IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කෝටි හය හමාරක මැණික් රේගුවෙන් අල්ලයි

 රුපියල් හය කෝටි හතලිස් ලක්ෂයක් වටිනා මැණික් ගල් සහ  රත්තරන් කැබලි අඩංගු  පෙට්ටි  02 ක්  නීති විරෝධී ලෙස ඉන්දියාවට යැවීමට සුදානම් කර  තිබියදී  අද  උදෑසන  කටුනායක ගුවන්  බඩු ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

ගාල්ල ප‍්‍රදේශයේ මැණික් අපනයනකරුවෙකු විසින් රුපියල් එක්කෝටි දස ලක්ෂයක්   වටිනා මැණික් බවට රේගුවට ලියකියවිලි ප‍්‍රකාශ කර අදාල පෙට්ටි දෙක ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යැවිමට ගුවන් බඩු ගම්මානයට ගෙනවිත් තිබු බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබූ මැණික් අතර විවිධ වර්ග වල නිල් මැණික්, කිරිංචි,ගෝමේද, අග්නි  සහ චන්ද්‍රකාන්ති පාෂාන තිබු බව රේගුව කියයි.

තහඩු වලින් නිමවා  තිබු මෙම පෙට්ටි දෙක ගැන සැක කළ රේගු නිලධාරීන් විසින්  එක් පෙට්ටියක් විවෘත කර බැලීමේදී ගෝමේද මැණික්  ගල් අතර සගවා තිබූ රන් කැබැලි අටක් ද  සොයාගෙන ඇත. 

පසුව  රේගු මැණික් තක්සේරු නිලධාරීහු,  මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සමග එක්ව  පරීක්ෂා කර බැලීමේදි   රන්කැබලි වල බර ග‍්‍රෑම් තුන්දාහස් හාරසිය හතක් බවත් එහි වටිනාකම   රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක්ද, මැණික්  ගල්  වල වටිනාකම රුපියල් හාර කෝටි  හැත්තෑ ලක්ෂයක් බවට ගනන් බලා ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් ආචාර්‍ය දිලිප් කුමාරතිලක මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන  ඩබ්ලිව්.ඞී රත්නසිරි, භාතිය අබේරත්න සහ රේගු මැණික්  තක්සේරු අංශයේ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන  චන්න ශාන්තප‍්‍රිය, අජිත් සිරිවර්ධන සහ ජී.එම් රත්නායක යන නිලධාරීහු සිදුකරති. 

 



අදහස් (0)

කෝටි හය හමාරක මැණික් රේගුවෙන් අල්ලයි

මොනොලිසා Wednesday, 11 December 2013 03:09 PM

අපේ රටෙන් පිට හොරෙන් පිට කරන මැණික් සහ රත්රන් ප්‍රමාණය කොපමණද කියා කීමට නොහැක. එහෙත් මෙතන සිට අපේ දක්ෂ රේගු නිලධාරීන් කොටසක් කරනා මෙම වැටලීම් සහ පරික්ෂා වලින් රටට ලැබෙන ආදායම ඉමහත්ය. අපේ අවංක රේගු නිලධාරින්ට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට අරාක්ෂාව ලැබේවා. (ස)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 11 December 2013 12:07 PM

මෙම මැණික් තොගය වීදුරු කැට හෝ බාගයක් වීමට පුළුවන්. අපේ රටේ වෙන්නේ මේ වගේ දේවල්නේ. (ස)

:       0       0

දයා අළහකෝන් Wednesday, 11 December 2013 05:03 PM

කොච්චර ආදායම් ලැබුවත් මොකටද, බලන්න බඩු මිළ, බස් ගාස්තු, විදුලි බිල දිහා (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 11 December 2013 06:04 PM

සුද්දගේ කාලෙටත් ඉස්සර ඉඳලාම කළේ හොඳ ටික රට පටවලා රොඩ්ඩ අපට දීපු එකනේ.නැත්තම් කෝ අපේ රටේ තිබුණු සම්පත්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 46 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 275 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 48 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 391 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 329 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 809 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site