වෙසක් පොහොය නිමිත්තෙන් අඩු ආදායම් ලාභි පවුල් 75 ක් සඳහා වියළි ආහාර සලාක බෙදා දීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද සවස පැවැත්විණි.
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ අදහසක් අනුව කොටුව උසාවියේ නීතීඥවරුන්ගේ සහ උසාවි කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම පිංකම සිදු විය.
ගංගාරාම පරිවේනාධිපති තන්තිරිමුල්ලේ සරණ හිමියෝ ද අලුත් කඩේ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ද ,කොටුව උසාවියේ නීතීඥ සංගමය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයන්ත ඩයස් නානයක්කාර මහතා ප්‍රමුඛ නීතීඥවරුන් ද අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේස්ත්‍රාත් තුමාට බොහොම පින්. ලංකාවේ වෙනත් උසාවිවල මහේස්ත්‍රාත් වරුණුත් මෙහෙම කරනවානම් කොතරම් හොඳද ? (ස)
සාදූ සාදූ !
මේ මහේස්ත්‍රාත්තුමා ගැන පහුගිය දවස්වල පොර්ලිමේන්තුවෙත් කතා කළා නේද ? (ස)
උතුම් වැඩක් අනිත් උසාවි වලටත් හොඳ ආදර්ශයක්. දඩ ගෙවාගන්න බැරුව හිරේ ඉන්න අහිංසක මිනිස්සුන්ටත් නිදහස දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.(නදී)
ඉතා උතුම් කාර්යයක් (නි)
හොඳ කටයුත්තක් (නි)
අලි පැටියෙක්ට මවු සෙනෙහස නැති කරල බඩ කට පිරෙන්න පිං වැඩ කරන එක කොච්චර දෙයක්ද. අනේ වාසනාවන්. ලෝකෙන් උතුම් රට ලංකාවයි. ලංකාවයි. සිරි ලංකාවයි.(නදී)
පොලිසියේ අණට කීකරු නොවී ඒ පිළිබඳව දේශපාලකයන්ට පැමිණිලි කිරීම ,අලි පැටවු මවගෙන් වෙන්කොට තබා ගැනීම,මාධ්‍ය සංදර්ශන... ඊළඟට ? කෙළින්ම මැතිවරණයකට හෝ ඉහළ තනතුරක් අපේක්ෂා කිරීම. මේ ලංකාවේ හැටි . (නි)