
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මාස තුන සඳහා රුපියල් කෝටි 4100 ක ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී අද (28) රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි. මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම නිසා ඉන්ධන මත ජනතාවට දැරීමට සිදුවන බර අඩු කිරීමේ අරමුණින් මෙම සහනාධාර මුදල ලබාදීමට රජය තීරණය කර තිබේ.
අදාල රුපියල් කෝටි 4100 ක මුදල යොදා ගනිමින් ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා ඉන්ධන සහනාධාරය ලබාදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූපිරි.
බදු ගහලා ගහලා අන්තිමට බල්ලන්ටත් බද්දක් යෝජනා කරලා මිනිස්සුන්ගේ රිරිමාංශ හුරාගෙන කාලා එකතු කරගත් මුදල් වලින් භාණ්ඩාගාර පුරවාගෙන ඒ සල්ලි වලින් තෙල් සහනාධාර දෙන්න යනවා.මේවට තමයි අනුර සහෝදරයා වඳුරු කුණුහරුප කියන්නේ.