මීගොඩ නිවසක හෙරොයින් කුඩු පැකට් කරමින් සිටි පුද්ගලයකු පොලිසිය දෙසට දෙවරක් වෙඩි තබා පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය ගෙය වටලා පිරිසක් ගෙන ඇතුළු වෙද්දී ඔහු මෙට්ටයක් යටින් අවියක් ගෙන වෙඩිල්ලක් පත්තු කැර එතැනින් බේරී එළියට පැන ආ බවත්, එළියේ දී පොලිසිය ඔහු අල්ලා ගැනීමට අහසට වෙඩි තැබූ නමුත් ඔහු පැන ගිය බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ කුඩු මුදලාලි බේරුණා නේද ? (ස)
මෙලහකට මුදලාලි මුහුදෙන් මතුවෙලා ඇති ඒ හින්ද මුහුදට මානලා කොකා ගස්සමුද ? (දී)
කලබල උනාම ඉලක්කය ගන්න මාරුයි (දී)
එතකොට කුඩු පැක් කර කර ඉදල අහසට වෙඩි තියල ගිහින් තියෙන්නේ කුරුල්ලෙක්ද මාර කුරුල්ලොනේ ලංකාවේ ඉන්නේ කුරුල්ලො දැන් කුඩුත් විකුණනවද? (ස)
මෙයා නම් පියාඹන මාලුවෙක් වගේ .(ස)
මේවා ජාත්‍යන්තරයට ගියාම හොද නැහැ (දී)
සහතික ඇත්ත කොකා පෙන්නලා තමයි (දී)
පින්වත් රාළහාමිලා ටිකක් රටටම ආදර්ශයක්.අහසට වෙඩි තබා කුරුල්ලන් පලවා හැර තිබෙනවා වගේ වැඩක්.(දී)
මේක පරදෙසක්කරයන්ගේ කුමන්ත්‍රණයක් (අ)
පෙරලා ප්‍රහාර දෙන්නේ පෙර පුහුණුවීම් කරපුවම විතරද ආයිබෝන්? (ස)
දැන් මිනිහ ආයුදෙත් අරන්නෙ දිව්වෙ. අනිවාර්‍යයෙන්ම ඔය ආයුදේ කවද හරි පෙන්නන්නම වෙනවනෙ. එදාට බලාගමු ආයුදේ මොකක්ද කියල? (ස)
මුන් පිස්සු බල්ලො වගේ,,,,,,අහිංසකයෙක් උනා නම් වෙඩි තියයි. පොලිසිය පීචන් වෙන්නේ මේ වගේ අය නිසා. (ස)
නැ නැ කුඩු මුදලාලි පැනල දුවපු වේගේ මදි . වේගේ වැඩි කරවන්න අහසට වෙඩි තිබ්බේ . (දී)
පොලිසියේ අය සල්ලි අරන් එ්කා යවන්න ඇති, අපි නොදන්නා පොලිසිය. (ස)
පොලිසියටත් දැන් අහස, පොළොව මාරු වෙලා. මේ අපට වගේම. (දී)
ලංකාවෙන් කුඩු තුරන් කරන්න හිතන්න එපා (දී)
කුඩු මුදලාලි කොකෙක්ද?පොලිසිය කොක්කු වෙඩි තියන්න ගිය ගමන් වෙන්න ඇති?චන්ද්‍ර (දී)
කුරුල්ලෙක්ද? හෙරොයින් පැකට් කරලා තියෙන්නේ ඉගිලෙනකොටනේ වෙඩි තියන්න හදල තියෙන්නේ (දී)
'මුදලාලි දුවපන්' කියලද දන්නේ නැහැ අහසට වෙඩි තිබ්බේ (දී)
අහසට වෙඩි තිබ්බ කඩු මුදලාලි දැක්කම පොලිසියට තරු පෙනිලා (දී)
පොලිසියට නොකළ හැකි දේවල් අවි පුහුණුවක් නොමැති මෙවුන් කිරීම , පොලිසියට ලැජ්ජාවක් . මේ අයව පොලිසියට බඳවා කුඩු කරුවන් අල්ලන්ට යැවිය යුතුය (දී)
ලංකා පොලිසියට ගිය කලක්. (දී)
ලංකාව කුඩු වලින් ප්‍රසිද්ද වෙන්න කලින් ,මේවා නවත්තන්න ඕනේ (දී)
ඔහු අල්ලා ගැනීමට අහසට වෙඩි තැබූ නමුත්.........එතකොට මිනිහ පැනල ගිහින් තියෙන්නේ අහසින්ද? (ස)
අහසට වෙඩි තිබ්බම බය උනේ ඉස්සර මිනිස්සු, අහසට තිබ්බ වෙඩිල්ල මිනිහගේ කකුලකට නොතිබ්බේ ,මිනිහ දුවන්න ඇත්තේ අත්වලින් වෙන්න ඇති. (ස)
කවුරුත් හදිස්සි වෙන්න එපා, ඊළඟට මෙයාව තමයි එක්ක යන්න තියෙන්නේ ආයුධ පෙන්න, (දී)
මට තියෙන ප්‍රශ්නය අහසට වෙඩි තිබ්බේ මොකද (දී)
"පොලිසිය ඔහු අල්ලා ගැනීමට අහසට වෙඩි තැබූ නමුත් ඔහු පැන ගිය බවත් කියති." නියම විහිලුව .. අහසට වෙඩි තියල අල්ලගන්නේ කොහොමද. කකුල් දෙකටනේ වෙඩි තියන්න ඕනි ....... (දී)
අන්තිමට මෙයට සම්භන්ද ලොකු අත්තක් කොහේ හරි ඇති.නැත්නම් ඔය වගේ දේවල් බය නැතිව කරිද ? (දී)
අපි කතා කරපු දේ රමසි ලියලා නේ. (ස)
මේ වගේ දේවල් පොඩි ළමයින්ට කියන කතන්දර වගේ වටකරලා තිබිල ඇතුලටත් කට්ටියක් ගිහින්ලු කුඩු මුදලලි පැනල ගිහින්ලු,,,,,,,,,ඒ පොලිසියට වෙඩි තියද්දි ආ යට වෙඩිතියන්න බැරි වෙළද..............මෙහෙමත් සුරඟන කථා (දී)
ගින් අවියක් අරන් ඉන්න අපරාධ කරුවෙක් මෙල්ල කරන්න අහසට වෙඩි තියන්න තරම් තේරුමක් නැද්ද "අවම බලය" පාවිච්චි කරලා දනෙන් පහලට වෙඩි තියන්න ඕනෙනේ (දී)
තවම අල්ලා ගත්තේ නැද්ද (දී)
පව් අප්පා පොලිසිය. (දී)
පොලිසියේ සෙල්ලං,පාරේ යන දුප්පත් අපිට තමා (දී).
අය්යෝ මේවා මොන්ටිසොරි ළමයි කරන වැඩනේ. අහසට තියලා කරගත්ත හරිය මදැයි. (දී)
අනේ මෙහෙමත් පොලිසියක්. නවත්තන්නේ නැතුව ගිය ත්‍රී වීලර් එකකට මේ ලඟදි වෙඩි තියල මිනිහෙක් තුවාල උනා. කුඩු (පොඩි) මුදලාලිට කකුලටවත් වෙඩි තිබ්බේ නැහැ. අහසට තිබ්බේ මිනිහ පියම්බලාද ගියේ. (අ)
මෙයටත් අර අවි පෙන්නපු එක දන්නා තිබුණනේ. සමහරවිට අල්ලන්න ඕනේ නැති කෙනෙක් වෙන්න ඇති (අ)
තනි පුද්ගලයෙක් අල්ලගන්න පොලිසිය කර තියෙන ඉමහත් වෙහෙසීම ගැන දුකට තනි ඇහැට ඇඩෙනවා. ඒ වගේම මේ වැටලීමට ගිය අයට මග පෙන්නපු රැලේ නායක පොජ්ජෙට මගේ ප්‍රණාමය . පොලිසියේ රාලහාමිලාට තුවක්කුවක් වෙනුවට කැට පොල්යක් දුන්නනම් බොහෝවිට ඔය පුද්ගලයා රහත් වෙන එක වළක්වාගන්න තිබුන (අ)
ඒක නම් මාරු විහිලු කතාවක්. කාලෙකට පස්සේ මට හොඳටම හිනා ගියා. (ස)
බලාගෙන බලාගෙන හෙට කට උත්තර දෙන්න වේවි පැය 5ක් තිස්සේ කුඩු මුදලාලි අල්ලන්න ගියා කියල. (දී)
ශ්‍රී ලංකාවේ පොලිසිය ,ඔය කොකාම නැවත ඔහුට පෙන්වන බවට හොදටම විස්වාසය. (දී)
දුවන මිනිහගේ කකුලට එල්ලය අල්ල වෙඩි තැබීමට ඔහු අංක එකේ වෙඩික්කරුවෙක් වියයුතුය් .බැරි වෙලාවත් එය මිනිහට වැදිලා මළොත් ඔය කටවල්ම තමය් අපේ පොලීසියට පතුරු යන්න බනින්නෙත්.සාජන් පුන්යසෝම ඔයටික කියකිය තමය් නටන්නෙත්.ඒ අහිංසකය හතර වටෙන්ම තැලෙනවා. (දී)