කාන්තාවන්ගේ ගෙළ බැඳි රන් මාල කඩන කල්ලියක තරුණයන් දෙදනකු (19, 34) කොල්ලකෑ රුපියල් පන් ලක්ෂයක පමණ රන් මාල සහ යතුරු පැදියක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
මත්කුඩු ගැනීම සඳහා මොවුන් රන් මාල කඩන බව ද සොරාගන්නා යතුරු පැදි මේ සඳහා යොදා ගන්නා බව ද පොලිසිය කියයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ හා පොලිස් අධිකාරී (1) රංජිත් මාසිංහ මහතාගේ අධීක්ෂණයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශේන්ද්‍ර පතිරාජ මහතාගේ උපදෙස් පිට විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට ඇබ්බැහි උනාම මේ වගේ දේවල් නොකරනවානම් තමා පුදුමේ. ඒත් පවු අසරණ මිනිස්සුන්ගේ රන් ආබරණ, ඒවා ගන්න දුක්විඳින හැටි මෙ අයට තේරෙන්නේ නැහැ නේ.(නදී)
කොහොමද මේ දේවල් මිනිස්සු අතරට එන්නේ (දී)