
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අද කාවන්තිස්ස ඇතාට වෙච්ච අසාධාරණේ හෙට අනෙක් සත්තුන්ට වෙන්න ඉඩ තියන්න එපා යැයි පත් කළ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"දැන් ආණ්ඩුව උගුරට හොරා බෙහෙත් බොනවා.පරිසර අමාත්යංශය කරපු දේවල් ගැන කතා කරනවා. ප්රශ්නෙ තියෙන්නේ කාවන්තිස්ස ඇතාට වෙඩි තියපු එක.මාසයක් යනතුරු ඒ ගැන අවධානය යොමු වුණේ නැහැ.ඔබතුමාලගේ අමාත්යවරයා තුවක්කු දීලා එන සත්තුන්ට වෙඩි තියන්න කියලා පාර්ලිමේන්තුව ඇතුලේ කියලා දැන් මේ කතා කරන්නේ මොනවද? මේ තුවක්කු දීම නිසා පැහැදිලිවම වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.
අද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් ගැන කතා කරනවා .හැම හන්දියකම වෙඩි තියලා යනවා.එක පිට එක මරලා දානවා.එහෙව් එකේ වන සත්තුන්ට වෙඩි තැබීම අහන්න දෙයක් ද? අද කාවන්තිස්ස ඇතාට වෙච්ච අසාධාරණේ හෙට අනෙක් සත්තුන්ට වෙන්න ඉඩ තියන්න එපා යනුවෙන්ද මන්ත්රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd