කොටි සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු නායිකා තමිලිනී හෙවත් සුබ්‍රමනියම් සිවදාම් වව්නියා පුන්තෝට්ටම් හමුදා කඳවුරේ වසරක සාර්ථක පුහුණුවෙන් පසු අද සිය මව සුබ්‍රමනියම් සින්නම්මා මහත්මියට භාර කළාය.
පරන්තන්හි පදිංචි ඇය දුව සමග එහි ගියාය.
කොටි සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු නායිකා තමිලිනී හෙවත් සුබ්‍රමනියම් සිවදාම් වව්නියා පුන්තෝට්ටම් හමුදා කඳවුරේ වසරක සාර්ථක පුහුණුවෙන් පසු අද සිය මව සුබ්‍රමනියම් සින්නම්මා මහත්මියට භාර කළාය.
පරන්තන්හි පදිංචි ඇය දුව සමග එහි ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමලනිට කියමු රටේ ආරක්ෂාවට වගේම රටේ දියුණුවට දැන් යමක් කරන්න කියලා.එතකොටයි තමන්ගේ වැරදි නිවැරදි වෙන්නේ. (අ)
මැරුණු කොටියයි,ෆොටෝ එකේ ඉන්න කෙනයි ඇරෙන්න අනිත් අයව විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
මෙම ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ කලා මදි. මේවා ජන්ත්තයතරයට යා යුතු ප්‍රවෘත්ති. කෙසේ වෙතත් තමිලිනිට සුබ පැතුම්!(නදී)
මොනවා කරත් ශරිරයේ තියන පුල්ලි නැතිවෙන්නේ නැහැනේ.(නදී)
ජෙනරාල් තුමාවත් ගෙදර යැව්වේ අවුරුදු 2කට පස්සේ.(නදී)
දෙමල චිත්‍රපටවල නම් මෙහෙම බරපතල වැඩ කරලා ගෙදර ආවම වැඩිහිටි කාන්තාවෝ දෙන්නෙක් දෙපස සිට සෙම්බු දෙකකින් හිසට දිය වත්කර නාවනවා. තමිලිනී එහෙම නාවලද ගෙට ගත්තේ? එයා අම්මට බාරදුන් අවස්ථාවේ ඡයාරූප නැද්ද?(නදී)
කොටි මහා කෙරුමෝ නිදහසේ වැජඹෙනකොට තමලනි විතරක් හිරේ ඉන්න එක තේරුමක් නැහැනේ. වෙන දෙයක් වෙන්න කියලා අනිත් අයවත් නිදහස් කළා නම් අහවරයි (නි)
මොකක්ද අප්පා මේ වුණේ? (නි)
කොටි මිනි මරණ කාලේ.මේ කට්ටිය මොකද කලේ. දැන්ද කටවල් ඇරුනේ.(නදී)
හුග දෙනෙක්ව කොටි සංවිධානෙට බදවාගෙන තියෙන්නේ බලෙන්.තව සමහරු ගිහින් තියෙන්නේ පවුලේ අනිත් අය වෙනුවෙන්.මේවට වගකිවයුත්තෝ සැප විදිද්දී මේ අයට විතරක් අපහාස කරන එක හරිද? (නි)
පලවෙනි වතාවට පිටිගලගේ ප්‍රතිචාරයට එකගයි.(නදී)
ජන්දේ ඉල්ලයිද දන්නෙ නැහැ මේ සැරේ? (නි)
ඒ කාලේ මොනවා කරන්න ඇද්ද? (නදී)
ඉතාම දක්ෂ කණ්ඩායමකට පමනයි මොවුන් පුනරුතාපනය කල හැක්කේ. හැම දෙනෙක්ම මේ සදහා සහයෝගය දිය යුතුයි.(නදී)
ජිනීවා වල බෙරිහන්දෙන දේශද්‍රෝහීන් මේ ගැන මොකද්ද කියන්නේ.(නදී)
පිටිගල හොඳ අදහසක්, මිනිසා ජාති,ආගම් ,කුල,උසස් පහත් ලෙස සිතා කටයුතු කරන තාක් කල් රටක් දියුනු වන්නේ නැහැ. දැන්වත් මේ අශිෂ්ට ගතානු ගති සමාජයෙන් තුරන් කල යුතුයි. කව්රුන් හෝ කෙනෙකුට අවමන් කරනවානම් එය වෙනස්කමක් ලෙස සැලකීමයි ලොව දියුණු රටවල් තුල පවතින ක්‍රමය. මෙයට අපත් හුරු වුනොත් රටේ ජාතික ප්‍රශ්නයට මනා විසඳුමක් කියා මා විශ්වාස කරමි. (නදී)
නියමයි (නි)
ප්‍රජාතන්ත්‍ර වාදී ක්‍රමයකට ඇවිල්ලා (දී)
එයා ගෙදර යැවුවේ නිකම් නෙමෙයි එක්සත් සන්දානෙන් ඡන්ද ඉල්ලන්න කැමති කරවාගෙන නේ. ඉතින් ඕක තමයි ළමයෝ අලුත් සංදර්ශනය.(නදී)
අම්මගේ කීකරු දූ පැටික්කි ! (අ)
ෂුවර් එකටම ඔක්කොම කොටි පුල්ලි මැකුවද? (නි)
මේ කාන්තාව අතින් මැරුම් කාපු පොඩි දරුවෝ,මිනිස්සු,සෙබළු කී දෙනෙක්ද? පාට වෙනස් කළාට මෙයාලා අවදි වුනොත් එදාට තේරෙයි. (නි)
එයාලට වෙනම පුහුණුවක් දෙන්න දෙයක් නැහැ. එයාලා හොදට වෙඩි තියන්න දැනගෙන හිටියා (නි)
මෙයත් ඡන්දය ඉල්ලන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා (නි)
තමලිනි කියන්නේ කොටින්ගේ ඉහල පෙලේ ක්‍රියාකාරී සාමාජිකාවක්. පුනරුප්ථාපනය කරලා හංස ධේනුවක් කරලා ගෙදර ඇරලා. නමුත් අර කතාවක් තියෙනවා පුල්ලි වෙනස් කළාට කොටියා කොටියාම තමා කියලා.මොනවා නමුත් ඇයට සුබ පතමි අලුත් ජිවිතයට (නි)
මේක මට නම් හතර බීරි කතාවක් (නි)
ඡන්දෙවත් ඉල්ලයිද? (නි)
මේ අයව යොදවා මාධ්‍යට සහ ලොවට මෙම පුනරුත්තාපන වැඩ ගැන කරුණු පැහැදිලි කර කොටි බොරු ප්‍රචාර පරදවන්න. මේ අයව තානාපති කාර්යාල හරහා යුරෝපයට සහ ඇමරිකාවට යවන්න. කොටින්ගේ බොරු හම ගලවා දමන්න. (නි)
පුල්ලි හරියටම ඉවත්කළා නේද? (නි)
දැන් කොහේ හරි රටකට ගිහින් අපේ රටේ නම කන්න පටන් ගන්න.(නදී)
කේ.පී, කරුනා, පිල්ලෙයාන්, දයා මාස්ටර්, තිමිලිනී සුවසේ. ජාතිය ගලවාගත් රණවිරුවෝ පිරිසක් සේවයෙන් නෙරපා, විශ්‍රාම වැටුප පවා අහිමිකර ඇත. (නදී)
පාලක පක්ෂයෙන් දයා මාස්ටර් එක්කලා මෙයත් උතුරෙන් ඡන්ඳෙත් ඉල්ලනවාලු. අනේද කියන්නේ.(නදී)