හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහිව සිටි තරුණයන් දෙදෙනකු (28 , 31) ගෙවල් දහයක් බිඳ සොරාගත් රුපියල් දස ලක්ෂයක භාණ්ඩද ඔවුන් ළඟ තුබූ ගෑස් පිස්තෝලයක් හා බෝර 12 අවියක් ද, කුඩු මිලි ග්‍රෑම් පහක් පමණ ද සොයා ගත් බව ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
එක් අයකු හමුදාවෙන් පැණ ගිය අයකු බවත් අනෙක් තැනැත්තා තංගල්ල රන්නේ අයකු බවත්, බෝර 12 අවිය ගම්පහ කිරිඳිවිට නිවසකිත් සොරාගත්තක් බවත් පොලිසිය කියයි.
රන් දම්වැල්, කරාබු, බ්‍රේස්ලට්, දුර බලන කණ්නාඩි, කඩුවක්, උල් පිහි සහ තනකොළ කපන මැෂිමක් ද සොයා ගත් භාණ්ඩ අතර විය.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පිට ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ ඒ එස් කරුණාරත්න මහතා පරීක්ෂණ පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ............බුදු හාමුදුරුවනේ (දී)
තවම අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදවන්න ලැබිල නැහැ වගේ. මිලි ග්‍රෑම් 5 යි නේ නිපදවල තියෙන්නේ. හැබැයි මේ ආයුධ ලයිස්තුවේ හැටියට තව හංගපු ආයුධ නම් තියෙන්න පුළුවන්. (නදී)