දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා මවක හෝටලයකට කැඳවා ලිංගික අල්ලසක් ගැනීමට තැත් කළ බව කියන කොට්ටාව ආනන්ද විදුහල්පති එම්.එන්.ජී.ජී. ධර්මදාස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබන 18 තෙක් රිමාන්ඩ් කළේය. ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ අල්ලස් කොමිසමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක නීතියේ ආදිපත්‍ය බිද වැටීම රටකට බොහෝම භයානක දෙයකි. දැන් අපි අත් විදින්නේ එහි ප්‍රථිඵලයි.(නදී)
ශිරන්, සුදු වෑන් එකක යන්න ඕන වෙලාද?(නදී)
මග ඇරලා යන්නේ නැතිව නීතිය ඉදිරියට ගිය කාන්තාවට, කාන්තාවක් ලෙසට මමත් හිසනමා ආචාර කරමි. නිශ්ශබ්දව නොයිද මේවට විරුද්දව හඬ නැගිය යුතු කාලය තමයි මේ.(නදී)
අනේ කොට්ටාව ආනන්දයට ගිය කල
මේවට කියන්නේ දේව ශාප
මේවගේ අය යවන්න ඕනේ සෝමාලියාවට
රටේ මිනිස්සුන්ගේ ඇස් පාදන්න ගිහින් මොනතරම් ජනමාධ්‍යවේදීන් පිරිසක් මැරුම් කාලා තියෙනවද?කී දෙනෙක් අත පය කඩාගෙන සදාකාලිකව අබ්බගාත වෙලා තියෙනවද?මාධය ආයතන කීයක් ගිනි වැදිලා තියෙනවද?
ඩුප්ලිකේට් එකට පණු ගාය හැදිලා. කොහොම උනත් යම් පෙලබවීමක් නොමැතිනම් මේ විදුහල්පති මේ දේට පෙලබෙන්නේ නැහැ බය නැතුව...ගැනියෙකු යොදාගෙන බොහොම ලේසියෙන් කෙනෙක්ගේ ආත්මේම විනාස කරන්න පුළුවන්...සටන් විරාම කාලේදී රට දැය වෙනුවෙන් හඩ නගපු යති වරයෙක් නිහඩ කරන්නත් මේ වගේ උගලක් ඇටෙව්වා කියල ප්‍රසිද්ද රහසක් තියෙනවා.. (දී)
හැමෝම අහනවා මට දරුවන් නැද්ද කියලා?.මට දරුවන් නැත. ඒ නිසා පාසල් ගැන ප්‍රස්නයක් මට නැත. දරුවන්ගේ පන්ති ගැන සහ කෑම බීම ගැන ප්‍රස්නේකුත් මට නැත. රටට හෙන ගැහැව්වත් මට කම් නැත .එදා වේල හොයාන කාල ජීවත් වෙමි.(නදී)
ලංකාවේ ව්‍යාපාරයක් ලබා ගැනීමට කොමිස් මුදලක් දීමට තමන් පසු බට නොවන නමුත් මේ තරම් විශාල කොමිස් මුදල් අරගෙන රටක් වසයෙන් ලංකාව කවද ගොඩ එන්නද?(නදී)
අල්ලස් ගැන කියනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා. කොලඹ අලුතින් ඉදි කරන කුළුණක් වෙනුවෙන් චීන සමාගමක් ලක්ස 66500 ක් හෙවත් ඩොලර් මිලියන n 50 ක් හොන්ග් කොන්ග් බැංකුවක ගිණුමට ගෙවීමේ ලිපියක් අර්තර්ජලයේ සදහන් වෙනවා. මෙහෙම ගියොත් රට නැති බන්ගම වෙලා යාවි.(නදී)
අල්ලසක් නොදී වැඩක් කරගත හැකි රාජ්‍ය ආයතනයක් ලංකාවේ තියනවනම් කරුණාකරලා අපට දැනගන්න සලස්වනවද? පිරිමින්ගෙන් මුදල්, කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස්. පවතින ක්‍රමය තුලින්ම අල්ලස් ගැනීමටත්, දීමටත් මිනිසුන් පොලඹවා තිබෙනවා. මේ ක්‍රමය වෙනස් කල හැකි පාලන තන්ත්‍රයක් නිදහස ලැබීමෙන් පසු තවම බිහි වෙලා නැහැ. පාසල් වලට ළමුන් ඇතුලත් කිරීමේදී තියන අවිදිමත් වැඩපිළිවෙල විදිමත් ලෙස ක්‍රියාත්මක කරනවානම්, මෙවැනි ගැටළු ඇතිවන්නේ නැහැ. මට මෑතකදී ලැබුන අත්දැකීමක් මෙහි ලියන්නම්. මම පදවාගෙන ගිය වාහනය අනතුරකට පත් උනා. වැරැද්ද මගේ අතේ.කිසිදු ජිවිත හානියක් හෝ තුවාලයක් නැහැ. මගේ වාහනයේ පුර්ණ රක්ෂණ ආවරණය නිසා වන්දි මුදල් වාහන දෙකටම ලැබෙන නිසා ගැටළුවකුත් නැහැ. නමුත්, පොලිස් නිලධාරීන් උත්සහ කලේම මගේ අතින් මුදල් ගෙන අනෙක් වාහනයේ හිමිකරුට ලබා දීමටයි.(රු,ලක්ෂයක්) මට නඩු දමන බව ඔවුන් කිවා ,මම එයට ට එකඟ උනා. පසුව උසාවියට ගොස් වරද පිළිගෙන රු,7000 ක් ගෙවා ප්‍රශ්නය විසඳ ගත්ත. මෙගේ රක්ෂණ සමාගමේ නියෝජිතයන් පැවසුවේ, අනෙක් වාහනයේ හිමිකරුට කිසිදු රක්ෂණ ආවරණයක් නොමැති බවයි. කොහොමද පොලිසියේ රාජකාරිය හරි අපුරුයි නේද? අනෙක් වාහනයේ හිමිකරුට පොලිස් නිලධාරීන් මෙතරම් කරුණාවක් දැක්වුයේ මන්ද යන්න ඔබලාට පැහැදිලි ඇති. මාතෘකාව වෙනතකට යොමුකලාට සමාවෙන්න.(නදී)
රජය මගින් රජයේ උසස් නිලදාරීන්ගේ ,හමුදා සෙබළුන්ගේ ,හිටපු සහ දැනට ඉන්න දුරකථන ටැප් කළ යුතුයි. එවිට අපරාද විශාල ගණනක් අල්ල ගත හැකියි.(නදී)
මේ නෝනත් කොහොම කෙනෙක්ද කියල කව්ද දන්නේ.(නදී)
මේ අහුවුණ එකක් පමනයි. තව ඔය වගේ සිදුවීම් කියක් නම් අපිට ආරංචි වෙලා තියෙනවාද? දෙවියනේ මොනවා කරන්නද? එක පානදුරේ පැත්තේ ප්‍රදාන පෙලේ පාසලක ක්‍රිකට් ටීම් එකට තමාගේ පුතාව දාන්නත් ඒ ළමයාගේ අම්මට ක්‍රිකට් පුහුණුකරු සමග යහන් ගත වෙන්න වෙන බව මම හොදින්ම දන්නා දෙයක්. මොකද ඒ පුහුණු කරු මම දන්නා කෙනෙක්.(නදී)
අද සෑම වෘතියකම ඉන්න අය සැබෑ උගත් සදාචාරසම්පන්න අය නොවන බව මෙම සිදුවීම් වලින් පේනවා. අනික අම්මලත් පාසල් වලට යනකොට ගෞරවනීයව වනිතාවකට සුදුසු අන්දමට ඇදගෙන යන්න උවමනායි. එවිට තමයි තමන්ගේ දරුවන්ටත් එය ගෞරවයක් වන්නේ. නමුත් හැම දෙනාම දැන් හැසිරෙන්න විලි බිය නැතුව අමනුස්සයෝ ගානට ඉදිරි අනාගතය අපේ රටට හිමිවෙන්නේ සදාචාර සම්පන්න නොවන රට වලින් එක තැනක්.(නදී)
යන්තම් දාහක් වෙනකොට එකක් අහු වෙනවා. සමහර අම්මල ඇද පැළදගෙන යන විදිහ දැක්කම ඒවටම ලැහැස්තිවෙලා එනවා වගේනේ පෙන්නේ. මේවා දැන් සුළු දේවල්.(නදී)
ලිංගික අල්ලස ගැන පාඨමාලාවක් වගේ විෂයයකට උපදෙස් ගන්න මෙයා සුදුසු කෙනෙක්. සමහරවිට එම තනතුර අනාගතේදී එයාට ලැබේවි.(නදී)
විදුහල් පතිතුමා අම්මට නෑම වේලක් එහෙම දෙන්න හැදුවද දන්නේ නැහැ නේද?(නදී)
අහිංසක දරුවෙකුට අධ්‍යාපනය දෙන්න. එම දරුවාගේ අම්මා බිලිගන්න හදන පාපතරයින් මේ ලොවෙන් තුරන් කළ යුතුයි.(නදී)
මේ විදුහල්පති ප්‍රකාශයක් කළොත් මෙම කාන්තාවගෙන් ලිංගික අල්ලසක් ගත්තාමයි කියලා එයාටත් ප්‍රශ්නයක්. අල්ලස් ගැනීම වගේම අල්ලස් දීමත් නීති විරෝධීයි. (නි)
මේවට ඇමතිතුමාත් වගකියන්න ඕනෑ. ළමයි ගැනීම තනිකරම විදුහල්පතිටම පැවරීම වැරදියි. (නි)
වැටත් නියරත් දෙකම ගොයම් කනකොට ඔහොම තමයි. මට මතක් උනා අනුර බණ්ඩාරනායක මහතා වරක් මහා සම්මේලනයේදී කියපු කතාවක්.(නදී)
අර ෂෙහාන් කීව වගේ හරියටම උන දේ කියන්න බෑ. අනික ගැනියෙක් කැමති නම් බොහෝ පිරිමින් එකපයින්ම ලෑස්තියි. අනික දෙන්නෙක් කැමතිනම් කරගත්තට මොකද. එකත් ජීවිතයට අවශ්‍ය ම දෙයක් නේ.කවුරු හරි අහන්න පුළුවන් තමාගේ උවමනාව. එත් අකමැතිනම් නිකන් හිටියම ඉවරනේ පොලීසියට යන්නේ මොකටද. කට්ටිය කැමති නම් මම නම් කියන්නේ වැරද්දක් නෑ. දුෂණය කරනවානම් වැරදියි. (දී)
බන්දුල ඔයාගේ පුංචි මොලේට අපි කියන දේවල් තේරුම් ගැනීමට නොහැකිවීම ගැන කණගාටුයි .සමස්ත දිවයිනේම මිනිස්සු වැරදි කිරීමට බය නැති තත්වයක් අද ඇතිවෙලා තියෙනවා .(දී)
මේ ලංකාවේ සිදුවූ ප්‍රථම ලිංගික අල්ලස නොවෙයි
සමහරු මගේ ජාතකේ හොයනවා..තමන්ගේ ජාතකේ ගැන විස්වාස නැති අය තමයි සාමාන්‍යයෙන් අනුන්ගේ ජාතක හොයන්නේ. කමක් නැහැ කමක් නැහැ.. හොයල ගන්නකො ඔය දිසානායක හොයාගෙන තියෙනවා වගේ.ප්‍රජාතන්ත්‍රවාදයේ මුලිකම ලක්ෂණයක් තමයි අනුන්ගේ මත ඉවසීම.නමුත් ඔකේ නැත්තෙත් එකමයි .මෙයාල මේ රටේ නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියල කියන කට්ටිය.ඉතින් දැන්ම මෙහෙමනම් කවදාහරි අතට බලයක් ආවම අනෙක් මත දරන්නන්ට දෙවියන්ගේම පිහිටය්.... (දී)
බන්දුල පෙරේරාගේ උප්පැන්න සහතිකය මගේ මිතුරෙකු මාර්ගයෙන් මට ලැබුනා. ඒකේ නම විදිහට තියෙන්නේ. පුන්නක්කු කදිරලගේ බන්දුල පෙරේරා .උපන්දිනය 1965.4.1වෙනිදා ලෙස සටහන් වෙනවා. උපත තණමල්විල රජයේ රෝහල ලෙසත්. පියාගේ නමට හිස්තැනක් තිබෙන අතර මව ලෙස කාමිණි ගාඉල්මාලා ලෙස සදහන් මවගේ රැකියාව ලෙස තිබෙන්නේ මල් වෙළදාම.(නදී)
අද ජොලියේ ඉඳලා හෙට මළත් කමක් නෑ (අ)
විදුහල්පති හෝ ගුරුවරයෙකු 100% නිවැරදිව හැසිරිය යුතුයි. සමාජයෙහි කවුරු අල්ලස් ගත්තත් විදුහල්පතිවරුන්ට, හාමුදුරුවරුන්ට එහෙම කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. (නි)
අනේ අම්මේ! (නි)
වැඩි කතා ඕනේ නැහැ සාමාන්‍ය මිනිහකුගේ මල සිරුරක් ගන්න පුලුවන්ද පගාවක් නැතිව?(නදී)
ඇත්ත දන්නේ නැතිව කොහොමද තීරණය කරන්නේ. ප්‍රථිඵල බලලා ප්‍රතිචාර දාමු.(නදී)
ඔය කවුරුත් දකින්නේ එක පැත්තක් විතරයි. මොහු තවම වරදක් කරපු බව ඔප්පු වෙලා නැහැනේ නේද? ඉවසලා ඉන්න. මේක එයාට අටවපු උගුලක් කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්.තමන් නිර්දෝෂ බව ඔප්පු කරන්න ඔහුට පුළුවන් නම් අවස්ථාව දීලා ඊට පස්සේ සුද්ධවන්තයෝ වෙන්න බලන්න! (නි)
කෆුරුහමිගේ කට ගදයිලු. නම ධර්මදාස. කරන්නේ අධර්ම වැඩ.(නදී)
ඔව් ,මමත් හිතුවා මෙහෙම. ඒ කියන්නේ බන්දුල පෙරේරාගේ මව ඒ කාලේ පදිංචි වෙලා හිටියේ හම්බන්තොට කිට්ටුව වෙන්න ඇති නේද ? (නි)
නියම එඩිතර, යුක්ති ගරුක, ආදර්ශමත් කාන්තාවක්. ඔබතුමියට ජාතියේ ප්‍රණාමය.(නදී)
නිරෝධ මහත්මියගේ කතාව ඇත්ත තමා .මේ බන්දුල කොලුවා ජනිත වුනෙත් දේශපාලකයෙකුට මේ වගේ අල්ලසක් දීමේ ප්‍රතිපලයක් හැටියට තමා. ඒකනේ මේ කොලුවා දැන් එලොවටත් නැති මෙලොවටත් නැති දේවල් දොඩවන්නේ.(නදී)
කතුමඩලට මගේ ගෞරව පුර්වක ස්තුතිය පුදකරමින් තෙරුවන් සරණ පතනවා. මගේ නම ආරක්ෂා වෙන පරිදි විස්තරය පල කිරීම ගැන. මගේ රටට තෙරුවන් සරණයි.(නදී)
මට හිතෙන හැටියට දේශපාලකයෙකුට මේ වගේ අල්ලසක් දීමේ ප්‍රතිපලයක් හැටියට තමා මේ බන්දුල කියන පුද්ගලයත් මෙලොවට බිහිවෙලා තියෙන්නේ.(නදී)
අන්න ගුරු හොරු මෙයාව එක පැයකට අපිට බාර දෙන්න බැරිද? ඔවුන්ට උල තියන්න ඕනා.(නදී)
පාසලට දාන්න මව හෝටලයට ගෙන්වලා පැහැදිලි මදි , වැරදීමකින් උන්දාගේ අම්මාව ගෙන්වලද ?(නදී)
කෙසේ වෙතත් ශුද්ධ නගරයක සෙල්ලක්කාර ඇමති කෙනෙක් මෙවැනි වැඩ කරලත් අද උසස් ඇමති පුටුවක ඉන්නවා. සල්ලි බාගය, මාපිය ලොකුකම නිසා මෙව්ව යටපත් උනා. මෙවැනි වැඩ කරන තවත් ලොකු මිනිස්සු ඉන්නවා. විස්වාස ආරංචි මගින් මේ ටික දැන ගත්තා. ඇරත් ඒ කාන්තාවන් ඉදිරියට අවේ නැත්තේ තමන්ට රැකියාව අහිමි වෙන නිසා. ඇමති සේවකයෝ මේවට සාක්කි. නමුත් කට ඇරියොත් කාගේ කාගේත් බඩ කට හිස් වෙන නිසා සියල්ල යටපත් උනා. දැන්වත් මේ අපරාද නැවතේවා. ගරු ජනාධිපතිතුමනි ඇමති කොමිසන් පත් කර ඇමති මණ්ඩලය සංසෝදනය කරන්න. සාක්කි දෙන අයව ආරක්ෂා කරන්න. සමහර විදෙස්ගත ශිෂ්‍යත්ව දීලා තියෙන්නේ අසාධාරණ විදියට. මාතලේ පළාතේ ඉදල විස්ව විද්‍යාලයෙන් රට ඇවිත් ඉන්න මහාචාර්ය වරියක් සාක්කියට එදිරියට එන්න.(නදී)
අපේ පාසලේ නම්බුව කෑව (අ)
රාම්සි, ඔයගොල්ලො කරන දේවලින් ප්‍රශ්නෙ උග්‍ර වෙනවා මිසක් වෙන සෙතක් නැහැ (නි)
මේ අම්මා ඇත්තටම උසස් කාන්තාවක්. නමුත් මේ වගේ සිද්ධි ලංකාවේ හැමතැනම සිද්ධ වෙනවා. දෙපාර්ශවයේ කැමැත්තෙන්. සමහරවිට දරුවා වෙනුවෙන් කළහැකි වෙන දෙයක් නැති නිසා, ලක්ෂ ගණනින් ඩොනේෂන් දෙන්න සල්ලි නැති නිසා, බලපෑම් නිසා, සහ නොතේරුම්කම නිසා. නිදහස් වෙළඳ කලාප තුල, රාජ්‍ය සහ පුද්ගලික ආයතන තුල, මෙවැනි දේ බහුලයි. නමුත් වාර්තා වෙන්නේ නැහැ. (නි)
මේ රටේ ලොක්කෝ මේ වගේ දේවල් කරනවා. ඒත් අහුවෙන්නේ නැහැ. මේ අම්මත් හොද නැහැ වගේ, එයාගේ රහස් එළියට ඒවි. (නි)
ලංකා ගුරු සංගමය මොනවා කියයිද මේවට? (නි)
නිලධාරිවාදය සහ දේශපාලන ඇඟිලි ගැසීම් නැතිදාට මේවා සියල්ල විසදේවි (නි)
මේක පුදුම වැඩක්නේ.මේ මනුස්සයාව අල්ලලා රිමාන්ඩ් කළත් ලෙස්ලි මහත්තයට ඒක පෙනෙන්නේ නීතියේ ආධිපත්‍යය බිද වැටීමේ ප්‍රතිපලයක් හැටියට.. (නි)
රැකියා සොයා යන කාන්තාවන් තානායම්වලට එක්කල යන දේශපාලකයෝ ඉන්න රටක මේවත් මොනවද අනේ. (අ)
හරිම කණගාටු දායක තත්වයක් ..අපි ඔය දැන ගත්තේ එකක විතරි ..තව මොන තරන් මේ වගේ අපරාද වෙනවා ඇත්ද (අ)
මුලින්ම කලයුත්තේ මොහුගේ රැකියාව සහ සියලුම රජයේ වරප්‍රසාද අහෝසි කිරීම. ඉන් පසුව අධිකරණ නියමයෙන් නිසි දඩුවම් ලබාදීම අත්‍යවශ්‍යයි . තව දුරටත් මෙවැනි අපරාධ නොවෙන අයුරින්. (දී)
ඒ අම්ම වැඩේ කාගෙන. ඊලග ළමයා පිය උරුමෙන්ම ඉස්කෝලෙට දාගන්න තිබුනා. (දී)
ලෝකයේ තිබෙන ඉහළම සැපලු කම්සැප. නමුත් මෙය නිදහසේ තමන්ට රිසිසේ ලැබිමට බොහෝ දේවල් අවශ්‍ය කරනවා. සමහරු නීතියෙන් පිට ගොස් මෙම සැපත විඳින්න යනවා. සමහරු මුදල් වියදම් කර මෙම සැපත රිසිසේ ලබනවා. කාමයේ වරදවා හැසිරිම බුදු බණ අනුවද පවකි. නීතියෙන්ද වරදකි. (නි)
අපේ පැරණි කියමක් තියනවනේ ගල් දහයක් ගැහුවම එකක් හරි වදිනවා කියලා මේකත් එවැනි සිදුවීමක් වෙන්නට පුළුවන්! (අ)
මේ සර් චන්දෙ ඉල්ලයිද දන්නේ නැහැ (දී)
මිනිස් ජිවිත සෙල්ලම් බඩු වගේද
මේ අයට උපරිම දඩුවන් දෙන්න ඕනේ.ගුරු වර්තියටම ටික දෙනෙක් නිසා වන අපහාසයට. අනාගතේ ලෝකය බාරගන්න ඉන්න දරුවන් ගැන තමා දුක. (දී)
මෙය හුදෙකලා සිද්දියක් හැටියට නොගෙන විචාරාත්මකව සිතා බැලුවොත් මෙයින් ගම්‍ය වන්නේ සමස්ත රටේම නීතියේ ආධිපත්‍ය බිද වැටීමයි .මිනිස් ජිවිත සෙල්ලම් බඩු ගණනට දමමින් ඕනෑම වරදක් කිරීමට මිනිසුන් බය නැති ස්වබාවය තමයි මේ . (දී)
මේ ගුරාගෙන් හැදෙන ළමයි අනාගතේ සාර්ථකව දේශපාලනය නම් කරයි. (දී)
මොහුට නිසි දඩුවම් පමුනුවන්නත්,ඇප නොදීමට නීතිවේදීන් හා බලදරින් කටයුතුකර,මෙවන් අපරාද මින් මතු නොවීමට නීති දැඩි කලයුතුයි (දී)
අල්ලස් කොමිසමට මල් මිටක්,
මට නම් ලැජ්ජයි මේ විදුහල්පතිව බලන්නවත් (දී)
මේවා අපේ සමාජයෙන්ම මිනිසුන්ව නොමග යවන වැඩ. ලංකාවේ රාජකීය,සෙනට් තෝමස්, විශාකා,මියුසියස් ...කියලා හැම පාසලක්ම නම් කළා නම් මෙහෙම වෙන්නේ නැහැ, ඉස්සර උගත් මිනිහට තැනක් තිබුනා. දැන් තැනක් තියෙන්නේ පාසලට. කොයිතරම් විභාග සමත් වුණත් නමගිය පාසලක් නෙමෙයි නම් ඉතින් හොද රැකියාවක් ගන්න අමාරුයි (නි)
"ඒ අම්ම වැඩේ කාගෙන. ඊළග ළමයා පිය උරුමෙන්ම පාසලට දාගන්න තිබුනා. " රම්සි ඔය කිවුවේ, ඔයාට හෝ ඔයාගේ අම්මට ඔය ප්‍රශ්නය ආවා නම් මුහුණ දෙන ආකාරයනේ. එහෙම නේද? නමුත් අනික් ඔක්කොම අම්මලා එහෙම නැත. (නි)
"කොයිතරම් විභාග සමත් වුණත් නමගිය පාසලක් නෙමෙයි නම් ඉතින් හොද රැකියාවක් ගන්න අමාරුයි " නිකන් බොරු කියන්න එපා හලෝ. එහෙම තිබුනේ 1956 ට පෙරයි. (නි)
ලිංගික අල්ලසක් ගන්න තැත්කළා කියලම කියන්නේ කොහොමද. ලිංගික අල්ලසක් දෙන්න තැත්කළා වෙන්න බැරිද? ළමයව පාසලට ගන්න අකමැති වුණු නිසා තර්ජනය කරලා පොලිසියට කතා කළා වෙන්න බැරිද? සමහරවිට ළමයව ගන්න කැමති වුණා නම් පොලිසියට කතා නොකර ඉන්න හිටියා වෙන්න බැරිද? මෙතුමා මේ කාන්තාව බලහත්කාරයෙන් ඔය කාමරයට ඇදගෙන ගියාද? නැතිනම් සුසැට මායම් පෙන්වා එතුමාව කාමරයට රැගෙන ගියාද කවුද දන්නේ? අල්ලස දීල ඉවරවෙලා පසුව අල්ලස ගන්න හැදුවා කියනවද? මෙව්වා සියල්ලම වෙන්න බැරි නැහැ. තත්වය හරිහැටි නොදැන මත පළකිරීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. (නි)
"අනේ අනිච්චන්. මුන්දෑ කරගත්තු විපතක්." මුන්දෑට නම් ඕනෑම හෙණයක් අපට කමක් නැත නමුත් මුන්දෑගේ දරුවන් බිරින්දෑ කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? දරුවන් කොහොමද තම පාසලේ අනික් ළමයින්ට සහ ගුරුවරුන්ට මුහුණ දෙන්නේ? ගැහැණු දරුවෙක් ඉන්නවා නම් සිය දිවි හානිකරගන්න හිතයි. (නි)
ලංකාවේ දැන් මේක මෝස්තරයක් වෙලා. මහත්තයා එක හෝටලයක, නෝනා තව හෝටලයක. අපේ රටට ගිය කලක්! හරිම අසෝබන දේවල් (නි)
අල්ලස් කොමිසමට චීනෙන් අල්ලස් ගන්න අයව අල්ලන්න බැරිද? (නි)
අනේ අනිච්චන්. මුන්දෑ කරගත්තු විපතක්. (නි)
කාර්යාලයේදී කරන්න අමාරු සම්මුඛ පරික්ෂණයක් කරන්න එන්න කිව්වද දන්නෙ නැහැ හෝටලයට.මේක පළමුවෙන්ම කළ එක නෙමෙයි වෙන්න ඇති. (නි)
ලෙස්ලි ලෝව්, ඔබ හරි. මේක අයිස් කන්දක උඩ කොන විතරයි. අපරාධකාරයෝ කොතනත් ඉන්න බව ඇත්ත. නමුත් නීතියේ ආධිපත්‍යය බිඳ වැටුනාම, මිනිස්සු නීතිය ගැන තියෙන සැළකිල්ල ගෞරවය නැති වෙනවා. අපරාධ කරලා බේරෙන්න තියෙන ඉඩකඩ වැඩි බව දැක්කාම කවුද අපරාධ කරන්න නොපෙළඹෙන්නේ? (නි)
ධනවාදියි කියන අමෙරිකාවෙ රජයෙ පාසල් වලට කිසිම ගෙවීමක් නැතිලු. පාසල් බස්රිය නොමිලේලු. අනේ! අපේ රටට ගිය කලක් ! (නි)
ළමයා ඉස්කෝලෙට දා ගන්න අම්මලා කොයිතරම් මෙවන් දේ කරනවා ඇතිද (දී)
විදුහල්පතිගෙත් පටි රෝල් එහෙනම්? (නි)
විදුහල්පති නොව කම්පති... (නි)
කෝ මේ කෑගහන ගුරු සංගමේ, දණගස්සමුද මෙයාව? (නි)
ගුරුවරයාව කාන්තාව දණ ගැස්සුවා එහෙනම් (නි)
මේවා ගැන හොදින් බලන්න. මෙන්න ලංකාවේ අපිට වෙන කරුම... ඔක්කොම දුෂිතයෝ වෙලා ඉවරයි මේ ක්‍රමයෙන්. පොඩි එකාගේ පටන් ලොකු එකාගේ දක්වා හොරු,දුෂකයෝ. මම නිදහස් චින්තකයෙක්. මට පාට පක්ෂ බජනයක් නැහැ. ලංකාදීපේ මාධ්‍යයට ස්තුති වෙන්න අපිට ලැබෙනවා ආරංචි. බොහොම ස්තුතියි ඒකට. (නි)
නිල්මිණි.ඔයා ලැජ්ජා වෙන්න එපා. දැන් විදුහල්පති ඉන්නේ හෝටලේ නෙමෙයි රිමාන්ඩ් එකේ (නි)
ඇයි මේ වගේ අනුවණ වැඩ කරන්නේ? ආදර්ශමත් විය යුතු රැකියාවක් නේද විදුහල්පති කෙනෙක් කියන්නේ (නි)
දැන් ඉතින් මේ විදුහල්පතිගේ පවුල් ජීවිතයත් කඩාකප්පල් වුණානේ මේ වැඩෙන්. (නි)
ඒ අම්මා කිව්වද දන්නේ නැහැනේ මොන විදියකට හරි ළමයව පාසලට ගන්න කියලා (නි)