නඩුකාර උන්නාන්සේගේ ගෙදර කියා කාගේ ගෙදරකවත් අනවසරයෙන් අලින් තියා ගන්න බෑ .ඒ කාගේ ළඟ අලින් හිටියත් ඒ අලි ඉදිරි සති කිහිපයේ අල්ලා ගන්නවා.
වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා විපක්ෂයට අභියෝග කළේ අලියන් නීතී විරෝධී තැන් තබාගෙන සිටින තැන් දන්නවානම් ඒ ඔත්තු දෙන ලෙසයි.
එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී පී හැරිසන් මහතා ඒ අභියෝගය එවෙලේම පිළිගත්තේය.
මෙන්න තැන් පහක් පුළුවන්නම් අල්ලන්නැයි ඇමැතිට කීවේය ‘හොදයි ඇමැතිතුමා මම ඔබට ඔත්තුවක් දෙන්නම් අලින් පස් දෙනකු තියාගෙන ඉන්න තැන් පහක් කියන්නම්.
පළමුවැනි අලියා මහරගම දේවාල පාරේ චුටි මහත්තයාගේ ගෙදර.දෙවැනි අලියා මහරගම විපස්‍යරාමයේ නැත්තම් පුවක්පිටිය පන්සලේ .තුන්වැනි අලියා කෝට්ටේ පියසේන අමරතුංගගේ නිවසේ. හතරවැනි අලියා හොරණ වාසනා බේකර්ස් නිවසේ .අන්තිම එක්කෙනා කොටුව මහේස්ත්‍රාත්ගේ මහරගම නිවසේ. මේ තැන් වල අලි පැටවුන් ඒත් නැත්තම් ඇතුන් බලපත්‍රයක් නැතිව අනවසරයෙන් තබාගෙන සිටිනවා.පුළුවන්නම් අල්ලන්න.’
කථානායක චමල් රාජපක්ෂ මහතා
‘ඔය තරම් ඔය ගැන තොරතුරු කියන්න එපා අලි ටික රහත් වෙන්න පුළුවන්’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියෙක් දැවද්දට දෙනු ලබයි කියලා කපු මහත්වරු කියාවි. ෂාහ්! මොන තරම් අපූරුද? (අ)
මහේස්ත්‍රාත් තුමාගේ නමත් එළිදරවු කළා නම් ජනතාවට තොරතුරු දැනගැනීමේ තිබෙන අයිතිය තවත් තහවුරු වෙනවනේ.. ආදර්ශ මත් වීම ඉතාමත්ම විශිෂ්ට ගුණාංගයක්. පුවක්පිටිය පන්සලේ නම් මීට කලිනුත් අලි හිටියා. හොරණ අලියාගේ හිමිකරු නම් දනට පිනට බොහොම ලැදි ශ්‍රධාවන්තයෙක්. පළාතේ වෙසක් තොරණකට ඉහළම පරිත්‍යාගයත් කරලා තියෙන්නේ මොහු තමයි. .(නදී)
මේක නම් අලිම අලි අපරාධයක්.(නදී)
සතෙකුටවත් නිදහසේ ඉන්න නැති රටක්. (නදී)
හංසි, ඔබ කියන කෙනා ගැන දන්නෙ නැහැ, නමුත් අද සමාජයේ බහුතරයක් සුදු පිරුවට දාගෙන ලොකුවට දන්සැල් තොරන් ගහන අය තමයි ලොකුම හොරු.(නදී)
වන සතුන්ට වත් නිදහසේ ඉන්න නැති රටක මිනිසුන් ගැන කවර කතාද ? (නදී)
මේ කාලයේ අපේ අයට කරන්න හිතෙන අමුතු දේවල් වල හැටියට, මහේස්ත්‍රාත් තුමාටත් අලියෙකුගේ පිටේ යන්න ආසාවක් ඇතිවෙන්න ඇති. අනික එතුමා කියනවනේ ගෙදර ඉන්නේ ලයිසන් අලියෙක් කියල. සමහරු හිතනවා ඇති කැලේ ඉන්න ඕන අලි ගෙදර ගෙනල්ල පූජා භාණ්ඩයක් ලෙස කකුල් හතර බැඳලා තියා ගන්න. අනේ මන්දා? (ස)
චන්දන මහතා, වැඩවසම් යුගයක් ආයේ එන්නේ නම් නැහැ. (ස)
දැන් අලුත්ම ලෙඩේ අලි උන. පව් අසරණ සත්තු.(නදී)
ලංකාවේ මිනිසුන් කරන වැරදි වලට දඩුවම් දෙන්නේ කවදාද? (ස)
කථානායකතුමා කිවුවා වගේ දැන් අලි පැටවු රහත්වෙලා ඇති. (නි)
අලියන් වැනි සතුන් කිසිම ආකාරයෙන් නිවෙස් වල කබා ගත නොහැකි අයුරින් නීති හැදිය යුතුයි.(නදී)
ජනමාධ්‍ය නිසා රටේ අලි හොරු ඔක්කොම දැන් එළිවෙනවා. ජනපතිතුමනි ජනමාධ්‍යකරුවන් ආරක්ෂා කරන්න වැඩපිලිවෙලක් හදන්න.(නදී)
"ඔය තරම් ඔය ගැන තොරතුරු කියන්න එපා අලි ටික රහත් වෙන්න පුළුවන්’ ඇද්ද අහගත්තා? (නි)
මිනිස්සුන්ගේ වැරදී වලට දඩුවම් කරන්නේ කොහොමද මෙහෙම ? (නදී)
මේ කතාව ඇත්ත නම් සාමාන්‍ය අපි මොනවා කළහම මොකද? (නි)
හැමතැනම හොරු, (ස)
තිලක් මහත්මා , සමහරුන් ට අායෙත් ඒ වගේ යුගයක් ඇති කරගන්න උවමනා වෙලා තිබෙන බව මේ අලියන් ගේ ප්‍රශ්නය නිසා ඔප්පු වෙනවා. නැතිනම් සැළලිහිනියන් , හාවන් නැතිනම් පෙත්තප්පු ලා නේ පැහැරගැනීම් වල ට ලක් වෙන්නේ. (ස)
තවත් කකුල් සංඛ්‍යාව වෙනස් අලි ටිකකුත් ඉන්නවා. පුලුවන් නම් අල්ලන්න (නි)
නිතරම හොරකම් කරන එකට ඉස්සර කිවේ අලි හොරෙක් කියල. -අද කාලේ ඒ වචනේ වෙනස් වෙලා. (ස)
ලංකාවේ මිනිස්සුන්ගේ වැරදී වලට දඩුවම් කරන්නේ කොහොමද මෙහෙම ?(ස)
මේ හැම අයෙක්ම වන සතුන්ට මේ කරපු අපරාධයට දඬුවම් ලැබිය යුතුයි. (ස)
මට නම් හිතෙන්නේ ඔය අලි පහ රහත් වෙයි කියල. (ස)
කතානායකතුමාගෙ කතාව නම් මරු. (ස)
කරුණාකරලා මට කතාකරන්න මම පෙන්නන්නම්.(නදී)
පේන හැටියට මේ අලි ප්‍රශ්නය බලි ඇරලා වත් විසඳන්න බැහැ වගේ. රටෙන් 90% කටම වලව්වේ හාමු ලා වෙන්න ඕන වෙලා වගේ. (නදී)
අප්පච්ච්යේ ! දැන් බලාගෙන යනකොට රටෙන් 99% ක් වලව්වේ අප්පොලා නේ. අලියෙක් නැත්තේ මගේ ගෙදෙර විතරයි ද කොහෙද ? (ස)
මේ දිනවල අලින්ට අපල කාලයක් ලබලා තියෙන්නේ. ඒ නිසා සියලුම අලින්ට පරිස්සමෙන් ඉන්න කියමු. (ස)
මහරගම දේවාල පාර කිවුවේ පමුණුවේද? නැත්නම් වෙන කොහේහරිද? පමුණුව දේවාල පාරේ චුටි අයියා කියලා කෙනෙක් නම් ඉන්නවා ඒත් එහෙ දන්න තරමට නම් අලි නැහැ (නි)
මෙහෙම ගියොත් මීට පස්සේ ලංකාවේ විවාහ යෝජනා වල දෑවැද්දට අලි නාම්බෙක් යන්නත් සඳහන් වේවි (නි)
මෙයාලා මේතරම් අලින්ට තියෙන ආදරේ මොකක්ද? අලි කැළෑවලනේ හදන්න ඕනෑ. ගෙවල් වල අලි හදන එක මෝඩ වැඩක් (නි)
සතුන්ට ස්වභාව ධර්මයට වින කරන අයට ස්වභාව ධර්මයම කවදා හරි දවසක දඩුවම් ලබා දෙනවා අමතක නොවන විදිහට. (ස)
වැටත් නියරත් ගොයම් කා නම් , කාට කියමිද මේ අවනඩුව ? (නදී)
සම්පත් මහතා, මේකයි ආසන්නතම හේතුව, ළඟදී සල්ලි සහ බලවන්තකම ලැබුන සමහරුකුට නැත්තේ කුලවන්තකම. ඉතින් අලියෙක් ගෙදර ඇති කලොත් වලව්වක් කියලා පාරේ යන මිනිස්සුන්ගේනුත් ගරු සරු කම් ලැබේවි කියලා හිතනවා. දැන් වැටහෙනවා ද ? (නදී)
අදහසක් විදියට කියන්නේ. ලංකාවේ හීලෑ අලි තබා ගැනීම තහනම් කරන්න බැරිද? අපේ පළාතේ පන්සලකට දේශපාලක තුමෙක් අලියෙක් තෑගි කලා. මුළු අවුරුද්දෙම කකුල් හතරෙන් ගැට ගහල ඉන්නවා. පන්සල් භූමියේදීම සතාට හිංසාවක් නේද කරන්නේ? මිනිස්සුන්ගේ පුහු ආසාවල් වලට අහිංසක සත්තු දුක් විදිනවා. අලි පවුලක් වනාන්තරයේදී කොච්චර ආදරයෙන් ඉන්නවද? පැටියාගේ දෙමාපියන් මරල හරි පොඩි එකා පන්නනවා.(නදී)