IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොටුව උසාවියෙන් පොලිසියට දොස්

උසාවි නියෝග කඩ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල සිසුහු නව දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ.

තවත් සිසුන් හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.

විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැන්වූයේ පොලිසිය සිසුන්ට පහර දී ඇති බවයි. ඉතිරි සිසුන් සිව් දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද නීතීඥවරයා කීවේය.

තමන් අවම බලය භාවිත කළ බව පොලිසිය මහේස්ත්‍රාත්ට කීවේය.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසුවේ අවම බලය යනු ඇස් එළියට පනින තුරු පහර දීම නොවන බවයි. විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිසක් සමග කටයුතු කිරීමේ දී පොලිසිය ඔවුන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ද මහේස්ත්‍රාත් කීවේය.

මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් හතර දෙනා බැලීමට යෑමට නියමිතය.

 



අදහස් (0)

කොටුව උසාවියෙන් පොලිසියට දොස්

ඩික්සන් Monday, 19 May 2014 04:41 PM

කොහොමත් ඕවට පොදු ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඔය දැන් පාරවල් වල කෑගහන අයම උපාධිය අරගෙන රෝහල් වලට ගියාට පස්සේ පොඩි දෙයටත් වර්ජන පටන් අරගෙන අසරණ ලෙඩ්ඩු අසරණ කරනවා. එහෙම නැති වුණොත් පුදුමයක්. (නි)

:       0       0

සුනිල් Monday, 19 May 2014 06:17 PM

මේ අයට අවුරුදු 4ක උපාධිය දුන්නොත් රෝහල් අධ්‍යක්ෂ තනතුර දක්වා යාහැකියි නේද? (නි)

:       0       0

තරිදු Monday, 19 May 2014 11:48 AM

නියම වැඩේ තමයි පොලිසියටත් වුණේ (නි)

:       0       0

ඩිසිඩී Monday, 19 May 2014 12:02 PM

ඔහොම වෙන්නත් ඕනේ.(නදී)

:       0       0

ගිහාන් Monday, 19 May 2014 12:11 PM

පොලිසියට දොස් කිවුවා කියලා තව ලෙඩක් වැටෙයිද දන්නේ නැහැ. (ස)

:       0       0

උදයකාන්ත Monday, 19 May 2014 12:15 PM

මේවා බැලුවාම මිනිස්සු පොලිසිය එක්ක වෛර බදින එක සාදරනයි. ළමයින්ගේ ප්‍රශ්න විසදන ආකාරය වෙනස් කරන්න.(නදී)

:       0       0

ශක්ති Monday, 19 May 2014 12:51 PM

ඔවුන්ටත් ඳඩුවමක් තිබිය යුතුයි නේද? (නි)

:       0       0

උදය ද සිල්වා Monday, 19 May 2014 12:54 PM

මේවා අහනවිට අර කලින් වූ දේවල් ගැන ඇති වූ දුකත් නැතිවෙනවා. මේ නිසා මිනිස්සු පොලිසිය එක්ක වෛර බඳිනවා විතරක් නෙමෙයි ලැබුණු තැනදී පළිගන්න බලනවා (නි)

:       0       0

චමින්ද Monday, 19 May 2014 12:55 PM

අපේ ඔය පොලිසියම තමා දේශපාලකයෙකුගෙන් දුරකථන ඇමතුමක් ආවම අල්ලාගත් සැකකරුවන් නිදහස් කරන්නේත්. සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අහිංසකයන් අල්ලාගෙන පහර දීලා, තලා පෙලා දාන එක වැරදියි. ඒවාට දැන් ප්‍රතිඵල විඳින්න වෙලා තියෙන්නේ සමහර අහිංසක පොලිස් නිලධාරීන්ටම තමයි.(නි)

:       0       0

සේනක Monday, 19 May 2014 12:58 PM

මේ පොලිසියේ අයටත් දරුවෝ ඇතිනේ... (නි)

:       0       0

අනුරශාන්ත Monday, 19 May 2014 01:01 PM

පොලීසියේ මහත්වරු මීට වඩා හිතන්න ඕනෑ. මේ ඔබ දිගට හරහට පහර දී තලන්නේ හෙට දවසේ රටේ අනාගතයටයි. හරිම කණගාටුයි! (නි)

:       0       0

සමන් Monday, 19 May 2014 07:19 PM

නිදහස් අධ්‍යාපනය රැකගැනීම කෙසේවෙතත් අන්තවාදී දේශපාලකයන්ගේ ලණු කා සරසවි සිසු ජිවිත ගණනාවක් පහුගිය කාලයේ නිරපරාදේ නැති වුණා. සත්‍යපාලට තවම තේරුම් ගැනීමට බැරිවූ සත්‍ය මෙයයි. (නි)

:       0       0

පතිරත්න Monday, 19 May 2014 07:23 PM

එහෙනම් පොලිසිය ළමයින්ට පහරදීලා?? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 19 May 2014 07:23 PM

සත්‍යපාල මහත්තයෝ, කොහෙද මහත්තයෝ අද නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ? (නි)

:       0       0

නිශාන්ත Monday, 19 May 2014 01:22 PM

ළමයි හැසිරුන විනීත ශාන්ත භාවය අපි රූපවාහිනියේ දැක්කා. ඩයස්පෝරවෙන් එන සල්ලි වලට ළමයිගෙ ඔළු කන කාළකන්ණි පිරිසක් ඔතන ඉන්නවා. එයාලට මොටර් සයිකල් ඇදුම් සල්ලි සියල්ල ලැබෙනවා කියලා සමාජයේ මතයක් තියනවා. ඒක ඇත්ත නම් මහ පව් කාරයො පිරිසක්. කවදා හරි පල ලැබෙයි. (නදී)

:       0       0

මහී Monday, 19 May 2014 01:24 PM

මේ අයගේ ප්‍රස්නේ දිහා මීට වැඩිය මානුෂිකව බලන්න ඕන නේද..(නදී)

:       0       0

චන්දන Monday, 19 May 2014 01:24 PM

ම ටනම් පොලිසිය ගැන මොනවා උනත් දුක නැත්තේ, මේ වගේ වැඩ ඕනෑ තරම් කරන නිසා. (නදී)

:       0       0

සෙනෙවි Monday, 19 May 2014 01:26 PM

මේ වගේ වැඩ කරන්න ගිහින් තමයි සමහරු වෛර බැඳගෙන උස්සන් ගිහින් රිටර්න් දෙන්නේ.(නදී)

:       0       0

තබුක් සිල්වා Monday, 19 May 2014 01:31 PM

සුදුස්සාට සුදුසු තැන ලබා දෙන්න බලධාරීන් වගබලාගන්න.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 19 May 2014 01:46 PM

නිශාන්ත,ළමයි නොවෙයිනේ පුහුණුවේ කාලය අවුරුද්දකින් අඩුකළේ. එයාලා ඉල්ලන්නේ තමන්ට තව වැඩිපුර අවුරුද්දක් ඉගෙනගන්න දෙන්න කියලා. (නි)

:       0       0

අසෝකා Monday, 19 May 2014 01:50 PM

72 ජේ වී පි කලේ අපේ පළාතේ හිටිය පොලිස් ස්ථානාධිපති තරුණ ළමයි අල්ලලා බොහොම දරුණු වද දුන්නා. අවුරුදු දවසේ වෙනත් පොලිසියකින් අල්ලලා මේ පොලිසියට බාර දීපු තරුණයෝ කට්ටිය පොලිසියට ගෙනියන ගමන් අපේ ගෙදරට ආවා. ඇවිත් තාත්තට කිව්වා "මේ බලන්න මේ ළමයි දිහා මම කොහොමද මෙහෙම මේ ළමයින්ට මෙහෙම වද දෙන්නේ. තරුණ ළමයි දකින කොට මට මතක් වෙන්නේ මගේ දරුවන්ට වද දෙනවා කියලා. නිතිය තියෙන්නේ එ්කටනේ. අද අවුරුදු දවසේ පොලිසියට යන්න කලින් මේ ළමයින්ට මොනවා හරි කන්න දීල ගෙනියන්න මෙහෙ එක්කගෙන ආවේ කියලා". කොයි ආයතනෙත් හොද නරක දෙගොල්ලොම ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් කරන දේවලට හැමෝම පලි නැහැ. සෙරෙප්පු කුට්ටමේ කතාවත් මතක ඇතිනේ. පොලිස් ස්ථානාධිපතිතුමා එවලේ සපත්තු කුට්ටමක් අරන් දුන්නා.(නදී)

:       0       0

අසෝකා Monday, 19 May 2014 02:03 PM

අපේ පළාතේ හිටිය පොලිස් ස්ථානදිපති තුමා අපේ පළාතේ ජේ වී පි කියා කිසිම ළමයෙකු ඇල්ලුවේ නැහැ.(නදී)

:       0       0

කුමාර- අබුඩාබි Monday, 19 May 2014 02:08 PM

පොලිසියෙ මේ වගේ වෑඩ නිසා තමයි මිනිස්සු නීතිය අතට අරගෙන වැඩ කරන්නෙ. (නි)

:       0       0

කලීල් Monday, 19 May 2014 02:09 PM

පොලිසියට ළමයින්ගේ පැත්ත ගැන සාධාරණව හිතන්න තිබුණා (නි)

:       0       0

උපුල් Monday, 19 May 2014 02:10 PM

මේවා පොලිසියේ විතරක් වැරදි නොවෙයි. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන රජයේ ප්‍රතිපත්තියට විරුද්ධ වෙන කොටස් බියවැද්දවීම හොඳ දෙයක් නොවෙයි. අධ්‍යාපනයට සම්බන්ධ බලවත් කෙනෙක් පසුගිය දවසක ඒ ගැන ප්‍රසිද්ධියේම කතාකරලා තිබුන (නි)

:       0       0

නිශාන්ත Monday, 19 May 2014 02:26 PM

ප්‍රසන්න ඒක ඇත්ත. ඒ අවුරුද්ද දෙනවට විරුද්ධත් මීට කලින් වෙනත් උපාධියක් අරගෙන පිටව ගිය කන්ඩායමක්. එයාලා අතර ඒ කාලේ ජනප්‍රිය දිස්ත්‍රික්කවල ඉගෙනගෙන දුෂ්කර දිස්ත්‍රික්ක වලින් උ/පෙල ලියලා එතෙන්ට ගිය අයත් ඉන්නවා. අන්න ඒ අයට වඩා දැණුමෙන් ඉහල ලමයින්ට අවුරුදු හතරක් පුහුණුව දෙනවට විරුද්ධව අධ්‍යාපනයට ගරහනවා. (නදී)

:       0       0

අනුර ශාන්ත Monday, 19 May 2014 02:35 PM

අසෝකා මම ඔයාගේ අදහස් ටික කියෙව්වා හරිම වේදනායි. මටත් මතක් උනා 89 කාල වකවානුව. මමත් ගියා සිංහල අලුත් අවුරුදු දා අනුරාධපුරේ පොලීසියට ළමයෙක් බලන්න උදේ 10 ට විතර එතැන මහා කලබලයක් උදේ පාන්දරම රාළහාමි කෙනෙක් එහි හිටපු ජේ.වී.පි කියල අල්ලන් ආපු ළමයින්ට දිගට හරහට තඩිබානවා මම දැක්කා. කටවල් පැලිලා ලේ ගලනව්ත් දැක්කා. හරියට කුකුල් කොටුවට කලවැද්දා පැන්නා වගේ.(නදී)

:       0       0

වාසනා Monday, 19 May 2014 02:41 PM

උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා සැනසෙන්නේ (නදී)

:       0       0

රංජිත් සිල්වා Monday, 19 May 2014 02:42 PM

පොලීසිය ඉස්සරහට දමාගෙන මේ ප්‍රශ්නය දුර දිග ගෙනියන්න තරම් කරන මේ දේවල් මොලය ඇති අයට තේරෙන්නේ නැත්ද?.(නදී)

:       0       0

එස්.ඒ සම්පත් Monday, 19 May 2014 02:59 PM

පොලිසියේ අය ගොඩක් එක වගේ නැහැ. උගත් අය වගේම නුගත් අයත් ඉන්නවා. මේත් එහෙම අය වෙන්න ඇති.(නදී)

:       0       0

මයන්ත Monday, 19 May 2014 03:04 PM

සම සෞඛ්‍ය උපාධියේ කාළය අවුරුදු 4 කරා නම් ප්‍රශ්නය ඉවරයිනේ. ඒකටත් ළමයෙක් මැරෙනකම් ඉන්නවද දන්නේ නැහැ.(නදී)

:       0       0

ජයසිංහ Monday, 19 May 2014 03:10 PM

පොලිසියෙන් ගුටි කකා, පොලිසියට ගගහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියලා උද්ඝෝෂණ කරපු එක කොටසක් තමා අද අසරණ රෝගීන් ඇපයට තියලා වැඩ වර්ජන කරන්නේ. එදා ඒ අයට පොලිසියෙන් ගහන කොට අනේ පවු අසරණ දරුවෝ කියපු ජනතාවම තමා වැඩ වර්ජන වලට ඇපයට තියා ගත්තේ. (දිල්)

:       0       0

සමන් Monday, 19 May 2014 03:21 PM

අපේ ලංකාවේ සරසවි සිසුන් `වැඩිදෙනා නිදහස් අධ්‍යාපනයේ වටිනාකම නොදන්නා අය. ඔවුන් අන්තවාදී පක්ෂ වල අතකොලු වෙලා කරන වැරදි නිසා ඇත්තටම කරදරයක් වුනත් ජනතාව ඔවුන් දිහා අනුකම්පාවෙන් බලන්නේ නැහැ. අද ලෝකයේ බොහෝ රටවල මුලික උපාධියක් ගන්නත් අවම වශයෙන් රු 1000,000/= ක් වත් සිසුන් ගෙවන්න ඕනේ. එ්ත් ලංකාවේ නිකන් ඉස්කෝලේ උගන්නල සරසවි අධ්‍යාපනයත් නොමිලේ දීල තව මහපොලත් ආණ්ඩුවෙන් දීලා අන්තිමට වැඩිදෙනෙකුට ආණ්ඩුවේ රස්සාවක් දීලත් එ්ත් ඉගෙනගන්නේ නැතුව මුන් පිස්සු කෙලිනවා. එ්කයි ඇත්ත හැබැයි ඕක තේරුම් ගන්න බැරි සමහර අඥානයෝ දැන් මට බැනල කොමෙන්ට් දායි.(නදී)

:       0       0

සාලිය Monday, 19 May 2014 03:39 PM

සමන් , පුතේ දන්නා දෙයක් කතා කරන්න , තමන්ට කැම්පස් යන්න බැරි උනා කියල යන අයට ඉරිසියා කරන්න එපා.(නදී)

:       0       0

ශ්‍රීනා Monday, 19 May 2014 03:46 PM

එක එක්කෙනාගේ අදහස් එක එක වගේ. සමාජයේ ජීවත් වෙන අයත් එකිනෙකට වෙනස්. වෙලාවට හැමදේම කරනවා නම් එකම වගේ මිනිස්සු තමානේ බිහි වෙන්නේ. විවිධ විෂම දරුවෝ ලෝකේ හැම තැනම ඉන්නවා. මහේස්ත්‍රාත් තුමා කිව්වා වගේ ඇස් එලියට ගන්න අයිතියක් පොලීසියට නැහැ.(නදී)

:       0       0

රනිල් Monday, 19 May 2014 03:51 PM

අපිත් මේ ප්‍රශ්නය ආරම්බයේ සිටම හොදින් බලාගෙන ඉන්නවා. නමුත් හරි අවාසනාවන්ත තත්වයක් තියෙන්නේ. අදාල බලදරින් ප්‍රශ්නය මගහරිමින් සිටිනවා. හේතුව මොකක් උනත් අද මේ ප්‍රශ්නයට උත්තරදෙන්න හදන්නේ පොලිසිය මගින්. මේවට තමයි නියම විහිලු කියන්නේ. අදාල අයට ඕනෑකමක් තියෙනවනම් මේ ප්‍රශ්නය විසදන්න පුලුවන්. රටේ උගත්ම පිරිසට අයිති සාදාරන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ මෙහෙමනම් සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න වලට උත්තර සොයන්න හරිම අමාරු වෙයි.(නදී)

:       0       0

පෙරේරා Monday, 19 May 2014 03:53 PM

ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න නොදී හැමදාමත් කැම්පස් වල අවුල් ඇති කරන අයට නම් දඩුවම් දෙන්න ඕනේ.(නදී)

:       0       0

සුබසිංහ Monday, 19 May 2014 04:05 PM

මේ දවස් වල පොලිසියට අපලයි වගේ (නි)

:       0       0

සමන් Monday, 19 May 2014 04:10 PM

සාලිය, ඔයාට ගොඩක් පෙරයි මම ලංකාවේදී මගේ මුලික උපාධිය ගත්තේ. පස්සේ මම පිටරටවල් දෙකකින් පශ්චාත් උපාධි අරන් තිබෙනවා. ඒක නිසා මම අත්දැකීමෙන් මගේ අදහස දැම්මේ. (නි)

:       0       0

මහින්ද ඉතාලි Monday, 19 May 2014 04:19 PM

පාසල් දරුවෝ හා විශ්ව විද්‍යාල දරුවෝ සමග කටුතු කිරීමේදී බලධාරීන් යම්තාක් දුරට නම්‍යශීලි වියයුතුයි . තරුණ වයස අවේගශීලි වයස ඒ නිසා ඔවුන් හා සහයෝගයෙන් මේ ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතුයි .නැතිව විෂය භාර අමාත්‍ය තුමන්ලාගේ දැඩි තීරණවලට විසඳුම් සෙව්වෝතින් සමස්ත අධ්‍යපන පද්දතියම අඳුරේ . පක්ෂ බේද සමිති සමාගම් බේද නැතිව සියලු දරුවන් රටේ අනාගත ප්‍රාණය ලෙස හිතන්න , (අ)

:       0       0

සත්‍යපාල Monday, 19 May 2014 04:39 PM

සමන් මහත්තයෝ, මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකගන්න සරසවි ශිෂ්‍යයෝ තරම් කැපකිරීම් කළ කොටසක් රටේ තවත් නැතුව ඇති. ඔබට දරුවන් සිටිනවා නම්, ඔවුන් අධ්‍යාපනය ලැබුවන් හෝ ලබමින් සිටින්නන් නම් ඔවුන් අද ඒ බුක්ති විඳින්නේ එදා සරසවි සිසුන් කළ අරගලවල ප්‍රතිපලයි.මොන දේශපාලන මතිමතාන්තර තිබුනත් අපි ඒවා අගය කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3855 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2815 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3585 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3271 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 735 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1418 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36126 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site