තාක්ෂණික විෂය ධාරාව උසස් පෙළට හදුන්වාදීමෙන් නුතන විද්‍යාවේ දියුණුවත් සමග යාන්ත්‍රණයේ නියමුවන් ලෙස තාක්ෂණවේදීන් බිහිකරන්නට හැකි වෙතියිද මෙතෙක් පැවති කටපාඩම් අධ්‍යාපනයෙන් සීත කාමර උගතුන් බිහි වීම ඉන් අවම වෙතියිද යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අධික්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
උසස් පෙළ විෂය ධාරාවට තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් ඇතුළත් කැර ගැනීම හා රත්මලාන කොතලාවලපුර විද්‍යාලයයේ තාක්ෂණ විද්‍යා අංශය විවෘත කිරීමේ උත්සවයේදී ඔහු එසේ කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක්. මම දන්න වරලත් ගනකාධිකාරීවරයෙක් ඉන්නවා. දවසක් අපි පන්සල් ගිහින් මල් ගත්තා. මලක් 5යි, මල් 20ක් ගත්තා. මෙයා කැල්කියුලේටරයක් ඉල්ලුවා මල් මුදලාලිගෙන් මල් වලට සල්ලි දෙන්න.(නදී)
සෑහෙන්න කාලෙකට ඉහත දී ගන්න තිබුණු තීරණයක්. පහුවෙලා හෝ ක්‍රියාත්මක කිරීම අගය කරමි. සියකට රජ වෙයල්ලා කියල බලෙන් පවරලා අවසානේ එකක් රජ කරවලා අනිත් අනුනමයම නන්නත්තාර කරනවට වඩා මේ විෂය ධාරාව ඉගෙන ගැනීම තුල රජ වෙන්න බැරි උනත් හොදින් වැජබෙන්න පුළුවන්.(නදී)
අම්මෝ ඔව් මෙතුමා අපිට ආලෝකයයි,යාන්ත්‍ර විද්‍යාවයි අවුරුද්දක් යනකම්ම කට පාඩම් කෙරුව්වා.(නදී)
තාක්ෂණික විෂයන් කියන්නේ තොරතුරු තාක්ෂණය විතරක් නෙවෙයි නම් තමා හොද, තොරතුරු තාක්ෂණයට වඩා වැඩි උනන්දුවක් අනිකුත් දේශීය තාක්ෂණික විෂයන්ටත් දක්වනවානම් තමයි හොද.(අ)
බලන්න දේශපාලනය, යස අගේට කරන්නේ, කට පාඩම් කරලද? තනිකරම ප්‍රායෝගික අභ්‍යාස නොවැ ක්‍රියාවේ යොදවන්නේ.(නදී)
තාක්ෂණික අධ්‍යාපනය ලබාදීම ඉතාමත් හොඳයි. නමුත් ඊට මුලික ප්‍රවේශයක් ලෙස දරුවන් කුඩාකල සිටම හැඳි ගෑරුප්පු හෝ ලී කූරු වැනි වෙනත් උපකරණ හෝ භාවිතයෙන් ආහාර ගැනීමට පුරුදු පුහුණු කල යුතුයි. එසේ නොවුවහොත් බිහිවන්නේ වෘත්තිමය වශයෙන් රටට වැඩදායක ඉංජිනේරුවකු උවත් නිර්මාණශීලී භාවයක් කොහෙත්ම නැති අය තමයි (අ)
නීල් රණා මහතාට අමු කැවිලද? (නි)
නිර්මාණශීලි මිනිසෙක් බුද්ධිමතෙක් සහ සංවේදී මිනිසෙක් බිහිකරන්න රැකියා වෙළදපොල ඉලක්ක කරගත්. වරදින්නේ නැහැ එතකොට කවදත්. විෂය නිර්දේශ ගැන අපට අදහසක් නැහැ. කොහොම නමුත් හොදක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දරුවන්ට (නි)
මාලදිවයිනෙත් බහුතරයක් ඉන්නේ හැඳි ගෑරුප්පු වලින් රොටි, පරාටා, බත් කන අය තමයි. ඒත් රටේ ජනගහනයෙන් 90% පමණ ඉන්නේ කිසිම නිර්මාණශීලිත්වයක් නැති කම්මැලි පිරිසක්. (නි)
කවුද අනේ මේ නිල් රණා කියන පිස්සා? හැමතැනම පිස්සු අදහස් දානවා. (නි)
අන්තරේ, මොලේ පාවිච්චි කරනවානම් බලේ වැඩිකරගන්න පුලුවන් අවස්තාවක් ඔන්න. දැන් විශ්ව විද්‍යාල තුල උගන්වන පාඨමාලා සියල්ලම රැකියා එල්ල කරගත් ඒවා බවට වෙනස් කරන්න අරගලයක් කරන්න. ඒ වගේම හොඳ ඉංග්‍රීසි අධයාපනයකුත් ඉල්ලන්න. ඔබට සියලුම දෙමව්පියනුත් මහජනයාත් සහයෝගය දෙනු නියතයි. අන්තරේ ගැන ලොකු පැහැදීමකුත් ඇතිවෙයි. නැත්නම් විශ්ව විද්‍යාලවලින් දැන් පිටවෙන අයට නම් අනාගතේ එච්චර සුබ නැහැ.(නදී)
තාක්ෂණික විෂය ධාරාව උසස් පෙළට හදුන්වාදීමෙන් පමණක් කට පාඩම් කරලා විභාග පාස් වීම නවතන්න බැහැ. පිටරට විශ්ව විද්‍යාලවල බොහෝ චීන ළමයි විභාග පාස් වෙන්නේ කට පාඩම් කිරීමෙනුයි. (නි)
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා . (අ)
වැඩේ හොදයි ..එත් ගුරුවරු පිළිබද ප්‍රස්නේ මේකට බලපානවා..තාක්ෂණික දැනීම එන්නේ ප්‍රායෝගිකත්වයත් එක්ක..ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන වෘර්තීය සුදුසුකම් සපුරපු හොද ගුරුවරු පිරිසක් හොයල බදවා ගන්න..කටපාඩම් කරලා උපාදී ගත්තු උපදිධාරින්ට වඩා ප්‍රායෝගික මිනිස්සු ගැන සැලකිලිමත් වෙන්න..පාසෙලෙන් කරන අනෙක් හැම විෂයක්මළමයි සමත් වෙන්නේ උපකාරක පංති පිහිටෙන්.මේ ළමයින්වත් ඒ තත්වෙට ඇද නොදාන්න කටයුතු කරන්න..(අ)
නීල් රණා....හැඳි ගෑරුප්පු හෝ ලී කූරු වලින් කෑම කනකොට මොලේ හැදෙන්නේ කොහොමද?නිර්මාණශීලී භාවයක් එන්නේ කොහොමද කියනවද .මොලේ ටිකක් සර්විස් කර ගන්න (අ)
නිල රණ කියන්නේ අපිට දුනු ඊතල ගන්නද හැදී ගරුප්පු මොන මගුලකට අත් දෙක තියෙන්නේ ඔයාට අමු කැවිලද අම්මාපා (අ)