IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කඨින චීවරය රැගත් පෙරහර බෝට්ටුවෙන්

(එම්.සුසිල් ප්‍රියන්ත)

අපේ රටේ ගග මැද පිහිටා ඇති එකම විහාරස්ථානය වන බලපිටිය  මාදු ගග මැද පිහිටි කොත්දූව රජ මහා විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම අද (21) අලුයම් කාලයේදී  විහාරාධිපති කුඩාගල අභයරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

කඨින චීවරය රැගත් පෙරහර අද (21) අලුයම් කාලයේදී කොත්දූව රජ මහා වෙහෙර වටා මාදු ගගේ ඔරු, පාරු හා බෝට්ටුවලින්  සංචාරය කිරීම සිදු කෙරිණි.

ගොක් කොළවලින් සරසා තිබූ කොත්දූව රජ මහා වෙහෙරට අයත් මෝටර් බෝට්ටුවකින් කඨින චීවරය  මාදු ගගේ සංචාරය කෙරුණු අතර එය විහාරාධිකාරී ඕමත්තේ පඥ්ඥාකිත්ති හිමියන් ධාවනය කිරීමද විශේෂත්වයකි.

කඨින චීවරය සඝ සතු කිරීම මාදු ගග මැද මෝටර් බෝට්ටුවක් තුළ ද මහා සංඝයා දානය සදහා වැඩම කරවිමද ඔරු,පාරු හා මෝටර් බෝට්ටු මගින් අද (21) දහවල් සිදු කෙරේ



අදහස් (1)

කඨින චීවරය රැගත් පෙරහර බෝට්ටුවෙන්

ඇබිත්තයා Monday, 21 October 2024 12:27 PM

ඉස්සර නම් පංසල් හා විහාර සීමා තිබුණා... ඒත් දැන් එම සීමා කඩාගෙන මුදල් ඉපැයීම කරන්න කඨින වස්ත්‍රය අරගෙන හැමතැනම යනවා තවත් කාලයක් ගතවනවිට එක් එක් දායක සභාවේ බලපුළුවන්කාරකමට හා හාමුදුරුවන්ගේ බලයෙන් ශාසනයේ විනය නැත්තටම නැතිවේද කියලා ශාසනයට ලැදි අපිට බයකුත් නැතුවා නොවෙයි. ඔය විහාරයේ නම් එහෙම නැහැ කියලා හිතෙනවා. ඒත් රටේ මුදල් පස්සේ යන කඨින වස්ත්‍රය හිසේ තබාගත්තාම සියලු රැකවරණය ලැබෙනවා කියලා හිතාගෙන විනය කැඩීම නම් භයානකයි කියලා කියන්න පුළුවන්... මේවා ගැන මහානායක හාමුදුරුවන්ගේ අවධානයට යොමුවේවා...!

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 4414 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 1176 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1731 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1355 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 914 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2622 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 533 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site