IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කෝටි ගණනක් වතුරේ යවා මෙත් සිරිපාය කැලෑවට ගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොළොන්නරුවේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයට ගෙනවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින්  ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය නිලධාරීන්ගේ කඹ ඇදීමක් හේතුවෙන්  වසර පහකට වැඩි කාලයක් තිස්සේ කැලෑ වැදී විනාශ වෙමින් පවතින බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම  මහතා පැවසීය.

මෙම ගොඩනැගිලි සංකීර්ණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන්  ඉදිකරනු ලැබ ඇත්තේ රුපියල් කෝටි 101 ක පමණ  වියදමිනි. එහි වර්ග අඩි ප්‍රමාණය එක් ලක්ෂ හතළිස්  එක්දහසකි.

මෙම ස්ථානයේ  වායු සමීකරණ ඇතුළු පහසුකම්  නැති හෙයින් ඊට  යා නොහැකි බව ආයතන ගණනාවක නිලධාරීන්  ප්‍රකාශ කර ඇතැයි එම කමිටුවේදී තොරතුරු අනාවරණය වී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු තවත් සමහර ආයතන ප්‍රධානීන් මේ ස්ථානයේ  පදිංචියට යෑමට කැමැත්තෙන් සිටියත්  මෙතෙක් කිසිවකුගෙන් හෝ ඒ සඳහා උපදෙස් ලැබී නැතැයිද  තොරතුරු හෙළිවිය.

මෙම ස්ථානයේ කුලිය වැඩි නිසා  පැමිණිය නොහැකි බවට සමහර ප්‍රධානීන් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති අතර ඒ අවස්ථාවේදී මහා භාණ්ඩාගාරයේ  නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම කුලී මුදල් ගෙවන්නේ මහා භාණ්ඩාගාරයෙන් හෙයින් ඒ ගැන ගැටළුවක් ඇති  කරගත නොගත යුතු බවයි.

මේ තොරතුරු අනාවරණය වූයේ පරිසරය ස්වභාවික සම්පත් සහ  තිරසර  සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (20) රැස්වූ අවස්ථාවේදීය.

එසේම මෙම ගොඩනැගිල්ල ජරාවාස වෙමින් පවතින හෙයින් එය  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාඛාවක් පිහිටුවීම සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතත් එම තීරණයද ක්‍රියාත්මක කිරීම නිලධාරීන් මගහැර ඇතැයි කමිටුවේදී තොරතුරු හෙළිවිය.

රාජ්‍ය ආයතන මේ ස්ථානයට පැමිණීමට අකමැති වන්නේ ඇයි දැයි සොයා බලා හැකි ඉක්මනින් වාර්තාවක් සපයන ලෙස කමිටු සභාපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

එසේම සියලු රාජ්‍ය ආයතන මේ ස්ථානයට  කැඳවාගෙන විත් මාස හයක කාලයක් ඔවුනට එහි මුදල් අය කර ගැනීමකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් වසරක කාලයක් එහි නඩත්තු ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් ගෙවන ලෙසත් කමිටුව මෙහිදී  වැඩිදුරටත්  නිර්දේශ කර ඇත.



අදහස් (6)

කෝටි ගණනක් වතුරේ යවා මෙත් සිරිපාය කැලෑවට ගිහින්

වසුරූපාය Saturday, 22 June 2024 07:26 AM

මෙත්සිරිපාය කියන්නේ මෙත්පල් සිරිසෙන් පාය හෙවත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රාසාදය කියන එකද? යහපාලනයේ කිව්වේ මහින්දගේ නම රාජ්‍ය ආයතන සහ පොදු දේපලට දාන එක වැරැදියි කියලා. ඇයි ඒකම කරේ.

:       0       0

මුහම්දිරම් Saturday, 22 June 2024 08:10 AM

රජයේ තීරණයක් මත ජනතා මුදල් වියදම් කර හදපු ගොඩනැගිල්ලට යන්න බැහැ කියලා රජයේ නිලධාරින්ට කියන්න කිසිම අයිතියක් නැහැ කුලී ගෙවන්න බැරි නම් නොගෙවා සිටීම වෙනමම කාරණයක්.. රජය ගොඩනැගිලි හදා තියෙන්නේ ජනතාවට පහසුකම් සැලසීමට මිස නිලධාරින්ට පහසුකම් සැලසීමට නොවෙයිනේ... ඒ වගේම රජයේ ගොඩනැගිලිවල රජයේ කාර්‍යාල පැවැත්වීම වෙනුවෙන් කුලියක් ගෙවන්න කිසිම වුවමනාවක් නැහැ. එහෙම තීරණයක් අරගෙන තියෙනවා නම් තීරණය ගත්තු මිනිහත් සම්පූර්ණයෙන්ම වැරැදි කරුවෙක් වෙනවා. නිලධාරි මෙහෙම දරදඬු නම් ඔවුන් සේවයෙන් පහකිරීමට නොපමාව කටයුතු කරන්න ඕනෑ. එහෙම එවුන් එක්ක රටක් හදන්නේ කොහොමද? අන්තිමේ බැලුවාම රට අගාධයට වැටෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ නිලධාරි වාදය නිසා කියලා පැහැදිලි වෙනවා...

:       0       0

සෙනෙවිරත්න Saturday, 22 June 2024 08:13 AM

කොන්ත්‍රාත් කාරයින්ට වැඩක් දෙන්න අරඹන ව්‍යාපෘති සැලසුමක් නැහැ. අවසාන ඉරණම ඕක තමයි. කීපදෙනෙකුගේ සාක්කු පිරෙන්න ඇති. අපි දුප්පත් වෙන්න හේතු පේනවානේ. ඔය මුදලින් කොළඹ නිවාස ටිකක් හදලා බදු දුන්නා නම් නරකද? දැනට ඕකට ගේන්න හදන ආයකන මැසිවිලිල්ලක් නැතිව කරනවනේ...

:       0       0

අරවින්ද මොනරවිල Saturday, 22 June 2024 08:16 AM

ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති කමක් දැරුවා කියලා මෙයාට දැන් මතක නැතුව ඇති. නිලධාරීන් පිට වරද පටවා ගැලවෙන්න හදනවා මිසක් තමන්ගේ අඩුපාඩු ගැන හොයන්න කල්පනා කරන්න.. මොවුන් පුරුදු වෙලා නැහැ සිරිසේනගේ සංකල්පයකට වික්‍රමසිංහගේ මග පෙන්වීම යටතේ චතුරිකාගේ උපදෙස් පිට දහම් සමහර විට මේක හදවන්න ඇති කෝටි ගණනින් කොමිස් ගහන්න, එහෙම නැතුව පොලොන්නරුවේ ජනතාවට එහි සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට මේකෙන් වැඩක් නැතුව ඇති...

:       0       1

සෙනෙවිරත්න Saturday, 22 June 2024 08:16 AM

ඕකට දාන්න තිබුනේ සිරිසේන කියලා, ඕන නම් ඉස්සරහට අදූරදර්ශී කියලා කොටසක් එක්ක...

:       0       1

Kamal Koyrala Saturday, 22 June 2024 06:17 PM

රාජ්‍ය ආයතන එකම ස්ථානයට ගෙනැවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීම හොඳ කාර්යයක්... මොකද ආයතන නගරයේ සහ බැහැරව තිබෙන බැවින් මහජනතාව අපහසුතාවට පත් වෙනවා. රජයේ කාර්යාල වලින් වියයුතු කාර්යයන් එකම වක්ලක් යටින් කල යුතුයි. ජනතාවගේ කාලය මුදල් එයින් ඉතිරිවෙනවා. රාජ්‍ය නිලධාරීන්ට අවැසි විදියට කටයුතු කිරීමට රජයක් අවශ්‍ය නැත. එමෙන්ම මෙකී සංකීර්ණයේ ආණ්ඩුකාර පළාත් සභා කාර්යාලත් තිබිය යුතුයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 689 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 265 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3592 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1289 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 640 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2234 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37786 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site