IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුඩා කාලයේ ගැලවුණු නියපොත්ත තවමත් හරිගියේ නැහැ

slide_295790_2414417_smallප්‍රශ්නය - මට වයස අවුරුදු 12 දී වැටිමකින් කකුලේ මහපට ඇගිල්ලේ නියපොත්ත ගැල වුණා. ඒ කාලයේ දී මම බෙහෙත් කළේ නැහැ. නමුත් දැන් මට වයස අවුරුදු 27ක් වනතුරුම මේ නියපොත්ත හරියට වැවෙන්නේ නැහැ. නියපොත්ත එන මුල් අවදියේ වැලි, මඩ ගිය නිසා මම නියපොත්තේ දෙපැත්ත සුද්ද කළා. එම නිසා නියපොත්ත දෙපැත්තෙන් ගොඩක් කැතයි. ඒ වගේ ම නියපොත්ත දෙපැත්ත කළු පැහැයක් ගන්නවා. ඒ වගේ ම ගඳක් එනවා. මට දැන් මෙය මානසික වදයක් වි ඇත. නැවත නියපොත්ත හරියාකාරයෙන් වවෙන්නට මා මොනවා කළ යුතු ද ? - සමන් -

පිළිතුර - නියපොත්තක් ගැලවීයන අවස්ථාවේ එහි මූලයට හානි සිදුවුවහොත් අළුතෙන් එන නියපොත්ත පෙර පරිදි ලස්සනට වැඩෙන්නේ නැත. කුණු දුහුවිලි හා මඩ යාමෙන් නියපොත්ත දෙකෙලවර ආසාදනය විය හැකියි. මෙය කළ හැකි එකම පිළියම වන්නේ නිතරම නියපොත්ත හා ඒ දෙපස වියළිවත් පිරිසිදුවත් තබා ගැනීමයි. කුණු දුහුවිලි හා මඩ රැඳෙන්න ඉඩ දෙන්න එපා. නියපොත්තේ අසාදිත තත්ත්වයක් තිබෙන්නම් විෂ බිජ නාශකයක් යොදා තරමක් සෙමෙන් පිරිසිදු කරන්න. තදින් පිරිසිදු කළ විට දෙපස හෑරී යා හැකියි. ඔබේ නියපොත්ත පිරිසිදුව හා වියළිව තබා ගැනීම හැර දැන් කරන්නට දෙයක් නැත.

(මේ සඳහා පිළිතුරු සැපයුවේ කොලඹ විශ්වවිද්‍යාලයේ ශල්‍ය ශාලාක්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය පද්මසිරි දිසානායක මහතා සහ විශේෂඥ සර්වාංග රෝග වෛද්‍ය උපුල් ද සිල්වා මහතා විසිනි)

ප්‍රශ්නය - පුරස්ථි ග්‍රන්ථියේ රෝගාබාධ නිට්ඨාවට සුවකළ හැකි ආයුර්වේද වෙදැදුරකුගේ විස්තර ලබා දෙන්න. - අනුරාධපුරයේ ගුණරත්න - 305235-37818-53

පිළිතුර - පුරස්ථි ග්‍රන්ථියේ රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට කොළඹ රාජගිරියේ ආයුර්වේද රෝහලේ බාහිර රෝගී අංශයේ කාමර අංක 15ට පැමිණෙන්න. සතියේ දිනවල සහ සෙනසුරාදා උදේ වරුවේ එහි සායනය පැවැත්වෙයි. 

9dc798f01de83e2bd3fae37a3126c621ප්‍රශ්නය - වසර කිහිපයක සිට පවතින තුනටියේ අමාරුව (ස්නායු අමාරුව) නිට්ඨාවට සුව කළ හැකි ආයුර්වේද වෛද්‍යවරයකු පිලිබඳ විස්තර ලබාදෙන්න.

පිළිතුර - තුනටියේ අමාරුවට විවිධ හේතු බලපායි. එය ස්නායු අමාරුවක්යැයි පූර්ව නිගමනයකට එල්බ සිටීම වරදකි. වඩාත් සුදුසු වන්නේ කොළඹ රාජගිරියේ ආයුර්වේද රෝහලට අඟහරුවාදා දිනක පැමිණ එහි බාහිර රෝගී අංශයේ පැවැත්වෙන චාන්දනී පියසේන මහත්මියගේ සායනයට සහභාගී වීමයි.

Fat men die of prostate cancerප්‍රශ්නය - වෛද්‍යතුමනි. මගේ උදරයට ඉහළින් සැරව ගෙඩියක් ඇවිත් සුවවුණා. නමුත් එතනින් නිතර නිතර සුදු පාට සැරව එනවා. හැමදාමත් නොවෙයි. මේක පිළිකා තත්ත්වයට හැරෙයි ද කියා බියක් තිබෙනවා. කරුණාකර මේ ගැන පහදා දෙන්න. කවර ප්‍රතිකාරයක් ගත යුතු ද ? - අජිත් ප්‍රනාන්දු -

පිළිතුර - සැරවගෙඩියක් පැමිණෙන්නේ පිළිකා තත්ත්වයක් නිසා යැයි අනියත බියක් ඇතිකරගැනීම අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් සැරව ගෙඩියක්  පැමිණිවිට එය සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතුයි. එසේ නොකර කොටසක් පමණක් ඉවත් කළහොත් යළි යළිත් සැරව ගෙඩිය මතුවෙයි. මේ නිසා ළඟම ඇති රජයේ රෝහලක ශල්‍ය වෛද්‍ය සායනයක් වෙත යන්න.

mans-man-drinkingවිකසිත අමිලගේ ප්‍රශ්නයට පිළිතුර

ඔබ දක්වා ඇති විස්තර අනුව ඔබට කිසිදු ගැටළුවක් නැත. ශරිරයේ සහ එහි කොටස්වල විශාලත්වය තීරණය වන්නේ ස්වභාවිකය. ජනන ඉන්ද්‍රිය විශාල කර ගැනීමට හැකියාව ඇතැයි පවසමින් විවිධ උපකරණ හා බෙහෙත් යැයි කියන ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවාට නොරැවටෙන්න. ඔබ නිරෝගී අයෙකි. පසුතැවිලි නොවී ජීවිතය යහපත්ව ගත කරන්න.

පිළිතුරු දුන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා විසිනි



අදහස් (0)

කුඩා කාලයේ ගැලවුණු නියපොත්ත තවමත් හරිගියේ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 22 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 332 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 395 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2266 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 59 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12761 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36639 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 179 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site