හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.3ක් ළඟ තබා ගත් මහරගම වී පී සමන් ධනංජයට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඬුවම නියම කළේය.
පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇතැයි විනිසුරු කීවේය.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.3ක් ළඟ තබා ගත් මහරගම වී පී සමන් ධනංජයට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඬුවම නියම කළේය.
පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇතැයි විනිසුරු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ගෙනෙන අය රටේ ඉහළම තැන්වල වැජඹෙනවා. අහෝ රටකට යනකල.(නදී)
ඉස්සර මිනීමරු ප්‍රබාකරන්ගේ බල ප්‍රදේශයේ පවා මීට වැඩි නීතියක් තිබුනා. රටේ නීතිය අද බල්ලටම ගිහින්.(නදී)
ද සිල්වා මහත්තයාගේ කතාව හරි ප්‍රදාන හේතුව බල ලෝබය. බල ලෝබයෙන් තොර රටේ මානව සම්පත් හා භෞතික සම්පත්වලට ආදරය කරන නායකයෙක් මෙරටට කවදා පහළ වේද?(නදී)
කුඩුකාරයන්ට මරණ දඩුවම, මිනීමරුවන්ට විසි වසරක් හිර දඩුවම්.... මොනවද මේ? (නි)
වෙනම රජයක් නොව අපට අවශ්‍ය සාධාරණ සමාජ ක්‍රමයකි (නි)
මගේ කට අවුස්සගන්න එපා. ඕක තමයි ලංකාවෙ කෙරුවාව (නි)
ගොඩක් දෙනා කියලා තියෙන දේවලින් පේනවා මොකක්ද අපේ රටේ තත්වේ කියලා. නරකද ප්‍රගතිශීලී ජනතාව එකතුවෙලා වෙනම රාජ්‍යයක් ඉල්ලුවොත්? නැත්නම් මේක හරියන වැඩක් නෙවෙයි. හැමදාම පොඩි එකාව මරාගෙන කනවා, ලොකු අය සුරසැප විඳිනවා මදිවට ලෝකෙම තියෙන දහ ජරා වැඩකරලා පොඩි එකාව හිරේත් අරිනවා.. (නි)
කුඩු කාරයන්ට මරණ දඬුවම. ඒත් මිනීමරුවන්ට,.....??? සියලු සැප. (නි)
අයියෝ සල්ලි. මෙහෙව් රටේද අපිත් ජීවත් වෙන්නේ. (නි)
ලාල්, මම 100% ඔයා එක්ක එකග වෙනවා. ඔයා නියම ශ්‍රී ලංකන්. (නි)
කුඩු ග්‍රෑම් 3ක් තියාගන්න අය, මරන්න ගත්තොත් ලක්ෂ ගානක් මරන්න වෙයි. (නි)
කුඩු ගෙන්වන අයට මරණ දඩුවම දුන්නනම් මේ ඔක්කොම කංමුතුයි. අනේ මෙහෙම රටක්.(නදී)
බොන මිනිහව අල්ලලා වැඩක් නැහැ. විකුණන එකාව අල්ලන්න ඕනෑ. (නි)
කසිප්පු වලටත් ඔය නීතියම දැම්මොත් නේද හරි.(නදී)
විකුණන කෙනා අල්ලන්න බයයි. මොකද එයාව ඇල්ලුවොත් අල්ලපු කෙනාට මරණ දඬුවම දෙනවනේ. (නදී)
එතකොට ලංකාවට කුඩු ගේන ඇත්තෝ? (නි)
අපි ජාවාරම කාරයන් පර්ලිමෙන්තුවට ට යවා කන බොන එකා වැලිකඩ යවා , සුභ අනාගතයක් කරා පිය නගමු.(නදී)
අරාබි රටවල නම් දඩුවම් දෙන්නේ එලිමහනේ ප්‍රසිද්ධව. ඒක දකින අය වැරදි කරන්න බයයි. ලංකාවෙත් එහෙම කලොත් හොදයි. එතකොට නම් ඔය වැරදි කරන ප්‍රමාණය ගොඩක් අඩුවේවි (නි)
කුඩු කිලෝ ගණන් එක්ක අහුවෙන සමහර අය නිදහස් වෙනවා. ග්‍රෑම් 3ක් එක්ක අහුවුන කෙනා එල්ලලා මරනවා. (නි)
කුඩු කිලෝ එකසිය ගානක් අල්ලපු ඉන්ස්පෙක්ටර් සිසිර කුමාර අද ජීවතුන් අරතර නැහැ. ගෙනාපු අය බුදු සැප විදිනවා. ඒකට තමයි ජෙනරාල් වගේ කෙනෙක් ජනාධිපති කරන්න ඔනේ කිව්වේ.(නදී);
ඉෂාක්, ලංකාවේ මහා පරිමානයේ හොර ජාවාරම් කරන මුල හොයාගෙන ගියොත් එ.න ඉන්නේ රටේ පාලක පක්ෂයේ හෝ පාලක පක්ෂය සමග සම්බන්දකම් තිබෙන පුද්ගලයෙක්, අධිකරණය ඇතුළු සමස්ත ජාලයම දේශපාලනීකරණය වී ඇති හෙයින් මේ තෝරු මෝරු නීතිය නැමති දැලෙන් රිංගා යන අතර හාල්මැස්සන් ටික පමණක් දැලට කොටුවනවා.... (නි)
එල්ලන ඕන (අ)
විකුණන එකාව අල්ලන්න කට්ටිය බයයි ...දන්නවනේ ඉතින් කියන්න ඕනේ නැහැනේ ඉෂාක් .(අ)