලනය කරන්න ජනතාව දෙන වරම සදාකල් පවතින වරමක් නොවේ. (ස)
අපේ ආසන්න රාජ්‍යයේ නායකයා කවුද යන්න නිවැරදිව තේරුම් ගෙන අපේ වාසියට ඔහුව උපක්‍රමශීලීව යොදා ගැනීම තමයි අපේ නායකයාගේ හැකියාව. (ස)
ජයලලිතාගේ පක්ෂයට විශාල ජයක්. සුබ පැතුම් . (දී)
බටන්ගලගේ කථාවට මමත් එකගයි. ගාන්ධි පවූල බලයේ සිටීම ඉන්දියකෙසේ වෙතත් ලංකාවට වාසි සහගතයි. ගාන්ධිවරු පැහැදිලිවම එල්ටීටීඊ වීරෝධියි. මොකද එල්ටීටීඊය සමග ඔවූන්ට තිබු පෞද්ගලික ප්‍රශ්නය නිසා. නමුත් ඔවූන්ට වැනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිදු වූයේ දකුණු ඉන්දියාවෙන් ආපු බලපෑමට. ජයලලිතාගෙ සහය නොමැතිව ආණ්ඩු බලය රැකගැනීමට නොහැකි නිසා. නමුත් මෝඩිට එල්ටීටීඊ එක සමග පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඒවගේම ඔහු දැඩි හින්දු මතධාරියෙක් ඔහු ලංකාව සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාකරාවිද කියන එක ගැටලුවක්. (මුදී)
ශ්‍රී ලංකාවටත් අවශ්‍යවන්නේ ජාතිවාදයෙන් තොර රජයක්. (මුදී)
ශක්තිමත් රජයක් ඉන්දියාවේ බිහිවීමට යාම ආසියානු කලාපයටම වාසි දායක වේවි..!!!(දිල්)