කඩුවෙල වෙලේ හන්දියේ කසල ගොඩ ඉවත් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා කඩුවෙල මහ නගර සභාවට නියෝග කළේය.
කොම්පෝස්ට් පොහොර සැදීම සදහා එහි ගොඩ ගසා ඇති කුණු ගොඩ සෞඛ්‍යයට හා පරිසරයට බලවත් ප්‍රශ්නයක් බව කියමින් කඩුවෙල උප නගරාධිපති බුද්ධික ජයවිලාල් ,ජ වි පෙ නාගරික මන්ත්‍රී අසිත නිරෝෂණ, එ ජා ප මන්ත්‍රී අජිත් රුද්රිගු ඇතුළු දස දෙනෙකුගේ පෙත්සම් මහෙස්ත්‍රාත‍් විසින් සලකා බැලිණි.
නගරාධිපති ජී එච් බුද්ධදාස , නාගරික කොමසාරිස් ගාමිණි ගුණසේකර වග උත්තරකරුවෝය.
දිනකට කසල ටොන් තිස්පහක් පමණ ගොඩ ගැසෙන බව පෙත්සම්කරුවෝ කීය.
ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයිද මහේස්ත්‍රාත් වග උත්තරකරුවන්ට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුව කුණු ගොඩට යන එකක් නැහැ
කොහෙද ඉතින් නගරාධිපතිට නගරේ කුණු ගැන හොයන්න වෙලාවක් නැතුවා ඇති (නි)
මහේස්ත්‍රාත්තුමාට ගොඩක් ස්තුතියි. ඔය කුණු කන්ද හරිම කරදරයක් අපිට. කඩුවෙල නගරයට පැමිණිලා බලන්නකෝ අපිළිවෙල. ලස්සනට තියාගන්න පුළුවන් නගරයක්. කඩුවෙල පොළට බල්ලෙක්වත් යන්නේ නැහැ. තව එක බැසිල් කෙනෙක් හරි ගෝඨාබය කෙනෙක් හරි කඩුවෙලට එනකම් අපි ආසාවෙන් බලා ඉන්නවා. (නි)
කට්ටියම එකතුවෙලා මේ තොගයම අර මැතිවරණ පැවැත්වෙන පළාත්වලට යැව්වා නම් ඒවායෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අය එහෙ ඉන්නවා. ඒ වගේම හෝදන්නත් ඕනෑ තරම් කට්ටිය ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
ලංකාවේ නගර සභාවල කසල කළමනාකරණය නම් අන්තිමයි. (නි)
අහවලා නම් දන්නේ, කතිර යුද්දෙ කිට්ටු වෙද්දි ඩෙංගු මර්දනය කියලා දුම් ගහන්න විතරයි. (නි)
ඔන්න විමල් මහත්තයා ඇන්නා ටොක්කක්! (නි)
කුණු ප්‍රශ්නය තවම කුණු (නි)
අපේ අහවල් මහත්තයා ඡන්දෙ කිට්ටු වෙද්දී වැඩේට බහීවි. (නි)
කඩුවෙල විතරක් නෙමෙයි මහත්තයෝ, අර මීතොටමුල්ලෙත් ලොකු කුණු කන්දක් තියනවා. ලෝකේ ලොකුම කුණු කන්ද ලෙස ගිනස් පොතට යවන්න පුළුවන්! (නි)
කසල ගොඩ එකම තැන ,හැමදාම බාලගිරි දෝෂය. කළමනාකරනය හොඳ නම් දක්ෂ නම් තත්වය මෙයට හුගාක් වෙනස් වෙන්න තිබුනා. (නි)
අනේ බලන්නකෝ, බියගම වල්ගම රාත්‍රී පොළ. තනිකරම දැන් බල්ලෝ ලැගුම් ගන්නා තැනක් වෙලා (නි)