මහව සිට කොළඹ බලා ධාවනය වන මහව කාර්යාල දුම්රිය අද (20) උදේ ප්‍රමාද වී ධාවනය කිරීම සම්බන්ධව කුපිත වු මගින් පිරිසක් අලව්වේදී එහි රියදුරු බිමට බස්සවා පහර දී ඇතැයි රියදුරු සංගමය පවසයි.
අනතුරුව අලව්වේදී මගීන් කලබලකාරීව හැසිරී මාර්ගයට කොන්ක්‍රීට් කණු දමා ඉහළ පහළ දුම්රිය ධාවනය නතර කැරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රියේ යන මිනිසාගේ මානසිකත්වය තේරුම් ගන්න ඒකේ යන්නම ඕනෑ.කොච්චර දුක් විඳිනවද අපි වෙලාවට වැඩට යන්න? (නි)
නොදන්නා හින්දයි මේ අහන්නේ. කළුතරට යන එන දුම්රිය හරියට ධාවනය වෙනවද? (නි)
මෙතන වගකිවයුත්තා ගැන කවුරුත් කතා නොකරන්නේ ඇයි? පඩියට වැඩ කළයුත්තේ මහජනතාව සහ රජයේ සේවකයන් පමණක් නොවෙයි. (නි)
දැන් මේ අර්බුදයට මැදිහත් වෙන්න ඕනෑ කොහෙන්ද? නොදන්නා හින්දයි අහන්නේ (නි)
මැණිකෙලා, දේවිලා, කුමාරිලා එක්ක වැඩ කරන එක පහසු නැහැ. (නි)
සියලුම දුම්රිය වලට ඇත්තේ කාන්තාවන්ගේ නම්. මෙය මට ගැටළුවක් (නි)
දුම්රිය රියදුරා ගැන කණගාටුයි. මොනවා කරන්නද? (නි)
දුම්රිය රියදුරන්ගේ වැරැද්දක් නැහැ. ලෝකයේ වැඩියෙන්ම වේග සීමා තියෙන්නේ ලංකාවේ දුම්රිය මාර්ග වල.මිනිස්සුන්ට බැරිද මහව දුම්රියට කලින් එන දුම්රියක වැඩට එන්න. (නි)
දුම්රිය ඔක්කොම කුමාරිලා, දේවිලා, මැණිකෙලා. ඉතින් කාන්තාවන් සමඟ කරන කටයුතු මෙහෙම ජරමරයකින් තමා අවසන් වෙන්නේ. (නි)
කලබල වෙන්න දෙයක් නැහැ. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ අදාළ අමාත්‍යංශ වල විෂය පථය වෙනස්වීමයි. ඉතින් හැමතැනම ජරමර. (නි)
අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ බලවතුන් මොකද කරන්නේ? නොදන්නා නිසයි මෙහෙම අහන්නේ (නි)
ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ බලවතුන් මේවට වගකියන්න ඕනෑ කියන එකයි මගේ අදහස. (නි)
සමහරවිට මේ දුම්රිය අපලයට හේතුව කාන්තාවන්ගේ නම් යොදා දුම්රිය ධාවනය විය හැකියි. ඒ නිසා අපි ඔය රුහුණු කුමාරි ආදී නම් වෙනුවට , රුහුණු කුමාර, උඩරට කුමාර, මුතු කුමාර ආදී වශයෙන් නම් තබා ඒ නමේ ආනුභාවයෙන්වත් මේ සදාකාලික දුම්රිය අපලය නැති වේද බලමු. (නි)
අපි මොනවා කිවුවත් මෙතන වෙලා තිබෙන දේ අපි කවුරුත් හරියට දන්නේ නැහැ. මේ දුම්රිය වල එන්නේ ඔක්කොම රාජකාරි කරන අය. ඉතින් මේ අයටත් වෙලාවට රාජකාරියට එන්න නොලැබුණාම තිබෙන ප්‍රශ්ණ මේ අය තමා දන්නේ. (නි)
දුම්රිය, වරාය, විදුලිය වැනි ආයතන වල වැඩ වර්ජන වුණාම විකල්ප ක්‍රියා මාර්ගයක් තියෙන්න ඕනෑ.බොහෝ රටවල කරන්නේ විකල්ප ක්‍රියා මාර්ග ගනිමින් සේවකයනට ආයතනයට ඇතුළු වීම වළක්වන එකයි (නි)
මුල්ම ප්‍රශ්නය දැන් හැමෝටම අමතකයි. රියදුරන්, ජනතාව අතර ප්‍රශ්නයක් තිබුනේ නැහැනේ. (නි)
ප්‍රවාහන ඇමතිට මොනව වෙලාද? (ස)
දුම්රිය ප්‍රමාද වෙනවා , මිනිස්සු රැකියාවට යන්න ප්‍රමාද වෙනවා. අවසාන ප්‍රතිපලය රටම අකාර්යක්ෂම වෙනවා . කව්ද මේවට වග කියන්නේ ? ඔය හැම කෙනකුගේම පවුල් වල බඩ පුරවන්නේ මහජන මුදල් වලින්. (ස)
හැමදාම වර්ජන කරන අයට ඕක තමයි කරන්න ඕනෑ. මොකද ඔවුන්ට වැටුප් ගෙවන්නේ මහජන මුදල් වලින් (නි)
අනේ ඇත්තට, මේ මිනිස්සුන්ට ඉවසීමක් නැති හැටි? (නි)
අර කතාවක් තියෙන්නේ තමන්ගේ වගාව පාලු කරාම ගෙදර තියෙන මුව හමට තඩි බානවා වගේ කියලා .ඒ වගේ මෝඩ වැඩක් කරලා තියෙන්නේ (දිල්)
ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැනේ ! (නි)
ධර්මපාලතුමා එදා කළ කතාව මම ඇහුවා අපේ රටට වෙන දේ ගැන. අද මේ වගේ මිනිස්සු නිසා ඒක ඇත්ත වේගෙනයි යන්නේ. (නි)
මේ සංග්‍රහය ළඟදීම අනෙකුත් වර්ග වල වර්ජකයන්ටත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා (නි)
"දුම්රිය නැත්තටම නැතිවෙන්න ඕනෑ ඒවායේ අගය තේරෙන්න" දුම්රියට නොවෙයි ගහලා තිබෙන්නේ දුම්රිය රියදුරාට. එම නිසා තිබෙන්නේ ඕනෑ රියදුරන් නොමැතිව යන දුම්රියයි. (නි)
ගහලා බැනලා ප්‍රශ්න විසඳන්න අමාරුයි (නි)
ප්‍රනීත්ගේ දැනුම ගැන කනගාටුයි. කවදාවත් දුම්රියක ගිහින් නැද්ද. මහව දුම්රියට මිනිස්සු එන්නේ පාන්දර 3 ඉදලා. ගෙදර වැට ලග ස්ටේෂන් නැහැෙන්. බස් එකෙන් අැවිත් තමයි ස්ටේෂන් එකට අැවිත් දුම්රියට නගින්නේ. කලින් එන්නේ කොහොමද කියා සිතන්න.(නදී)
මේ දුම්රිය අවලංගු කරන්න. බස්වල එල්ලිලා වවුලන් වගේ ගිය හැකියි එතකොට. (නි)
දුම්රිය නැත්තටම නැතිවෙන්න ඕනෑ ඒවායේ අගය තේරෙන්න (නි)
හොඳ වෙලාවට ප්‍රවාහනයේ වගකිවයුත්තන්ට පොලවේ යන වාහන විතරයි පවරා තියෙන්නේ. බැරිවෙලා ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව වගේ අහස් යානා දෙපාර්තමේන්තුවත් තිබුනා නම් ඉතා අපුරුයි. සතියකට වරක් අබලන් වුන යානාවක් අපේ ඔලුව උඩට කඩා ගෙන වැටේවි.(නදී)
දුම්රිය පදවපු කෙනාට නෙවෙයි, මෙව්වට කිසිම වගකීමක් ගන්නේ නැති උදවියගේ ඊළඟ පරම්පරාවත් කරලියට එන්න මනාප පල කරපු උදවියටයි මඩු වලිගෙන් තලන්න ඕනා. (නදී)
මම නම් කියන්නේ වගකිවයුත්තෙකුගේ හාමිනේ කෙනෙක් මේ දුම්රියක බලෙන් හරි පටවලා යවන්න ඕනෑ. සුමානයක් ඇතුළත දුම්රිය පද්ධතියම කාර්යක්ෂම වේවි. (නි)
මේක හොදට සැළසුම් කරලා නොකළා නම් පෝස්ටර් කොහොමද ඔය ටිකට ලැබුනේ? (නි)
වගකිවයුත්තන්ට ඔවුන්ට ගැළපෙන වෙනත් කටයුත්තක් භාර දුන්නා නම් මීට වඩා හොඳ නැද්ද? (නි)
මිනිස්සු බල්ලෝ වෙලා ඉන්න රටක..මේ වගේ දුම්රිය රියදුරන් දෙදෙනා රණවිරුවෝ වෙන්න ඕන.ගුටිකාගෙන ලේ පෙරාගෙන හලාවත දක්වා දුම්රිය ගමන් කර ඇත...සියුලම මගීන් බැස ගිය පසු දුම්රිය රියදුරු දෙදෙනා හලාවත රෝහලට ගිහින් තියෙන්නේ (ස)
ඇත්ත කතාව නම්, අපට අවශ්‍ය වුයේ නිසි පිළිතුරකි. අපි පොලිසියට පහර දුන්නේ නැත. තීරණය ඔබට බාරයි.ඇයි චණ්ඩි බයේ දුවන්නේ? බලමු හැප්පිලා. එක්කෝ දුම්රිය දුවයි. නැත්නම් රැකියාව පැත්තක දාලා යයි. හමුදාවෙන් දුම්රිය සේවය භාරගත්තොත් එදාට?? (නි)
ලංකාවේ දුම්රිය වල පල්ලට ගියාට ප්‍රවාහන ඇමතිගේ හත්මුතු පරම්පරාවම නිවන් දැකලයි ඉන්නේ.(ස)
අර්සියාවේ සතුටින්ම ජීවත් වෙන මිනිසුන් ඉන්නේ ලංකාවේ කියල මොකක්දෝ සගරාවකින් හෙළි කරලා තිබුන නේද? ඒ සගරාවට අනුව සමීක්ෂණය මොන තරම් නිවැරදිද? (ස)
වෙලාවට එන්න පුළුවන් කම තියෙද්දී මොකද වෙලාවට එන්නේ නැත්තේ ඕනෑකමින්ම දුම්රිය ප්‍රමාද කරලා තමා දුම්රිය ධාවනය කරන්නේ (ස)
කඩාකප්පල්කාරී වැඩක් මේක. දුම්රිය ප්‍රමාද දෝෂ මීටපෙරත් තිබුන බව සියලු දෙනා දන්නවා. නමුත් කාර්යාල දුම්රිය කෙසේ හෝ වෙලාවට ගමන් කළා. මහා අනතුරු ඒ කාලයේ සිදුවුණේ නැහැ (නි)
හැමෝම රිද්දන්න හදන්නේ අහිංසක මහ ජනතාවට.මේ රටේ රාජ්‍ය සේවය දිනෙන් දිනම පිරිහෙන්න ප්‍රධානතම කාරණය මේවාට අරක්ගත්ත මේ වෘත්තිය සමිති කියන පිළිලයයි.මේ ක්‍රමය වෙනස් නොකළොත් අපේ රට හැමදාම තුන්වන ලෝකයේ දුප්පත් රටක්ම පමණයි. (නි)
රටේ ස්ථාපිත කරන්න තරම් නීතියක් තිබෙනවාද? නීතිය වල්වැදිලා කොච්චර කල්ද? (නි)
හමුදාවෙන් තෝරාගත් පිරිසකට දුම්රිය රියදුරු පුහුණුව ලබාදෙන්න.එයාලා වර්ජනය කරනවා නම් ගෙදර ඉන්න ඕනෑ. ප්‍රමාද වෙලා ධාවනය කිරීමට දඩුවම් කළ යුතුයි (නි)
දැන් ඔය වගකිවයුත්තන් දුම්රියේ යන එනවාද? විශ්‍රාම ගිය පසු නරඹන්න මේ ගුටි සංදර්ශන, පීලි පැනපු දුම්රිය අනතුරු , සේවක වර්ජන වීඩියෝ කරලා තියාගත්තා නම් හරි. (නි)
නීති අතට ගත්තවුන්ට දඬුවම් දියයුතුයි. දුම්රිය ප්‍රමාදයට හේතු බොහොමයක් තියෙනවා.දුම්රිය රියදුරන්ට ගහලා ප්‍රශ්න විසඳන්න පුලුවන්ද? වීරයන් වෙන්න හදන්නේ බුද්ධිය නැති අයයි (නි)
ඩිලාන්, වගකිවයුත්තෝ ගැන කතාකරන්න නම් හොඳ පිට කොන්දක් තියෙන්න ඕනෑ. බලන්න මෙතන කීදෙනාද එහෙම අය ඉන්නේ කියලා. බොරු බයිලා ගහන්න නම් ඕනෑතරම් අය ඉන්නවා. පොඩි මිනිස්සු විතරයි රටට සේවය කරන්න ඕනෑ. එතකොට ලොකු මිනිස්සු මොකක්ද රටට කරන සේවය? (නි)
ප්‍රමාද වී ධාවනය වෙන දුම්රියට පාරට බාධක දැම්මම තවත් පරක්කු වෙනව නේ. විසඳුම රියදුරාට පහර දීම නොව ප්‍රශ්නය විසඳන් නැති කෙනාට බල කිරීම විය යුතු නේද? (නදී)
දුම්රිය රියදුරන්ට ගහලද? එහෙම නැත්නම්, මැරයෝ දම්මලා ගස්සවලද? (ස)
දැන් දුම්රිය සේවය සලකන්නේ දකුණු පළාතේ අයට විතරයි. ගාල්ල මාතර ලයින් එකේ සෙනගත් නැතුව දුම්රිය 5ක් යනකොට ප්‍රධාන මාර්ගයේ දුම්රිය යන්නේ 1 යි. ඒකත් පරණ ඒවා. ප්‍රධාන මාර්ගයේ මිනිස්සු ලංකාවේ නෙවෙයිද? ඇයි අනිත් පළාත්වලට මෙහෙම සලකන්නේ? (නදී)
නඩු අහන්නේ පොලිසියෙන්, ප්‍රවාහනයේ ප්‍රශ්න විසදන්නේ මගින්, රෝහල්වල ප්‍රශ්න විසදන්නේ රෝගීන් අධ්‍යාපනේ ප්‍රශ්න විසදන්නේ දෙමාපියන්. හැබැයි ලෝකේ ලොකුම කැබිනට් එකත් මෙහෙ. (නදී)
මෙම ආදර්ශය තම ඔලුව උදුම්මවාගත් සෑම රජයේ සේවකයෙකුටම හොද පාඩමක්.. (ස)
"එහෙනම් වර්ජනය කරන අපේ නර්ස් නෝනලාටත් හොඳටම තලන්න. ඒ විතරක් ද දොස්තර මහත්තුරු. එතුමන්ලටත් මදි නොකියන්න දෙන්න..." එච්චරක්ද, ඇයි බස් මාමලට, ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල ඇදුරන්ට, බැංකු කරුවන්ට, වරායට, ගොවි මාමලට.......... අන්තිමට අපි ඔක්කොම ගහ ගමු, අර 225යි එයාලට කඩේ යන අයයි. අපිට හිනා වෙවී. මේක ඔක්කොම කන කම් අපි ගහගමු. (ස)
දුම්රිය අනතුරක් වෙලා රියදුරන් පැත්තට ඇඟිල්ල දික්වෙන කොට තමයි එයාලට මාර්ග වල අඩු පාඩු සහ සංඥා වල අඩු පාඩු මතක්වෙලා තියෙන්නේ. එයාල වෘතිය අයිතීන් වෙනුවෙන් අරගල කරනකොට තවත් පිරිසකගේ වෘතිය සම්බන්ධ ගැටළු පැන නගිනවා සහ රටේ ආර්ථිකයට බලපානවා කියලා මතක් වෙන්නේ නැත්ද මන්දා. කවද්ද බලධාරීන්ගේ ඇස් ඇරිලා මේ ගැටළු විසඳන්නේ. ඇමතිවරයා වනිතා කටයුතු ඇමැතිකමට හොඳයි මොකද එයා කතා කරන්නේ කාන්තාවෝ ගැන විතරක් නිසා. (ස)
රියදුරන්ගේ වැටුප ලක්ෂයකට වැඩයි. පඩි වැඩි නිසාද මෙහෙම කරන්නේ.(නදී)
මේ දැන්වීම් ගහන්න අැත්තෙත් උදෙන්ම වෙන්න ඇති. (නදී)
සත්‍යා . ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ඉන්නේ ඇමති වරු හතර පස් දෙනයි. දුම්රිය කාලසටහන් බාර ඇමති කෙනෙක් ඒ අතර නැහැනේ. ඉතින් සිද්ධවෙන්නේ "" ගනින් බෝතලේ " "යමන් මාතලේ "" "යකාට ගියදෙන් ටයිම් ටේබලේ"" කවිය ක්‍රියාත්මක කිරීමයි. (ස)
එහෙනම් වර්ජනය කරන අපේ නර්ස් නෝනලාටත් හොඳටම තලන්න. ඒ විතරක් ද දොස්තර මහත්තුරු. එතුමන්ලටත් මදි නොකියන්න දෙන්න. (ස)
මේවට අඩන්නද හිනා වෙන්නද කියල හිතා ගන්න බැහැ. අඬන්න හිතෙන්නේ ජනතාවට වන පාඩුව සහ සමස්ථ අර්ටිකයට වන බලපෑම. හිනාවට කරණය තමයි මෙච්චර විශාල ඇමති මණ්ඩලයක් ගමනාගමන පිළිබද ඇමති කෙනෙක් හිටියත් ඔහේ නොදන්න විධියට ඉන්න එක. (නදී)
අපේ බදු වලින් ලක්ෂ ගණන් පඩි අරගෙන අපිට මෙහෙම කරන මෙයාලට ගහල මදී. පසුගිය සති දෙකේම අපි කාර්යාලයට අාවේ පරක්කු වෙලා. ගෙදර ගියේ පරක්කුවෙලා. කිසිම කෙනෙක් එ් ගැන කතා කෙරුවේ නැහැ. (ස)
දුම්රිය රියදුරු සමග පොලිස් දෙන්නෙක් යවන්න පැති ආයුධ සමග. (ස)
එහෙනම් මගීන්ට දුම්රිය දීල රියදුරු මහත්මය ගෙදෙර යන්න, එතකොට අනතුරු නොවෙන විදියට මගීන් දුම්රිය අරගෙන යයි.(දිල්)
දුම්රිය රියදුරන් ලොකු වැටුපක් ලබන බව ඇත්ත . මගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් යොදවල තියෙන සේවයක් එම රාජකාරිය ඉටු නොකරනවා නම් ඒවාට ගුටි දීලත් මදි. (ස)
රාජකාරිය හරියට කළා නම් ගුටිකන්න වෙයිද? සියල්ල සර්ව සම්පූර්ණ වනතුරු බලාගෙන ඉන්නේ මේක ඇමරිකාව කියලා හිතලද දන්නෙ නැහැ (නි)
බොහොමයක් දුම්රිය රියදුරන්ගේ වැටුප් රුපියල් ලක්ෂ ගණන් වලට ආසන්න වෙනවා කියන්නේ ඇත්තද? (නි)
මෙයාලා රටේ බුද්ධිමතුන් පිරිසක් නම් නොගැළපෙන ලෙස මඟීන්ට කතා කරමින්, ඔවුන්ගේ දේපොළ වැනසෙන ලෙස වැඩ කරයිද? (නි)
මේක මඟීන්ගේ වැඩක් කියලා හොඳටම විශ්වාසද? මඟීන් එන්නේ නම් ගමනක් යන්න මිසක් කලබල කරලා මඟ හිරවෙන්න නෙමෙයි (නි)
පහරදුන් අය අත්අඩංගුවට ගෙන රටේ නීතිය ස්ථාපිත කළ යුතුයි (නි)
අපේ මාමාත් දුම්රිය රියදුරෙක්. එයා මාසෙකට හොඳ වැටුපක් ගන්නවා (නි)
ඇයි මෙයාලට ගහන්නෙ? මෙයාලා සුළු වැටුපකට වැඩකරන රටේ බුද්ධිමතුන් පිරිසක් බව දන්නෙ නැතුවද? (නි)
සත්‍යපාල මාමේ ඔයා විතරමයි අද රටේ තත්වය ගැන ඇත්ත පැහැදිලි කලේ ..? මම නම් ඔය කොච්චි ගැන වැඩිය කතා කරන්නේ නැහැ ..මම කෝච්චිවල යන්න බයයි ..මගේ ජීවිතේටම විනාඩි 6ක දුරක් ගිය කෝච්චියෙන් ගම්පහ සිට රාගමට ඒ 1992 වසරේ. එදත් ගියේ පන්තියේ ළමයින්ගේ උවමනාවට මිසක් ආසාවට වත් මගේ උවමනවටවත් නෙවේ ..මම නම් අකමැතිම දෙයක් කෝච්චිය ..ඇයි මන්ද ..? (ස)
ප්‍රවාහන ඇමති ගැන කවුරුත් වැඩිය කතාකරන්නේ නැත්තේ බයටද?එහෙම නැතිනම් ඇමතිවරයෙක් ඉන්නවා කියල නොදන්නා කමටද?(දිල්)
මෙයාලට ගහල වැඩක් නැහැ. එකතු වෙලා හොදට ගුටි දෙන්න ඕනා කොටන බස් කාරයන්ටයි. රටේ වාහන තද බද ප්‍රස්නත් නැති වෙනවා.(නදී)
මෙහෙම රියදුරන්ට හිරිහැර කරලා මේ ප්‍රශ්නය විසදන්න බැහැ. රියදුරන් දිගටම සේවයෙන් ඉවත් වුනොත් ඔය තරමටවත් දුමිරය ධාවනය වෙන්නේ නැති වෙයි. මේ සංඥා පද්ධතිය වෙනස් කළ යුතුයි. (නදී)
තමන් ලබන වෑටුපට රාජකාරිය කරනවානම් ඔය පොලිටික්කන්ට බය වෙන්න ඕනෑ නෑ. රට වෙනුවෙන් හෑමදෙනාටම කලයුතු වෑඩ කොටස තේරුම් අරගන්න. ලාංකිකයො කියල නොහිතා වෙන් වී සිටීම රට කන අයට ලොකු උදව්වක්. බුද්ධිමතුනි එක්වන්න.(නදී)
මෙහි බොහොමයක් ප්‍රතිචාර දකින විට බහුතරයකගේ දැනුම අවබෝධය පිළිබඳව ඇතිවෙන්නේ කනගාටුවක්.මොවුන්ගේ අනුවන කමින් ප්‍රයෝජන ගන්නේ රට කරවන පාලකයෝ. දුම්රිය විදුලි සඥා සහ මාර්ග පද්ධතියේ අඩු පාඩු සකස් කිරීම පාලකයන්ගේ වගකීමක්. ඒවාට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරන්නේ නැතුව තම තමන්ගේ ප්‍රතිරූප ගොඩනැගීමට මුදල් කාබාසිනියා කරන දේශපාලකයන්ට එරෙහි නොවී අහිංසක රියරුරන්ට දොස් පැවරීම වැරදිය. මග සොදට තිබේ නම්, සඥා පද්දති නිවැරදිව තිබේ නම්, ප්‍රමාද වීමට හේතුවක් නැත. මේවා නිවැරදිව නැතිනම් අන්ධකාරයේ අත පත නොගා වේගයෙන් ගොස් වටිනා මිනිස් ජීවිත බිල්ලට දීමේ වගකීම රියදුරන්ට බාරගත නොහැක. පටු ලෙස ප්‍රස්න දෙස නොබලා කරුණාකර වැරදිකරුවන්ට ඇගිල්ල දිගු කරන්න. සඥා පද්දතිය පිළිසකර කිරීමෙන් විශාල කොමිස් කුට්ටියක් ලැබෙන්නේ නම් සියල්ල විසදී හමාරය.(නදී)
අපි මාසේ මුලදී මුදල් ගෙවලා තියෙන්නෙ. සීසන් ටිකට් නැති අය උදේම ටිකට් ගන්නවා. එහෙම කරලා අපේ සල්ලිටික අරගෙන කෝච්ච්ය වෙලාවට යන්නෙ නැහැ. අපිට බස්වල යන්න වෙන සල්ලිත් නැහැ. තව ටික දවසකින් රස්සාවත් නැහැ. මේවා කියන්න කෙනෙකුත් නැහැ. අහන්න බලන්න බලධාරින් නහැ. ගහනව ඇරෙන්න වෙන මොනවද කරන්න තියෙන්නෙ. අනේ කවුරැ හරි ඉන්නවා නම් කියන්න (දිල්)
දැන් රටේ හැම තැනම ප්‍රශ්න අර්බුද. එයට විසඳුම ජනතාව එකිනෙකාට පහර දීම නොවේ. ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් නොදී සිටින පාලකයින්ට සහයෝගය දීමේ වරදට තම තමන්ට තලා ගැනීමයි.(නදී)
රූපවති මේක ශ්‍රී ලංකාව එංගලන්තය නෙවේ.(නදී)
මගින් රටේ නිතිය අතට ගන්න එක වැරදියි .ඒත් ඒ තැනට මගින් පත් කරන්නේ බලධාරීන්. මේ දෙගොලෝම අසරණයි මේ ප්‍රස්නේදී.තවත් බලධාරින් පුටු රත් කර තද නින්දේ.(දිල්)
ඉල්ලීම් දිනා ගන්න හැමදාම මහජනතාව බිල්ලට දෙනවා. මිනිස්සු මහ පාන්දර 2-3 ඉදලා බස් එකේ අැවිත් දුම්රියට එන්නේ දුක් විදලා හරි රස්සාවට යන්න ඕන නිසා. දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නෙත් රජාය් ආයතනයක්. දුම්රියේ එන බහුතරයකුත් දුම්රිය දෙපාර්තමේන්තුව අැතුළු විවිධ අායතනවල රාජකාරියට යන අය. දුමිරිය දෙදපාර්තෙම්න්තුවේ නිලධාරින් අැයි මේ තරමටම මිනිස්සුන්ගේ දවස කාලකන්නි කරන්නේ? බලධාරින් කළු කන්නාඩි දාපු සීතල වාහනවල යන නිසාද මේවා පේන්නේ නැත්තේ? මේ රට කාලකන්නි කරන දෙපාර්තමේන්තුවක් වෙන්න එපා. (නදී)
මෙයාල කාර්යාලවලට ගිහින් කරන දෙයක් නැහැ. එ් නිසා පරක්කුවෙලා දුම්රිය ආවට කමක් නැහැ. (ස)
මේවාට ඉහළ බලධාරීන් වගකියන්න ඕනෑ (නි)
ගෙදරට වෙලා නිකන් කකා රටට බරක් වෙලා ලොකුවට අදහස් දදා ඉන්න අයට නම් තේරෙන්නේ නෑ. රජයේ හෝ පුද්ගලික හෝ මොන රැකියාව කලත් රැකියාවට වෙලාවට නොයන එකේ බරපතලකම. (ස)
දැන් මෙහෙම යන හැටියට ලංකාවේ හැම දුම්රිය පොලකම රණ්ඩු ඇති වෙයි වගේ. දැන් නම වෙනස් කරන්ට තියෙන්නේ සිලෝන් ගුටිකන රේල්වේ කියලයි, සිලෝන් ගවන්මන්ට් රේල්වේ වෙනුවට. (ස)
දුම්රිය ප්‍රමාදය නිසා බොහෝදෙනෙකු අපහසු තාවයට පත්වෙන එක සත්‍යයක්. ඒගැන එදිනෙදා රැකියා වලට යන අය කෝපවිමත් සාධාරණයි. එතකොට දුම්රිය රියදුරන් මේ කරන්නේ සෙල්ලමක්ද? ඔවුන්ගේත් හඬට සවන්දී කිසියම් එකගතාවයකට පත්වෙන්න වගකිවයුත්තන් නැද්ද? ලංකාවේ ප්‍රවාහන ඇමතිවරයෙක් ඉන්නවද? එතුමාට මේ ගැන වගකීමක් නැද්ද? කරත්ත දක්කනවා වගේ ජනතාව දුම්රිය රියදුරන්ට තලමින් දුම්රියත් දක්කන්න යන එක හොඳද? (ස)
නිලන්ක මේ කොච්චි ජරමර අස්සේ අනුන්ගේ පඩිය හොයන්නේ නැතිව ..ඔය වත්තේ කෙසෙල් ගස් දෙකක් හිටවගන්න ..? (ස)
වසන්ත, ලුම්බිණි,විවිධ හේතු නිසා, කොළඹ ප්‍රදේශයේ නැවතී තමන්ගේ රැකියාව කරන්න බැරි පිරිස් තමන්ගේ නිවසේ සිට දෛනිකව රැකියාවට එනවා. ඉතින් වඩා පහසු ගමන් ක්‍රමය දුම්රියයි.ඉතින් එහෙම ඇවිල්ලත් හැමදාම පැයක් විතර ප්‍රමාද වෙනකොට ඒ පීඩනය කොහෙන් හරි පිටකිරීමේ ප්‍රතිපලයක් තමයි ඔය දේවල්. (නි)
මොවුන්ට නම් ගහලා මදි මට තිබෙන තරහේ තරමට (නි)
මට නම් හරිම සතුටුයි (නි)
මිනිස්සුන්ගේ කාලය කන උදවියට අපි දන්නා සිංහලෙන් නම් හොඳ නමක් කියනවා (නි)
අනේ මන්දා! හැමතැනම ප්‍රශ්න ප්‍රශ්න. (නි)
අපේ රටේ අයට නිදහස වැඩියි. කරුණාකරලා නීතිය අතට ගන්න දෙන්න එපා .මගියෝ නෙවේ කාටවත්.අල්ලලා හිරේ දාන්න. (ස)