
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකක්වත් ඉටුකරන්නට අසමත් වී තිබෙනවා මෙන්ම බදු දිනෙන් දින වැඩි කරන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"කාන්තා කොමිසමේ දීමනා සහ පඩි වැඩි කිරීම ගැන අපේ විරෝධතාවයක් නැහැ.ඔබතුමාලා ජනාධිපතිවරණයේදී රටේ හැම ගෙදරකටම පොත් පිංචක් බෙදුවා.උද්ධමනයට සාපේක්ෂව පඩි වැඩි කරන බව ඒ පොත් පිංචෙන් පැවසුවා.දැන් උද්ධමනය සියයට දහයයි.සෙවනගල කර්මාන්ත ශාලාවේ ගෙවපු දීමනා අඩු කරලා. පඩිත් අඩු කරලා. ඒක වහලා දාලා.ගොවි ජනතාවගෙන් 150ට වී ගන්නවා කිව්වා. පොහොර වතුර ටික වෙලාවට දුන්නේ නෑ.හාල් ඇටයක් පිටින් ගේන්නෙ නෑ කියලා ජනාධිපතිතුමා කයිවාරු ගැහුවා.අන්තිමට මාස දෙකකට හරියන්න හාල් පිටරටින් ගෙනල්ලා.
ඒ වගේම එදා උපාධිධාරින් පැලවත්තට ගෙන්නලා 35000ටම එකවර රස්සා දෙනවා කිව්වා.අර පොත් පිංචත් බෙදුවේ ඒ අය ලව්වා තමයි.අවුරුදු 45ට වැඩි අය පනත් වෙනස් කරලා හරි ගන්නවා කිව්වා.නමුත් අද වෙන විට වෙලා තියෙන්නේ මොකක්ද?අද ඔවුන් දේශපාලනිකව පාවිච්චි කරලා අතහැර දමා තිබෙනවා.
9000 විදුලි බිල 6000 ට බස්සනවා කිව්වා.6000 බිල 4000 ට ගේනවා කිව්වා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකක්ද?6000 බිල 8000 ට ගිහින් තිබෙනවා.අඩු කිරීම කෙසේ වෙතත් වැඩි කරලා නම් තියෙනවා.
ඒ වගේම නැවෙන් බාන ගානට තෙල් දෙනවා යැයි පැවසුවා.ඇමතිට යන කොමිස් එක පැය විසි හතරෙන් නවත්වනවා යැයි කිව්වා.ඔබ තුමාලා එදා ආණ්ඩුව බාරගත්ත කාලෙටත් වඩා වැඩිපුර රුපියල් තිහක් අද බද්දක් ගහනවා.අත්‍යවශ්‍ය ආහාර වලට බෙහෙත් වලට වැට් බදු ඉවත් කරනවා යැයි කිව්වා.ජනතාවට දුන් පොරොන්දු එකක්වත් ඉටුකරන්නට ආණ්ඩුව අසමත් වී තිබෙනවා මෙන්ම බදු දිනෙන් දින වැඩි කරනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට දඩුවම් කරනවා කිව්වා, එක නම් අකුරටම වෙනවා නේද මචන් ?
ලොකුම පොරොන්දුව ඉටුකෙරුවා, ඉටුකරමින් පවතිනවා, ඉදිරියටත් ඉටුකරයි කරයි - ඒ තමයි හොරු, මැරයෝ, ත්රස්තයෝ හිරේ දැමීම. මහින්දානන්ද, නලින්, විජේසිරි. ඉදිරියට නෑමොල්, සලේ තවත් අවංකම අය.
කඩවුනු පොරොන්දු ප්‍රශ්නයක් නැහැ ජනතාවට නෙමෙ බඩු අමාරුව තියෙන්නෙ. කම්බ හොරුන්ට රටේ දේපලා හොරාකාලා. දැන් කැසිල්ල පටන් අරන්. කොහොමද වැලිකඩ. බේබි ටමෙට්ටයක් එව්වෙ නැත්ද මයිනි. කොහොමද. දැන් සැපද. හොරු අල්ලන්නෙ නැහැ කිව්වානාකි මයිනගෙ බිත්තරේ හොයා ගත්තෙ කාක් කුඩුවෙන්. හරි උගතා. හිර්ර් ඉදන් පාර්ලිමේන්තු ගේන්න. රටේ දේපල හොරාකමින් වන්චා දුශන කරන එක කම්බ හොරෙක්ට පාර්ලිමේන්තු ඩ්න්න බැරිවෙන්න ජනවරමෙන් නිතියක් ගේනවා. අපේ රට රැක ගන්නම් මේ වගෙ නුගත් හොරු එලවලා දාලා ජිවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන
රාජපක්ෂලා කොච්චර වැරදි කෙරුවත් රැවටෙන මිනිස්සු කොටසක් ඉන්න නිසා තමයි මුන් තවත් බොරුවෙන් මිනිස්සු රවටමින් කයිවාරු ගහන්නෙ. පහුගිය කාලෙ මේ රට විනාශ කරපු මේ වගේ දුශිතයෝ රකින්න තවමත් මිනිස්සු ඉන්න එක මේ රටේ කරුමයක්.
ගොන් තඩියො තොපේ ආන්ඩු රට පාලනයට ආ දා ඉදල කලේ ආන්ඩු කරන එක නෙමෙයි රටේ සම්පත් හුරාකන එක, අන්න මේ ආන්ඩුව දුන්න පොරොන්දුවක් අදත් ඉටු කලා, ඒ තමයි මෙතෙක් විදේස ශ්‍රමිකයෙකුට එතෙරදි සිදුවන මරනයකට මෙතෙක් දුන් රු හය ලක්ෂය වෙනුවට ලක්ෂ මිලියන දෙකක් දෙන එක
ලංකාවේ නීතිය ගැන හරිම කනගාටුයි,,, මිනීමරුවන්, අපරාධ කරුවන් හොරුන් කොහොමද හිරෙ ඉදලා නීතිය හදන තැනට එන්නේ?????????
හොරෙක් ට ගිය කලක්. ලංකාවේ විතරයි හොරුන්ට මෙච්චර පිළිගැනීමක් තියෙන්නේ. මේ මිනිහා හිතාගෙන ඉන්නේ හිරේ දාලා තියෙන්නේ ආතල් එකට කියලා.