IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කෝටි 3ක් බදු නොගෙවූ ජනක උසාවි කැදවයි

(රෝෂන් තුෂාර)

පරිගණක සේවා සැපයීමේ සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයකට (33 697 936.61) අධික බදු  මුදලක් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු හා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු වූ ජනක රත්නායකට හා ඔහුගේ බිරිඳට දෙසැම්බර් 10 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අද (04) නියෝග කළේය.

ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන එච්.එල්.කුමාරි ද සිල්වා  වග උත්තරකරුවන් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවරා තිබූ නඩු දෙකක්  කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

වග උත්තරකරුවන්ට ඊයේ දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි  නිකුත් කර තිබූ අතර ඊයේ දිනයේ දී සමාගමේ අධ්‍යක්ෂවරයෙකු හා නීතිඥවරුන් අධිකරණයේ පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ වගඋත්තරකරුවන්ට අධිකරණය මගින් නිකුත් කළ නොතීසිය නිසි පරිදි ලැබුණු බවට (අලවා භාරදී ඇති බවට) පිස්කල්වරයා කරුණු වාර්තා කර ඇති බවය.

වගඋත්තරකාර සමාගම වෙනුවෙන් නීතිඥ සම්පත් ජයවර්ධන මහතා පෙනී සිටි අතර සමාගමේ අධ්‍යක්ෂකවරයකු අධිකරණයේ පෙනී සිටින බව දන්වා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සමාගමේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

කිරුළුපන පෙදෙසා කොළඹ 05 ලිපිනයේ( Rent A company service pvt ltd )රෙන්ට් අ සමාගමේ  අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් 2016 ,2017 හා 2018 වසර සඳහා රුපියල් 31 846 248.24 ක වැට් බද්දක් ගෙවීම පැහැර හැරීම සහ එම වසර තුන සඳහා රුපියල් 1 851 688.37ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීමට එරෙහිව මෙම නඩු දෙක පවරා තිබිණි.

දේශීය ආදම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වග උත්තරකාර සමාගම වෙනුවෙන් නීතිඥ සම්පත් ජයවර්ධන මහතා සමග නීතිඥ රුක්ෂාන් මහතා පෙනී සිටියේය. 



අදහස් (4)

කෝටි 3ක් බදු නොගෙවූ ජනක උසාවි කැදවයි

kamal Koyrala Monday, 04 November 2024 05:26 PM

මොන පැහැර හැරීමක් කළත් රටේ ජනාධිපති කෙනෙක් වෙන්න අවස්ථාව තියෙනවනේ!

:       2       48

Nandana Monday, 04 November 2024 05:31 PM

මේ තව ෂෝ කාරයෙක්...!

:       1       84

වික්‍රම විදුර Tuesday, 05 November 2024 09:39 AM

මේ ඉන්න මිනිහාගෙ වැඩ ගැන යූ ටියුබ් වැඩසහටනක් තිබ්බා මීමැස්ස‌ෝ කියන එකේ . මේ මිනිහාගෙ හිටපු ලේකම් කතා කරලා මේ මිනිහා ගෙ වැඩ ඔක්කොම කියනවා. ඒක අයින් කරලා දැන්. මුන් හිරේ ඉන්න ඕන ජීවිත කාලෙම... රටේ නීතිය කවදාවත් හැදෙන්නේ නැති වෙයි කියලයි මුන් රැඟුවේ රට වෙනස් උනාම දැන් පාර්ලිමේන්තු යන්න දගලනවා ඒ වරප්‍රසාද අරගෙන තවත් ඒ වගේම කරන්න .. හිරේ හිරේ හිරේ..

:       1       13

චමින්ද Wednesday, 06 November 2024 07:57 AM

අහිංසක මිනිහෙක් කොස් ගෙඩියක් කැඩුවත් හිරේ මොවුන් ඡන්දෙත් ඉල්ලනවා. අහිංසක මිනිහෙක් උසාවි නොගියොත් පොලිසිය අල්ලන් කනට ගහලා එයාලාට පෙනී සිටින්න කියලා....

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 630 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2293 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4958 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1252 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1936 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1299 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site