IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’’කණ්ඩායමේ වැරදි නිසා තරඟාවලිය අහිමි වුණා’’

(ටී.කේ.ජී.කපිල )

‘අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. මම කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව  ගොඩක් කණගාටු වෙනවා ‘ යැයි වනිදු හසරංග අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනිදු හසරංග මෙසේ ද පැවසීය . 

ක්‍රීඩකයින් විදිහට අපි දන්නවා අපි අතින් සිදු වූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොදින් ක්‍රීඩා නොකළ නිසා , පිතිකරණය , පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් සිදු නොකළ නිසා මේ ආකාරයට පරාජය වැළද ගැනීමට සිදු වු බව ද පැවසීය .

ඔවුන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද , අද ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු " සිල්ක් රූට් " පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුණි .

එහිදී " සිල්ක් රූට් " පර්යන්තයේ පහසුකම් සදහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .



අදහස් (10)

’’කණ්ඩායමේ වැරදි නිසා තරඟාවලිය අහිමි වුණා’’

යෝගා Wednesday, 19 June 2024 12:11 PM

ඊළඟ තරගාවලියේදීත් ඕකම තමයි කියන්න වෙන්නේ. ඒ නිසා ප්ලීස්, වගකීම බාරගෙන නායකත්වයෙන් ඉවත් වෙන්න...

:       1       27

Ashoka Wednesday, 19 June 2024 12:33 PM

ගියසැරේත් මේ කට්ටියම ලෝක කුසලනෙකට ගිහින් අන්තිම තැන අරන් ආවා, මේසැරේත් එහෙම්මමයි, එන සැරේත් මේ කට්ටියම යයි.., එතකොට ලෝක කුසලානයකට යන අත්දැකීම් බහුලම කණ්ඩායම වෙයි. හැබැයි ඒත් අන්තිම තැන තමයි අරන් එන්නේ..., මේ කට්ටිය හින්දා ඉතිහාසයේ පළවෙනි පාරට ලංකා කණ්ඩායමක් චැම්පියන් කුසලානෙට සුදුසුකම් ලැබුවේත් නැහැ..

:       1       21

පිටිගල මිලානෝ Wednesday, 19 June 2024 12:52 PM

කුකුළු චමින්දගෙන් බත් කටක් කාලම ඉදිරි පුහුණුවීම් පටන් ගන්න.

:       3       20

B Amarasinghe Wednesday, 19 June 2024 12:55 PM

ක්‍රීඩකයින් හා තේරීම් කමිටුවල වැරැදි නිසා නෙවෙයිද?

:       0       18

ප්‍රසන්න බංඩාර Wednesday, 19 June 2024 02:17 PM

සමහර වෙලාවට කියනවා..අපි උපරිමයෙන් කලා කියලා..කරන්න දෙයක් නෑ..දිනනවා පරදිනවා කියනවා..

:       0       8

ඇන්ඩ්රු සෙබඩවිල Wednesday, 19 June 2024 02:30 PM

ඇමරිකාවේ ඉන්න අපේ කොල්ලෝ දාලා මාලිමාවේ පෝස්ටර් අරගෙන මැච් බලන්න එවලත් ඔයාලට දිනන්න බෑ කියන්නේ ඉතින් චාර්ටම තමයි. ඊළඟ ඡන්දෙන් අපේ අනුර සහෝදරයා දිනුවාම ඔයාලත් උද්යෝගී වෙලා එයි. ඊට පස්සේ මැච් දිනයි හිටු කියලා...

:       13       6

DHARMATILEKE Wednesday, 19 June 2024 02:37 PM

නමක් තියන කණ්ඩායම් වලට ශ්‍රී ලංකා කණ්ඩායම බයයි

:       0       10

Ruwan De Silva Wednesday, 19 June 2024 03:59 PM

හරි හමන් පහසුකම් නැතුව ඇෆ්ඝනිස්ථානයේ ටීම් එක ඉන්න තැන දැක්කාම අපේ අය කවුද අප්පා?

:       0       13

Lalla Wednesday, 19 June 2024 07:14 PM

ලංකා ක්‍රිකට්වලට පත්කළ අඥානම සහ සාමාන්‍ය දැනීම නැතිම නායකයෝ දෙදෙනා කුසල් සහ වනිඳු... මාධ්‍යයට සාර්ථකව උත්තර දෙන්න දැනුමවත් නෑ. රටේ අවාසනාව...!

:       1       5

සෙනෙවිරත්න Wednesday, 19 June 2024 07:16 PM

ඇන්ඩෘෘ, AI කියන එක නොදන්නා කෙනෙක් වගේ, සමාජ මාධ්‍යවල පල් හෑලි එපා..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 879 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 314 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3994 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1440 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 689 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2436 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site