කුඩු මිලි ග්‍රෑම් 14000ක් සමග නම ගිය කුඩු අදින්නකු ලක්ෂපතියෙන් අද සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කුඩු වැරදි සම්බන්ධයෙන් කිහිප වරක් සිර බත් කෑ මොහු ශරීරයේ සඟවාගෙන කුඩු බෙදන්නට රැගෙන ගොස් ඇතැයි ද කියති.
ජුනි මාසයේ සිට මොරටුවේ කුඩු අලෙවි කරන්නන් 42නකු පමණ අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේ නම් කුඩු හිගයක් බලාපොරොත්තු වන්න (නි)
අල්ලන කුඩු වලට මොකද කරන්නේ කියලා කියන්න පුලුවන්ද? (නි)
ඉතාම හොඳයි.මිලිග්‍රෑම් 14000 කියලා ලොකු අගයක් පෙන්නුවට ඇත්තටම එතන තියෙන්නේ ග්රෑම් 14යි.නමුත් එයත් ඉහළ අගයක් කුඩු ක්ෂේත්‍රයේ.කුඩු කිලෝ ගණන් වලින් බෙදා හරින තල්මස්සු අල්ලන්නේ නම් වඩාත් හොඳයි. (නි)
කුඩ්ඩන් කුඩු සමග ඇල්ලුවට වැඩක් නැහැනේ ,කුඩු මුදලාලිලා එළියේනේ (නි)
හුනෝ අහු වෙනවා !! කිඹුල්ලු පීනලා යනවා !!(අ)
මුළු ලංකාවටම දන්නවා කව්ද කුඩු රජා කියල නමුත් මේ මේ අයට පෙන්නේ නැහැ (අ)
ලංකාදීප මහත්තයෝ, අපිට පිහිටවෙන්න. අපිට හොද ලොකු මහත්තයෙක් දෙන්න. පින් සිද්ධ වෙනවා (නි)
ඉතින් ඒ අයගෙන් අහන්න , විකුණන්න කුඩු දුන්නේ කවුද කියලා. අන්න එයාට දඩුවම් කරන්න. (නි)
ඉතින් ඒ අයගෙන් අහන්න , විකුණන්න කුඩු දුන්නේ කවුද කියලා. අන්න එයාට දඩුවම් කරන්න. කෙසේ හෝ අන්තිමට ලොක්කෝ බේරිලා පොඩ්ඩෝ අහුවෙලා (නි)
ලංකාවේ කුඩු රජු කවුද කියලා කවුරුත් දන්නවා,නමුත් ඒක කියන්න බයේ ඉන්නේ. (නි)
මෙය කීප වරක් අසුවෙලා තම යහතින් ඉන්නවා තවත් සමහරුනට එක්වරම මරණීය දණ්ඩනය ලැබෙනවා මට මතකයි ගැහැණු කෙනෙකුටත් මරණීය දණ්ඩනය ලැබුන.(අ)
රංග, මං හිතන්නේ නම් ටිකක් වැඩිපුර එකතු වුනාම රොටී පුච්චන්න කියලා බෙදලා දෙනවා ඇති ආපහු ඒ කට්ටියටම. (නි)
පානදුර පිංවත්තේත් ඉන්නවා මෙහෙම කෙනෙක්. පොලිසිය තිබුණට දැන් එන්න එන්නම දූෂණ වැඩියි. වගකිවයුතු නිළධාරීන්ට මේවා පෙනේවා! (නි)
මොරටුවට වැඩියෙන් එන්න හදනවාවද්දෝ කුඩුකාරයෝ? (නි)
පානදුරේ කුඩු අල්ලනේ කවදදා ? පින්වත්තේ, ගොරකාපොල, වලානේ, නල්රුවේ දුම්රිය පොළ ළග, පාසල් අසළ, සරික්කාමුල්ලේ මෙන්න තැන්... අල්ලන්න අපගේ සහයෝගය! (නි)