(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ සිරි නිහාල් ගමගේ )
යම් පිරිසක් නිවසට පැමිණ කඩුවකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ 23 හැවිරිදි පුද්ගලයෙක් අද අලුයම ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය බව වඳුරඹ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වඳුරඹ,ඉහළ කීඹිය, විවරුගොඩ පදිංචිව සිටි ගම ආරච්චිගේ සසී මධුශංක නැමැති එක්දරු පියෙකි.
මෙම මිනීමැරුම සම්බන්ධයෙන් සිව්දෙනෙක් පිලිබඳ සැකකරනු ලබන අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පවසන පොලීසිය ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර තිබේ. කාලයක් තිස්සේ පැවති ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබෙන බවට පොලීසිය සැකකරයි.
මෙම ඝාතනයට සම්බන්ධ මහෙස්ත්‍රාත් පරික්ෂණය අද (25) සිදුකිරීමට නියමිතව තිබේ.මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ මේ වනවිට තබා තිබේ.
වඳුරඹ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කඩු පහරින් එක්දරු පියා මරුට