දොඩම්ගොඩ බෝම්බුවල අක්කර 20 රබර්වත්ත පාරවල් පහ පාළු ස්ථානයට කැබ්රියක් ආ බවට කොස්තාපල් කියා ඇතත් ප්‍රදේශවාසීන් කැබ්රියක් දුටු බවක් කියා නැතැයි පොලිස් ආරංචි කියයි. පරීක්ෂණ පැවැත්වීමට කණ්ඩායම් තුනක් කටයුතු කරන අතර එක් කණ්ඩායමක් බෝම්බුවල පුද්ගලයන් හය දෙනකුගෙන් මේ ගැන විමසා ඇතත් කැබ්රියක් පැමිණි බවක් ඔවුන් කියා නැත. පැමිණිල්ල ගැන යම් සැකයක් ඇද්දැයි විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා ඇත්තේ එවැන්නක් දැන්ම කිව නොහැකි බවයි. ගිනි පෙට්ටියක් සහ පෙට්‍රල් බෝතලයක මූඩියක් එම ස්ථානයෙන් සොයගත් පොලිසිය එහි පස් සාම්පල් රජයේ රස පරීක්සක වෙත යැවීම සඳහා ක්‍රියා කරන බව අජිත් රෝහණ මහතා කීය. පැමිණිල්ල කළ පොලිස් කොස්තාපල්ගේ සහෝදරයකු ඇමෙරිකාවේ සිටින බව ද පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔහුගෙන් මෙතෙක් කටඋත්තරයක් ගෙන නැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නීතියේ ආධිපත්‍යයත් දේශපාලකයන් අතට අරගෙනද? (නි)
බලා ඉන්නවාට වඩා කළ හැකි දෙයක් නොමැත. (ස)
කෙනෙකුට අභූත චෝදනා නගනවා නෙමෙයි. කොස්තාපල් මහතාණනි, තමාගේ ආරක්ෂාව සලසා ගන්න. රටේ නීතියේ පිරිහීම ඉතාම ශෝචනීයයි. (ස)
රොහාන්, මල්ලි කෙනෙක් ඇමරිකාවේ ඉන්න නිසා තමයි මේ කොස්තාපල් මේ වගේ බයානක ප්‍රශ්නයකට බය නැතිව මුහුණ දෙන්නේ .. ඔහුට මල්ලි ගෙන් සම්පුර්ණ සහයෝගය ලැබෙනවා ඇති මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න. (ස)
මේ මනුස්සය ඇමෙරිකාවේ ආරක්ෂාව ගන්න කරන ප්ලෑන් එකක්ද..? (ස)
මේ දේශපාලකයින්ට 13 ව්‍යවස්ථාව අනුව පොලිස් බලතලත් දිය යුතුයි. (ස)
මේවා වැඩිය හිතන්න ඕනෑ නැහැ.ඒක සෙල්ලම් කාර් එකක්. (නි)
ඇමරිකාවත් මේකට ගෑවුණා එහෙනම්.... (නි)
නිමල්, මෙතනට කතිරය අදාළ නැහැ කියලයි මට හිතෙන්නේ. ජනතාව කාට කතිරය ගැහුවත් වර්ණය පමණක් වෙනස් වූ එකම ප්‍රතිපලයයි සමාජයට ලැබෙන්නේ. (නි)
මේකට කොමිසමක් පත් කරන්න ඕන. (ස)
එතකොට බලවතුන්ගේ හනඩුබ වලදී ඔවුන්ගේ පිටරට ඉන්න අයගෙන් ප්‍රශ්න කරනවාද? මම මේ දන්නේ නැති නිසා අහන්නේ. (නි)
අනේ මගේ කට ! මේවට මොකුත් නොකියා ඉන්න එක හොඳයි (නි)
ඇමරිකාවේත් සම්බන්ධයක් තියෙනවාද කියලා මට දැන් නම් සැකයි (නි)
වැරදිකාරයා කවුද කියලා පොලිසිය දන්නෙ නැද්ද? (නි)
ඇමෙරිකාව ගැන කියනකොට හිතුනේ... මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්වද්ද? (නි)
මේක නම් ලෙහෙසියෙන් අත්හරින්න නරකයි (නි)
අවසානයේ කවුරුවත් සාක්කි දෙන්න ඉදිරිපත් නොවෙයිද කියලයි මට බය (නි)
මොකද්ද මේකේ තේරුම? අන්තිමට දඩ කොළය ලියපු එක වැරදි වෙයිද දන්නෙ නැහැ. දැන් දැන් එහෙම බවකුයි පෙනෙන්නේ. (නි)
මතකද තමන්ටම ගහගත්ත මේජර්? (නි)
මට හිතෙන්නේ මේ ඇමරිකන් සහෝදරයා ගැන වුණත් පරීක්ෂණ පැවැත්වූවාට වරදක් නැහැ කියලයි (නි)
හිල්මි, ඒ එංගලන්තෙනේ. මේ ලංකාව...... (නි)
මා දන්නා විදිහට සැරයක් එංගලන්තේ අගමැති ටෝනි බ්ලෙයාර්ගේ බිරිඳ (හදිස්සියක් නිසා සිදුවූ අමතක වීමක් හේතු කොටගෙන) ටිකට් නැතිව දුම්රියෙන් ගමන් කරලා දඩ කෑවා. දඩ කොලේ දීපු නිලදාරිය ඒ පොයින්ට් එකේ තාමත් වැඩලු.(ස)
මේ කතා නිසා දැන් මටත් පිස්සු වගෙයි (නි)
කොස්තාපල් මහත්තයෝ, කරන දෙයක් ප්‍රවේශමෙන්! (නි)
අවසාන තීරණය ලැබෙනතුරු අපි බලාසිටිමු (නි)
පිටරටක ජීවත්වීමට ලැබීම ගැන සියලු දෙවිවරුන්ට ස්තුති කරනවා. (නි)
අනේ අපොයි අන්තිමේදී මොනවා වෙයිද? (නි)
දැන් ගම්වැසියන් ඇත්ත කියයිද කියලා බලමුකෝ (නි)
වාහනය රක්ෂණය කරලද දන්නෙ නැහැ (නි)
බලමුකෝ මොකද අන්තිමේදී කියන්නේ කියලා (නි)
පොලිසියත් අසරණ වෙලා වගේ සිතට දැනෙනවා (නි)
පීසී මහත්තයා ප්‍රවේශම් වෙන එක නුවණට හුරුයි (නි)
මේ මොකක්ද? මොකුත් තේරෙන්නේ නෑ. ඇමරිකාවේ ඉන්න සහෝදරයාගෙන් තියෙන වැඩේ මොකක්ද.? (ස)
පී. සී. කියාවි මම ගිනි තියාගත්තා කියල අන්තිමට, මේවා රට විහිලු. (ස)
කාරණේ හොඳට පැහැදිලියි නේ. මේකට පොලිස් පරීක්ෂණ කරලා රටක් වටිනා මහතුන්ගේ කාලේ මොකට නාස්ති කරන වද. ඇමරිකාවේ සිටින නෑයා ජංගම දුර කථනය භාවිත කරලා අන්තර් ජාලය ඔස්සේ මේ රථයට ගිනි තියන්න ඇති. අද නවීන තාක්ෂණය එහෙමයි. (ස)
එතකොට ගම්වාසීන්වත් දැකලා නැද්ද මේ රථයට ගිනිතියනවා? (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පිසී මහත්තයා මේ ගැන මොනවද දන්නෙ නැහැ කියන්නේ? (නි)
ඒක තමයි. පොලිස් කොස්තාපල්ගේ සහෝදරයෙක් ඇමෙරිකාවේ ඉන්න එක ප්‍රශ්නයක්ද? කැබ් රියක් ආවා කියලා කිසිකෙනෙක් කියලත් නැහැ. අනේ මන්දා! (නි)
ඇමෙරිකාවේ ඉන්න සහෝදරයාගෙනුත් කට උත්තර ගන්නවද? මට නම් මේ කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ (නි)
ලංකාවේ ඉපදීමත් අවාසනාවක් කියලා හිතෙනවා මට (නි)
දැන්නම් අපි ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්නත් ලැජ්ජයි (නි)
දැන් රටේ බලය,නීතිය සියල්ල අතටගෙන ඇත්තේ දේශපාලකයන්ද? (නි)
මොකක්ද දන්නෙ නැහැ මේ අවනඩුවට හේතුව? (නි)
අනේ පවු පොලිස් නිලධාරියා! (නි)
අපිත් බලාගෙන ඉන්නේ අවසාන තීන්දුව දෙස තමයි (නි)
පොලිස් නිලධාරිතුමා ප්‍රවේශම් වෙන එක හොඳයි කියලා මමත් හිතනවා (නි)
අදාල බලවතාව අත්අඩංගුවට ගන්නෙ නැද්ද එතකොට? (නි)
මේකත් යහපත් ආකාරයකට විසඳේවි (නි)
අනේ මන්දා අපේ අනාගතයට මොනවා වෙයිද කියලා? (නි)
කොස්තාපල් අන්තිමේදී මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
අන්තිමේදී කොස්තාපල් මහත්තයා ඇමරිකාවට යයිද දන්නෙ නැහැ (නි)
ඇමරිකාවේ ඉන්න සහෝදරයා සහ මේ සිද්ධිය අතර සම්බන්ධයක් තිබේද? (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ලංකාවේ බොහෝ දෙනාගේ පවුල් වල කවුරුන් හෝ පිටරට ඉන්නවා. (නි)
මෙවැනි වැඩවලට එකම පිළිතුර අපි අපේ කතිරය නියම විදිහට පාවිච්චි කිරීමයි. මෙහිදී මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු පුජක පක්ෂයට සමාජය නිසිමඟට යොමුකිරීමේ ලොකු වගකීමක් පැවරෙනවා. (නි)
ගම්වැසියන් ඇත්ත කියයිද ඉතින්? (නි)
මට නම් කිසිම දෙයක් හිතාගන්න අමාරුයි (නි)
ඇමරිකාවේ සිටින පුදගලයාගේ සම්බන්ධයක් මීට ඇද්ද? සත්‍යය අපි නොදනිමු. තීරණය ප්‍රකාශ වෙනතෙක් ඉවසීමෙන් සිටිනු හැර වෙන කළහැක්කක් නැත. (නි)
අනේ මන්දා! අවසානය තෙක් ඉවසනවා ඇරෙන්න අපි වෙන මොනවා කරන්නද? (නි)
දේශපාලකයන් ආරක්ෂක අංශ වල නිලධාරීන්ට සළකන්නේ මෙහෙම නම්, මේ නිලධාරීනුත් හිතට ගන්න ඕනෑ ජනතාවට ද්‍රෝහී වන කිසිම දේශපාලඥයෙකුට ආරක්ෂාව නොදෙන්න. කොකාට වාරයක් ආවා නම් තිත්තයාටත් වාරයක් එනවා. (නි)
අන්තිමේදී රාළහාමි වැරදිකාරයා වෙයිද කියලයි මට බය (නි)
කාගේ හරි වැරැද්දක් තියෙනවා. මගේ අදහස පසුවට කියන්නම්. (නි)
අනේ මන්දා මොනවද කියලා මේ දේවල්? (නි)
මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳේවි. හරිම දියුණු කාලයක්නෙ මේක. (නි)
එතකොට දේශපාලඥයාගෙන් ගන්නේ නැද්ද කට උත්තර? (නි)
අනේ පව් පොලිස් නිලධාරියා! (නි)
අවසාන තීන්දුව මොකක් වෙයිද දන්නෙ නැහැ? (නි)
මේකත් "මම මටම ගහගත්තා" කියලා කිවුව ප්‍රශ්නය වගේ වෙයිද දන්නෙ නැහැ... (නි)
කණ්ඩායම් තුනක්? එහෙනම් ඉක්මණින් විසඳේවි... (නි)