(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව මැතිවරණ සමයේ කරනවා යැයි කියා මගහරින ලද පොරොන්දු රාශියක් මතක් කර දිය හැකි බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන්  මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුව කරපු දේවල් ගැන කියාගෙන ගියා. නොකරපු දේවල් ටිකක් මම මතක් කරන්නම්.සෞඛ්‍යයේ වැට් බද්ධ  ඉවත් කරන බව කිව්වා.පාසල් උපකරණ වලට ගහන වැට් ඉවත් කරන බව කිව්වා.කන බොන දේවල් වලට බදු ගෙවන්නේ මොකටද කියල එදා මැතිවරණ වේදිකාවේ  ඇහුවා. මාස හයෙන් හයට රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන බව කිව්වා.ලක්ෂ 14කට කාර් එකක් දෙනවා කිව්වා.ජපන් මෝටර් සයිකල් ගෙනත් දෙනවා කිව්වා.ජපන් මෝටර් සයිකලයක් තියා දැන් පා පැදියක් ගන්න විදියක් නෑ. ලක්ෂ හයකට ත්‍රීවිල් දෙනවා කියලා කිව්වා.ඒ මොකක්වත් නැහැ.මේවා පොදු ජනතාවට වැදගත් වන සහන. ඒ වගේම වරායේ බාන ගානට තෙල් ටික ගෙනත් දෙනවා කිව්වා.දැන් ඒ කොමිෂන් එක යන්නේ මොන ඇමතිවරයාටද කියලා  දන්නේ නෑ.දැන් මාසේ ගානෙ තෙල් වැඩි වෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.