තිස්වසරක යුද්ධය නිම වි සිව් වෑනි විජයග්‍රහායි සෑමරුම ඊයේ ගාලු මුවදොර පිටියේ පවත්වන මොහොතේදී ඉතාලියේ පලෙර්මෝ නුවර කොටි හිතවාදිහු පිරිසක් ඊට විරුද්ධව උද්ඝෝෂනයක් කළහ.
ශ්‍රි ලංකා රජය අහිංසක දමිල වැසියන් දහස් ගනනක් මරා දමමින් ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරා ගත් බව එහිදි ඔවුහු චෝදනා කළහ. වෙනම රාජ්‍යයක් ගොඩනැගිම සදහා විදෙස් මෑදිහත් වීමක් අවශය බව එහිදි ඔවුහු පැවසුහ. පලෙර්මෝ නුවර හාර දහසකට අදික දමිල ජාතිකයින් පිරිසක් ජිවත් වුවද මේ සදහා සහභාගි වි සිටියේ එකසිය පනහකට අඩු පිරිසක් බව වර්ථා විය.
කොටි සංවිධානය ඉතාලියේ තහනම් සංවිධානයක් වුවත් ඉතාලි ජාතික කොඩිය සමග කොටි කොඩියද ඔසවා තිබු බව පලෙර්මෝ ශ්‍රි ලාංකිකයෝ පවසති. මේයට පෙර කොටි කොඩිය එසවු මොහොතේදි පවා කිහිප විටක් රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය දැනුවත් කලත් කිසිදු පිලියමක් එ සදහා නොලැබුනු බව ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අපිට තියෙන රිදුම වෙන රටවල අයට නැහැ. ඒ නිසා වෙනත් රට වලදී කොටි හම දාගත් ශ්‍රී ලංකා විරෝදී උද්ඝෝෂණ පවත් වන්න හැකියාව තියෙනවා. මන් දැකලා තියෙනවා උන් එක්ක අපේ සිංහල අයත් කීප දෙනෙක් සිටිනවා . සිංහල කොටි වෙන්න ඇති.(නදී)
ගණන් ගන්න එපා මුන් ඔක්කොමට පිස්සු ඇපයේ දොරකඩ ලගට ගිහින් කලානම් අර මිනිහ හිනාවත් එයි (අ)
තානාපති කාර්යාල පිහිටුවා තිඛෙන්නේ කොන්සියුලර් සේවා සපයන්න පමණක් නොවන බව එයාලා දන්නේ නැහැ. ලංකාවට විරුද්ධව රාජ්‍ය විරෝධි ක්‍රියා කොපමණ සිදුකලත් ඒ අය ඉන්නේ ඇස්, කන් පියාගෙන. එයාලගේ ලොකුම රාජකාරිය තමයි ලාංකිකයක් ඛෙදා වෙන් කිරිම, තානාපති සේවා නිලධාරින් කෙටවීම. ඉතින් ඒ රාජකාරි අකුරට ඉටු කරද්දි වෙන දේවල් මොකට කරන්නද නේද. ඇමති කෙනෙක් ආවම හොරෙන් එක්කන් ගිහින් පාටි දැමිම හැර වෙන කිසිවක් නොකරන ශ්‍රි ලංකා නිදහස් පාක්ෂික සංවිධාන නිලධාරින් යයි කියා ගන්නා සැවොම කරන්නේ, හුදෙක් තම ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට මාන බැලීම පමණයි. රජයට වෙන අපකීර්තියට පිලියම් යෙදීමට අවශ්‍ය දැනුම වත් ඒ අය ගාව නැති බව නම් ඉතාලියේ කවුරුත් දන්නා කරුනක්.(නදී)
ඉතින් ඔය තමිල් නාඩුව තියෙන්නේ ගිහිල්ලා පදිංචි වෙන්නකෝ ඕන විදිහට. (නදී)
ඕන රටක කොටි කොඩි දාගන නැටුවත් ලංකාවේ බැහැනේ. මෙහෙ (එංගලන්තෙත් ) නටන්නේ. අපේ සේනාධිනායකයා ඕවට බය නැහැ.(නදී)
ඔබ හරි අජිත්.(නදී)
අපේ තානාපති සේවයද? ඒවා දේශපාලන මඩ ගොඩවල්මනේ.(නදී)
ලලිත් යන්න තමිල්නාඩුවට. ඇයි දෙමල මිනිස්සු යන්න ඕනෑ?ජාතිවාදී සිංහල ඔහේලා තමයි ලංකාවේම ඉන්න ඕනෑ? කිසිම වෙනත් රටකට නොයා යුතුයි. මුස්ලිම්,දෙමල අය අඩුජාතිය නිසා,එයාලට ලෝකේ ඕනෑම රටකට යන්න පුලුවන් (නි)
හිතේ අමාරුවට වෙන්න ඇති (නි)
ඕනෑම කෙනෙකුට දෙයකට විරුද්ධව හඬ නැගිය හැක. එහෙත් මේ සුළු පිරිස හමුවේ අපේ රට බිය වියයුතු නැහැ. නැවත රට තුලට විෂබීජය නොයෙන්න තැනට පිළියම් යෙදිය යුතුයි. ජයග්‍රහණය සමරනවාත් සමගම ඒ ගැනත් සිතිය යුතුයි (නි)
නිලධාරින් යැයි කියා ගන්නා සැවොම කරන්නේ, හුදෙක් තම ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට මාන බැලීම පමණයි. රජයට වෙන අපකීර්තියට පිලියම් යෙදීමට අවශ්‍ය දැනුමවත් ඒ අය ගාව නැති බව නම් ඉතාලියේ කවුරුත් දන්නා කරුනක්. (නි)
අපේ රට කන්නේ ඔය වගේ දෙශද්‍රෝහියෝ තමා. (ස)
මම කිව්වේ ලෝකේ ඉන්න අංක එකේ ජාති ද්‍රෝහියෝ,දේශද්‍රෝහියෝ ඉන්නේ ලංකාවෙන් බිහිවුණු සිංහල ජාතිය තුල තමයි කියලා. (නි)