IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


කටුනායක ගුවන් තොටෙන් පී.සී.ආර් වාර්තාව පැය 3න්

(තිළිණි ද සිල්වා)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මගීන් සඳහාම වෙන්වූ පී. සී. ආර් පරීක්ෂණාගාරයක් ඉදිරි සති තුන ඇතුලත පිහිටුවීමට රජය කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ හරහා ගුවන් මගීන්ගේ පී. සී. ආර් පරීක්ෂණ වාර්තා පැය තුනක් ඇතුළත ඔවුන්ට ලබා දීමට හැකිිි පරිදී එම පරීක්ෂණාගාරය ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා කියා සිටී.

මෙම වසර අවසාන වන විට සැලකිය යුතු සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණු වන අතර එහිදී වඩාත් සැළසුම් සහගත ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරන හෙයින් රජය මෙම තීඍනය ගත් බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ගුවන් සමාගම් විසි පහක නියෝජිතයින් සමග සංචරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

කෙටිකාලීනව වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වාගැනීමට හැකිවන පරිදි සංචාරකයින්ට සහන පැකේජයක් ලබාදිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදී ගුවන් සමාගම් වල අවධානය යොමු කෙරිණි.

සාර්ථක එන්නත්කරණය කිරීමකින් අනතුරුව රජය විසින් සහන පැකේජ ක්‍රියාත්මක කිරීමත් සමඟම මෙම වර්ෂය අවසාන වනවිට සංචාරකයින් ගෙන්වා ගත හැකි රටවලින් ලංකාවට සැළකියයුතු සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වාගතහැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළකරයි.

දැනටමත් මේ සම්බන්ධයෙන් සංචාරකයින් ගෙන්වීමේ ආයතන සහ ගුවන් සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක් වට කිහිපයක් පවත්වමින් සැලසුම් සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා කීය.

 



අදහස් (2)

කටුනායක ගුවන් තොටෙන් පී.සී.ආර් වාර්තාව පැය 3න්

Nihal Monday, 12 July 2021 05:12 PM

ලංකාවෙන් විදේශගත වන අයට පි.සී.ආර්. ගුවන් තොටින් ගන්න පුළුවන් නම් ලොකු පහසුවක්...

:       0       0

බද්රානි Monday, 12 July 2021 06:31 PM

ඔය කියන පීසීආර් පරීක්ෂණාගාරය ගුවන් තොටුපලේ පිහිටුවලා දැනට අවුරුද්දකට පමණ ආසන්න කාලයක් වෙනවා. නමුත්, දොස්තර මාෆියා නාදයක් සහ ගුවන් තොටුපළ බලධාරී ඇතුළු තවත් බලගතු හස්තයක් එක්ව මෙම යන්ත්‍රය ප්‍රයෝජනයට නොගෙන, පෞද්ගලික රෝහල් අංශයකට මේ කටයුත්ත බාර දී තිබෙනවා. ඔන්න ඕකයි ඇත්ත. පිටරටවල සිට එන ගුවන් මගීන්ව හෝටල් සඳහා යොමුකොට, පීසීආර් වාර්තාව පමා කොට අසරණ ගුවන් මගීන්ගෙන් ගසා කන්නේ දැන් ඔය ඔතන තප්පුලන මාෆියා කල්ලියම තමයි. සමහරවිට සංචාරකයින්ට පමණක් මේ අවස්තාවේදී පිටරට වෙසෙන ශ්‍රී ලාංකික මෝඩ පුහු දේශප්‍රේමීන්ව පීසීආර් පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල් වලට යොමුකොට හෝටල් වලට දක්කයිද දන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 870 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 420 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 310 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1322 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1680 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1739 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site