IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘කොටුව මහේස්ත්‍රාත්ගේ නිවසෙත් අලියෙක්’

නඩුකාර උන්නාන්සේගේ ගෙදර කියා කාගේ ගෙදරකවත් අනවසරයෙන් අලින් තියා ගන්න බෑ .ඒ කාගේ ළඟ අලින් හිටියත්  ඒ අලි ඉදිරි සති කිහිපයේ අල්ලා ගන්නවා.

වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා විපක්ෂයට අභියෝග කළේ අලියන් නීතී විරෝධී තැන් තබාගෙන සිටින තැන් දන්නවානම් ඒ ඔත්තු දෙන ලෙසයි.

 එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් මහතා ඒ අභියෝගය එවෙලේම පිළිගත්තේය.

මෙන්න තැන් පහක් පුළුවන්නම් අල්ලන්නැයි ඇමැතිට කීවේය ‘හොදයි ඇමැතිතුමා මම ඔබට ඔත්තුවක් දෙන්නම් අලින් පස් දෙනකු තියාගෙන ඉන්න තැන් පහක් කියන්නම්.

පළමුවැනි අලියා මහරගම දේවාල පාරේ චුටි මහත්තයාගේ ගෙදර.දෙවැනි අලියා මහරගම විපස්‍යරාමයේ  නැත්තම් පුවක්පිටිය පන්සලේ .තුන්වැනි අලියා කෝට්ටේ පියසේන අමරතුංගගේ නිවසේ. හතරවැනි අලියා හොරණ වාසනා බේකර්ස් නිවසේ .අන්තිම එක්කෙනා කොටුව මහේස්ත්‍රාත්ගේ මහරගම නිවසේ. මේ තැන් වල අලි පැටවුන් ඒත් නැත්තම් ඇතුන් බලපත්‍රයක් නැතිව අනවසරයෙන් තබාගෙන සිටිනවා.පුළුවන්නම් අල්ලන්න.’

කථානායක චමල් රාජපක්ෂ මහතා

‘ඔය තරම් ඔය ගැන තොරතුරු කියන්න එපා අලි ටික රහත් වෙන්න පුළුවන්’



අදහස් (0)

‘කොටුව මහේස්ත්‍රාත්ගේ නිවසෙත් අලියෙක්’

ශානි Friday, 09 May 2014 01:51 PM

සතෙකුටවත් නිදහසේ ඉන්න නැති රටක්. (නදී)

:       0       0

චන්දන Friday, 09 May 2014 08:00 PM

කථානායකතුමා කිවුවා වගේ දැන් අලි පැටවු රහත්වෙලා ඇති. (නි)

:       0       0

මහේෂ් Friday, 09 May 2014 02:01 PM

හංසි, ඔබ කියන කෙනා ගැන දන්නෙ නැහැ, නමුත් අද සමාජයේ බහුතරයක් සුදු පිරුවට දාගෙන ලොකුවට දන්සැල් තොරන් ගහන අය තමයි ලොකුම හොරු.(නදී)

:       0       0

ගයාන් Friday, 09 May 2014 08:17 PM

අලියන් වැනි සතුන් කිසිම ආකාරයෙන් නිවෙස් වල කබා ගත නොහැකි අයුරින් නීති හැදිය යුතුයි.(නදී)

:       0       0

ගයාන් Friday, 09 May 2014 08:21 PM

ජනමාධ්‍ය නිසා රටේ අලි හොරු ඔක්කොම දැන් එළිවෙනවා. ජනපතිතුමනි ජනමාධ්‍යකරුවන් ආරක්ෂා කරන්න වැඩපිලිවෙලක් හදන්න.(නදී)

:       0       0

කමනී Friday, 09 May 2014 02:15 PM

වන සතුන්ට වත් නිදහසේ ඉන්න නැති රටක මිනිසුන් ගැන කවර කතාද ? (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 10 May 2014 06:09 AM

මේ කතාව ඇත්ත නම් සාමාන්‍ය අපි මොනවා කළහම මොකද? (නි)

:       0       0

සන්ජය Friday, 09 May 2014 08:50 PM

"ඔය තරම් ඔය ගැන තොරතුරු කියන්න එපා අලි ටික රහත් වෙන්න පුළුවන්’ ඇද්ද අහගත්තා? (නි)

:       0       0

සිල්වා Friday, 09 May 2014 09:09 PM

මිනිස්සුන්ගේ වැරදී වලට දඩුවම් කරන්නේ කොහොමද මෙහෙම ? (නදී)

:       0       0

කුසුම් Friday, 09 May 2014 03:14 PM

මේ කාලයේ අපේ අයට කරන්න හිතෙන අමුතු දේවල් වල හැටියට, මහේස්ත්‍රාත් තුමාටත් අලියෙකුගේ පිටේ යන්න ආසාවක් ඇතිවෙන්න ඇති. අනික එතුමා කියනවනේ ගෙදර ඉන්නේ ලයිසන් අලියෙක් කියල. සමහරු හිතනවා ඇති කැලේ ඉන්න ඕන අලි ගෙදර ගෙනල්ල පූජා භාණ්ඩයක් ලෙස කකුල් හතර බැඳලා තියා ගන්න. අනේ මන්දා? (ස)

:       0       0

තිලක් නන්දන වැල්ල හේවගේ Friday, 09 May 2014 03:29 PM

චන්දන මහතා, වැඩවසම් යුගයක් ආයේ එන්නේ නම් නැහැ. (ස)

:       0       0

චන්ද්‍රා Friday, 09 May 2014 05:20 PM

දැන් අලුත්ම ලෙඩේ අලි උන. පව් අසරණ සත්තු.(නදී)

:       0       0

විමලරතන හිමි. Saturday, 10 May 2014 10:34 AM

හැමතැනම හොරු, (ස)

:       0       0

උදයකාන්ත-ඇෆ්ඝනිස්ටන්. Friday, 09 May 2014 11:23 AM

මේ දිනවල අලින්ට අපල කාලයක් ලබලා තියෙන්නේ. ඒ නිසා සියලුම අලින්ට පරිස්සමෙන් ඉන්න කියමු. (ස)

:       0       0

සරත් බණ්ඩාර Friday, 09 May 2014 11:46 AM

නිතරම හොරකම් කරන එකට ඉස්සර කිවේ අලි හොරෙක් කියල. -අද කාලේ ඒ වචනේ වෙනස් වෙලා. (ස)

:       0       0

හෂාන් Friday, 09 May 2014 11:49 AM

ලංකාවේ මිනිස්සුන්ගේ වැරදී වලට දඩුවම් කරන්නේ කොහොමද මෙහෙම ?(ස)

:       0       0

චන්දන Saturday, 10 May 2014 11:29 AM

තිලක් මහත්මා , සමහරුන් ට අායෙත් ඒ වගේ යුගයක් ඇති කරගන්න උවමනා වෙලා තිබෙන බව මේ අලියන් ගේ ප්‍රශ්නය නිසා ඔප්පු වෙනවා. නැතිනම් සැළලිහිනියන් , හාවන් නැතිනම් පෙත්තප්පු ලා නේ පැහැරගැනීම් වල ට ලක් වෙන්නේ. (ස)

:       0       0

ලුම්බිණි Friday, 09 May 2014 12:06 PM

මේ හැම අයෙක්ම වන සතුන්ට මේ කරපු අපරාධයට දඬුවම් ලැබිය යුතුයි. (ස)

:       0       0

නිලංක Friday, 09 May 2014 12:13 PM

මට නම් හිතෙන්නේ ඔය අලි පහ රහත් වෙයි කියල. (ස)

:       0       0

අමිල ප්‍රභාත් Friday, 09 May 2014 12:15 PM

කතානායකතුමාගෙ කතාව නම් මරු. (ස)

:       0       0

විරාජ් ඒකනායක Friday, 09 May 2014 12:20 PM

කරුණාකරලා මට කතාකරන්න මම පෙන්නන්නම්.(නදී)

:       0       0

ශානු Friday, 09 May 2014 12:20 PM

පේන හැටියට මේ අලි ප්‍රශ්නය බලි ඇරලා වත් විසඳන්න බැහැ වගේ. රටෙන් 90% කටම වලව්වේ හාමු ලා වෙන්න ඕන වෙලා වගේ. (නදී)

:       0       0

චනිල් Friday, 09 May 2014 12:23 PM

අප්පච්ච්යේ ! දැන් බලාගෙන යනකොට රටෙන් 99% ක් වලව්වේ අප්පොලා නේ. අලියෙක් නැත්තේ මගේ ගෙදෙර විතරයි ද කොහෙද ? (ස)

:       0       0

ජේමිස් Friday, 09 May 2014 12:28 PM

තවත් කකුල් සංඛ්‍යාව වෙනස් අලි ටිකකුත් ඉන්නවා. පුලුවන් නම් අල්ලන්න (නි)

:       0       0

තිලක් නන්දන වැල්ලහෙවගේ Friday, 09 May 2014 12:37 PM

මහරගම දේවාල පාර කිවුවේ පමුණුවේද? නැත්නම් වෙන කොහේහරිද? පමුණුව දේවාල පාරේ චුටි අයියා කියලා කෙනෙක් නම් ඉන්නවා ඒත් එහෙ දන්න තරමට නම් අලි නැහැ (නි)

:       0       0

චන්න Friday, 09 May 2014 12:38 PM

මෙහෙම ගියොත් මීට පස්සේ ලංකාවේ විවාහ යෝජනා වල දෑවැද්දට අලි නාම්බෙක් යන්නත් සඳහන් වේවි (නි)

:       0       0

සම්පත් Friday, 09 May 2014 12:40 PM

මෙයාලා මේතරම් අලින්ට තියෙන ආදරේ මොකක්ද? අලි කැළෑවලනේ හදන්න ඕනෑ. ගෙවල් වල අලි හදන එක මෝඩ වැඩක් (නි)

:       0       0

චමී Friday, 09 May 2014 12:54 PM

සතුන්ට ස්වභාව ධර්මයට වින කරන අයට ස්වභාව ධර්මයම කවදා හරි දවසක දඩුවම් ලබා දෙනවා අමතක නොවන විදිහට. (ස)

:       0       0

ගන්දර සයිමොන් Friday, 09 May 2014 01:02 PM

වැටත් නියරත් ගොයම් කා නම් , කාට කියමිද මේ අවනඩුව ? (නදී)

:       0       0

චන්දන Friday, 09 May 2014 01:17 PM

සම්පත් මහතා, මේකයි ආසන්නතම හේතුව, ළඟදී සල්ලි සහ බලවන්තකම ලැබුන සමහරුකුට නැත්තේ කුලවන්තකම. ඉතින් අලියෙක් ගෙදර ඇති කලොත් වලව්වක් කියලා පාරේ යන මිනිස්සුන්ගේනුත් ගරු සරු කම් ලැබේවි කියලා හිතනවා. දැන් වැටහෙනවා ද ? (නදී)

:       0       0

පිටිගල Friday, 09 May 2014 06:54 PM

අලියෙක් දැවද්දට දෙනු ලබයි කියලා කපු මහත්වරු කියාවි. ෂාහ්! මොන තරම් අපූරුද? (අ)

:       0       0

ආනන්ද Friday, 09 May 2014 01:23 PM

අදහසක් විදියට කියන්නේ. ලංකාවේ හීලෑ අලි තබා ගැනීම තහනම් කරන්න බැරිද? අපේ පළාතේ පන්සලකට දේශපාලක තුමෙක් අලියෙක් තෑගි කලා. මුළු අවුරුද්දෙම කකුල් හතරෙන් ගැට ගහල ඉන්නවා. පන්සල් භූමියේදීම සතාට හිංසාවක් නේද කරන්නේ? මිනිස්සුන්ගේ පුහු ආසාවල් වලට අහිංසක සත්තු දුක් විදිනවා. අලි පවුලක් වනාන්තරයේදී කොච්චර ආදරයෙන් ඉන්නවද? පැටියාගේ දෙමාපියන් මරල හරි පොඩි එකා පන්නනවා.(නදී)

:       0       0

විරාජ් Friday, 09 May 2014 01:23 PM

ලංකාවේ මිනිසුන් කරන වැරදි වලට දඩුවම් දෙන්නේ කවදාද? (ස)

:       0       0

හංසි Friday, 09 May 2014 01:25 PM

මහේස්ත්‍රාත් තුමාගේ නමත් එළිදරවු කළා නම් ජනතාවට තොරතුරු දැනගැනීමේ තිබෙන අයිතිය තවත් තහවුරු වෙනවනේ.. ආදර්ශ මත් වීම ඉතාමත්ම විශිෂ්ට ගුණාංගයක්. පුවක්පිටිය පන්සලේ නම් මීට කලිනුත් අලි හිටියා. හොරණ අලියාගේ හිමිකරු නම් දනට පිනට බොහොම ලැදි ශ්‍රධාවන්තයෙක්. පළාතේ වෙසක් තොරණකට ඉහළම පරිත්‍යාගයත් කරලා තියෙන්නේ මොහු තමයි. .(නදී)

:       0       0

සඳුනි Friday, 09 May 2014 01:29 PM

මේක නම් අලිම අලි අපරාධයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 263 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1316 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1583 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 57 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2268 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2930 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35249 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24056 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site