IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කුඩු අල්ලන්න නෙදර්ලන්තෙන් ඇවිත්

හොරොයින් මත් කුඩු ඇල්ලීම සඳහා පුහුණු කළ ‘බෙලා’ නම්  ස්පින්ගර් ස්පැනිල්  සුනඛයෙක් නෙදර්ලන්තයෙන් ගෙන්වා අස්ගිරියේ පුහුණු කැර පානදුර පොලීස් කොට්ඨාසයේ සේවයට යොදවා ඇත.

 



අදහස් (0)

කුඩු අල්ලන්න නෙදර්ලන්තෙන් ඇවිත්

තාරු Thursday, 08 May 2014 11:28 AM

අනේ ෂෝක් පපියා! (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 07 May 2014 10:27 PM

ජයන්තගේ කතාව හරි විහිලුවට කරන්නේ කියලා නිකමට දේශ පාලුවන් ගේ ගෙවල් අසලක මේ සුණක මිත්තරයා මුදා හැරිය යුතුයි.(නදී)

:       0       0

ගන්දර සයිමොන් Wednesday, 07 May 2014 10:58 PM

කෙසේ උවත් බල්ලා බල්ලාමය . කන්න බොන දෙන කෙනාට ඇලුම කරති . මිනිසුන්ට නැති සමහර උසස් ගති පැවතුම් ඇති එකෙකි . (දී)

:       0       0

චමින්ද Thursday, 08 May 2014 12:16 PM

බලු පැටියාගේ කසාදෙ ජයටම ගනී එහෙනම් .(දී)

:       0       0

දොන් රොෂාන් දී සොයිසා Wednesday, 07 May 2014 11:55 PM

කකුල් දෙකේ සත්වයට වඩා කකුල් හතරේ සත්වයා රාජකාරිය ඉෂ්ට කරයි (දී)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 07 May 2014 04:21 PM

සීත රටක ඉදන් ඇවිල්ල අස්ගිරියේ පුහුණු වෙලා පානදුරේ සේවයේ යෙදෙන්න රස්නේ වැඩි නැද්ද හුරතලෝ.., (දී)

:       0       0

කල්ප Wednesday, 07 May 2014 04:23 PM

එතකොට අර ටොන් ගණන් කුඩු ඇල්ලුවේ ...? නෙදර්ලන්තේ බල්ලෝ ඉඳලද...? මේවට ඉතින් හිනා වෙන්ට වෙන්නේ...??????? (දී)

:       0       0

පුෂ්පසිරි Thursday, 08 May 2014 12:29 PM

යුරෝපයේ තිබෙනවා ඉතාම මිළ අධික පොළව ඇතුටළ් සෑදෙන හතු වර්ගයක්. කිලෝවක මිළ යුරෝ 5000 සිට ඉහළට වෙනවා. ඒවා පොළවේ යට තිබෙන තැන සොයාගන්නට ඉව අල්ලන්ට පුරුදු කළ මෙවැනි සුනඛයන් යොදා ගන්නවා . (නි)

:       0       0

ජනක Wednesday, 07 May 2014 04:31 PM

ලංකාවේ බල්ලන්ට මේ පුහුණුව දෙන්න බැරිද (දී)

:       0       0

රණතුංග Wednesday, 07 May 2014 04:40 PM

මේ දෙය කරන්න තිබුණේ මීට ගොඩක් කලින්. පරක්කු වෙලා හරි කරපු වැඩේ ගොඩක්ම හොඳයි.අනිවාර්යෙන්ම ගුවන් තොටුපලටත් මේ සතුන්ගේ සේවය ලබා ගත යුතුයි.ගොඩක් රටවල් වල ගුවන් තොටුපළවල් වල මෙවැනි සතුන් රේගුවට සහ විදේශීය තැපැල් පරික්ෂා කිරීමට ලොකු සහයක් ලබා දෙනවා.මෙවැනි සතුන්ගෙන් බේරී මත් ද්‍රව්‍ය රට ඇතුලට ගෙනිලි නම් බොරු. (ස)

:       0       0

සිරි Wednesday, 07 May 2014 04:40 PM

මෙයාව අවුරුද්දක් හමාරක් යන තුරු බොහොම හොඳින් බලා කියා ගන්න වේවි. ලංකාවට ගෙනල්ල 06 මාසයක් යනතුරු රේගු රෝග නිවාරණ ඒකකයේ රඳවාගෙන තියෙන්නත් ඇතිනේ. කෙසේවෙතත් ඝර්ම කලාපීය දේශගුණයට අනුගත වනතුරු අසනීප වලට සංවේදී වෙන්න තිබෙන ඉඩකඩ නම් ටිකක් වැඩයි කියලා අහලා තිබෙනවා? (දී)

:       0       0

අමල් Wednesday, 07 May 2014 04:48 PM

බල්ලන්ට ගිය කලක් (දී)

:       0       0

රණතුංග Thursday, 08 May 2014 01:18 AM

ජනක,හැම සුනඛයෙකුටම මේ කාර්ය කරන්න බැහැ.හොද තීක්‍ෂණ බුද්ධියක් ඇති සතුන් පමණයි මෙයට යොදා ගන්නේ. .සමහර විට, මේ සතාගේ දෙමව්පියන්ද නෙදර්ලන්තයේ මේ කාර්ය හොදින් කරනා සතුන් දෙදෙනෙකු විය හැකියි.සමහර රටවල, පොමනේරියන් වගේ හුරුබුහිටි සතුනුත් මේ රාජකාරිය කරනවා.මේ කාර්යට හුරුබුටි කම ප්‍රශ්නයක් වන්නේ නැහැ,සතාට තීක්‍ෂණ බුද්ධිය හොදට තිබේ නම්. (ස)

:       0       0

ඩිංගිරි සාජා Thursday, 08 May 2014 07:38 PM

මේ වගේ බල්ලකු වී උපදින්නත් පෙර පිනක් කරලම තියෙන්න ඕනෑ. මගෙත් පැතුම මතු උපදින ආත්මයක මෙවැනි බල්ලකු වී කුඩු ඇල්ලීමට සහය දීමය. මොකද මම දන්නවා කුඩුකාරයන් කවුද සහ කොහෙද ඉන්නේ කියා. මටත් රටට සේවයක් කරන්න පුළුවන් බල්ලකු වීමෙන් හරි (නි)

:       0       0

ධනා Wednesday, 07 May 2014 05:10 PM

බෙලා, ඔය හොඳ වෙන්න නම් මුලින්ම ලොක්කන්ගේ කුඩු ටික අල්ලලා දෙන්න ඕනෑ (නි)

:       0       0

සරත් Thursday, 08 May 2014 02:21 AM

පුහුණුව දීල තියෙන්නේ අස්ගිරියේ,............කුඩු ටොන් ගණන් ගෙන්නන අය ඉන්නෙත් ඒ පැත්තේ නේද....? (ස)

:       0       0

භානු Wednesday, 07 May 2014 05:12 PM

කුඩු ඇල්ලීම කෙසේ වෙතත් මේ බලු රාල ව හෙට වෙන කොට කවුරු හරි හොරකම් කරලා තියේවිද දන්නේ නැහැ. දැන් රටේ පැහැරගැනීම් වැඩියි නේ. ! (දී)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 05:32 PM

බලු රාළටත් දෙයියන්ගේ පිහිට තමයි.කුඩු අල්ලන්න ගිහින් බලු කුක්කාගේ ඇඩ්රස් නැතිවෙයිද? (නි)

:       0       0

චන්න Wednesday, 07 May 2014 05:35 PM

මේ බලු පැටියාගේ සුරුබුහුටි පෙනුම නම් හොඳ වැඩි. (දී)

:       0       0

නාමල් Wednesday, 07 May 2014 05:35 PM

මේ බල්ලාගේ පෙනුමෙන් නම් හොරෙක්වත් අල්ලයි කියලානම් හිතන්න බැහැ (දී)

:       0       0

සජිත් Wednesday, 07 May 2014 05:37 PM

මේ එක බල්ලාට පුලුවන්ද ඔක්කොම කුඩු අල්ලන්න (දී)

:       0       0

කසුන් Wednesday, 07 May 2014 05:42 PM

මේ බලු රාළට සෙනසුරු දශාව ලබලා වෙන්න ඇති. නැත්නම් සිවුපා සතුන් පවා උන් හිටි තැන් වලින් අතුරුදහන් වන කාලයක මෙහෙට ගොඩබහීද ? (නි)

:       0       0

අසෝකා Thursday, 08 May 2014 03:47 AM

එතකොට අර කලින් අහුවුණා කියපු කුඩු, කුඩු ගණයට වැටෙන්නේ නැත්තේ මේ බල්ලා නොසිටි නිසාද? අනේ එහෙනම් හොද බලු කුක්කා වගේ වරාය පැත්තේ රවුමක් ගහලම වැඩ පටන් ගත්තා නම් හොඳයි නේද? (නි)

:       0       0

නන්ද Wednesday, 07 May 2014 05:44 PM

මිනිසා වනයේ සිට නුතන ශිෂ්ටාචාරය දක්වා පැමිණි ගමනේදී ඔහුගේ සෙවණැල්ල මෙන් පැමිණි එක සතෙක් තමයි "සුනඛයා".එයා මිනිසාගේ කල්‍යාණ මිත්‍රයෙක්. වනයේ සිට ගමට/නගරයට එන්න මිනිසා මේ සතාට පාර පෙන්නුවත්, අද මිනිසාට සොයා ගැනීමට බැරි දේ සොයාගන්න මේ සතාගේ උපකාරය අවශ්‍ය වී තිබීම කෙතරම් අපුරු සිදුවීමක්ද? මිනිසා ගැන මතක් වෙන්න මතක් වෙන්න මම මගේ බලු සුරතලාට වැඩි වැඩියෙන් ආදරය කරමි.(දාර්ශනිකයකුගේ කියමනකි). (නි)

:       0       0

අසෝකා Thursday, 08 May 2014 03:52 AM

මේ බල්ලා අල්ලන කුඩු වලට ඊට පස්සේ මොකද කරන්නේ? කවුද ඒවා උසාවියට ඉදිරිපත් කරන්නේ? නඩු කියන්නේ? හරියටම තේරුනේ නැති නිසා ඇහුවේ. වරදවා හිතන්න එපා! (නි)

:       0       0

ගන්දර සයිමොන් Wednesday, 07 May 2014 05:51 PM

මේ සුනඛයා හොඳම තැන අපේ කටුනායක ගුවන් තොටුපල සහ වරාය රේගුව ගුදම් අංශයට. නෙදර්ලන්තයෙන් පැමිණ අපිට සේවයක් කරනව‍ාට ඔබට ස්තුතියි! (නි)

:       0       0

ආරියරත්න Wednesday, 07 May 2014 05:57 PM

බල්ලෝ, අනේඋඹවත් මේ ජරා ව්‍යයසනය නතර කරලා දෙන්න. පින් සිදු වෙනවා! (නි)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Wednesday, 07 May 2014 05:58 PM

ජනක මහත්තයෝ, අපේ ලංකාවේ බල්ලන් ඉව කරන්නේ අසුචි වළවල් වලට නිසා කුඩු ඇල්ලීමට ඔවුන් දක්ෂ නැතිලු. මේ බල්ලා රට බල්ලෙක්. අපේ බල්ලන් ගැන සැළකුමක් නැහැ (නි)

:       0       0

අල්විස් Thursday, 08 May 2014 01:43 PM

මේ බල්ලාට හොද තැනකින් කටයුත්තක් කරලා දෙන්න (දී)

:       0       0

අජේ Wednesday, 07 May 2014 06:07 PM

අපෙන් නුඹට සුභ පැතුම්! (නි)

:       0       0

උත්තරා බණ්ඩාර Thursday, 08 May 2014 01:52 PM

ලංකාවේ දැන් කොරියානුවන් ගොඩක් සිටිනා නිසා ඔවුන්ගෙන් මෙම බල්ලාව රැක ගන්න. කොරියාවේ මිල ඉහල සහ රසම ආහාරයක් බලු මස්.(නදී)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 07 May 2014 06:07 PM

නිකමට වගේ සමහර දේශපාලකයන්ගෙ ගෙවල් පැත්තෙ "විසිට්"එකක් ගියොත් මොකද? මම නිකන් කටකහනවට වගේ කිවුවේ (නි)

:       0       0

ඇල්බට් Thursday, 08 May 2014 07:27 AM

බෙලෝ ' මෙහෙත් හිටියා හොඳ හොඳ බල්ල. අපේ අය උන්ව කසාද බන්ඳලා ජරාව දීල ෂේප් උනා. උඹ එහෙම ඕවට අහු වෙනවා නෙමෙයි.(නදී)

:       0       0

හේමානන්ද Wednesday, 07 May 2014 06:39 PM

බල්ලා අතීතයේ සිටම මිනිසාගේ සමීප මිතුරායි. ඔවුන් අවංක,මිත්‍රශීලී,දක්ෂ සත්ත්ව ‍කොට්ඨාශයකි (නි)

:       0       0

අවන්ති Thursday, 08 May 2014 03:22 PM

බල්ලෝ නැවක් ගෙනාවොත් ඔන්න ටිකක් මෙල්ල වෙයි (දී)

:       0       0

දකුණේ සිල්වා Wednesday, 07 May 2014 06:42 PM

ජනක ,, ලංකාවේ බල්ලන්ට ඔය වැඩේ හරියට කරන්න බැහැ..... බල්ලා අදුනන කෙනෙක් දැක්කම කුඩු ටික අල්ලන්නේ නැතිව ලිස්සලා යාවි ...අපේ පොලිසිය වගේ (නදී)

:       0       0

සඳුන් Wednesday, 07 May 2014 07:03 PM

අනේ "බෙලා" පරිස්සමින්! ඔය නීති කරන්න ගිහිල්ලා, කුරුණෑගල රාළහාමිලා දෙන්නෙකුට වුණ දේ දන්නවනේ? උත්සාහ කරලා බැරි වුණොත් ඔයත් ඔන්න ඔහේ වලිගේ හකුලාගෙන ඉන්න. (නි)

:       0       0

හේමා Wednesday, 07 May 2014 07:47 PM

ආදරණිය බෙලා, මම ඔබට ජයග්‍රණය ප්‍රාර්ථනා කරනවා..(නදී)

:       0       0

වික්‍රම බොස්ටන් Wednesday, 07 May 2014 08:03 PM

මෙයාගේ රැකියාව සඳහා පාර්ලිමේන්තු වට රවුම පැත්ත නරකත් නැහැ. යන එන වාහන ඉව කරවලා බැලුවොත් හොඳයි.(නදී)

:       0       0

ශාන්ත Thursday, 08 May 2014 05:01 PM

පෙළපතක් තියෙන බල්ලන්ට මතක ශක්තිය තියෙනවා, වර්ගයකම බල්ලෝ පොලිසියට නැහැ (දී)

:       0       0

ලාරා Wednesday, 07 May 2014 08:38 PM

කුඩු අල්ලන්න කලින් බල්ලව හොඳට අල්ලගන්න පොලිස් මාමේ (නි)

:       0       0

දිලුෂි Thursday, 08 May 2014 11:15 AM

අනේ ඔව් බෙලෝ..,ඔන්න ඔයා නම් විවාහ වෙන්න එපා. ඔය ආව කාරණේ හොඳින් මතක තබාගෙන රාජකාරිය හොඳින් ඉටු කරලා දෙන්න ඕනේ. හොදේ පැටියෝ ......!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 267 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1322 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1591 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2280 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2937 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35251 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24057 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site