(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රි ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ 25වෑනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ එම්පයර් බෝල් රූම් සලාවේදී අද (07) සවස 6.00ට පැවැත්වේ.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස විවෘත විශ්ව විද්‍යාලයේ හිටපු නීති පීඨාධිපතිනි මහාචාර්ය සවිත්‍රී ගුණසේකර මහත්මිය සහභාගී වීමට නියමිතය..
එහිදී ශ්‍රී ලංකා කතෘ සංසදය පිරිනමන ජීවිත කාලයට එක් වරක් පමණක් පිදෙන දීර්ඝ සේවා සම්මානය මෙවර චන්ද්‍රිකා විජේසුන්දර, එන් එම් අමීන්, යෝගාමුර්ති, බෙනට් රූපසිංහ සහ සනීටා කරීම් යන ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදීන්ට පිරිනැමේ..
මෙහිදී 2023 වසරේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික පුවත්පත්වල පළ වූ පුවත් සහ විශේෂාංග ඇතුළු කරුණු පදනම් කරගෙන විවිධ අංශ
සඳහා සම්මාන 51 ක් පිරිනැමේ..
එසේ පිරිනැමෙන සම්මාන අතර වසරේ හොඳම පුවත්පත් නිර්මාණ සැලසුම, හොඳම කාටුන් ශිල්පියා ,වසරේ හොඳම ඡායාරූප ශිල්පී මාධ්‍යවේදියා, වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා , වසරේ හොඳම සෞඛ්‍ය රැකවරණ හා වෛද්‍ය තොරතුරු වාර්තාකරණය, වසරේ හොඳම පරිසර වාර්තාකරු යන සම්මාන වේ.
ඊට අමතරව ප්‍රධාන සම්මාන අතර වසරේ හොඳම පරිසර වාර්තාකරු ,බී ඒ .සිරිවර්ධන වසරේ හොඳම තීරුලිපිරචකයා, වසරේ හොඳම විශේෂාංග රචකයා සඳහා උපාලි විජේවර්ධන සම්මානය, විශේෂ වාතාවරණයක් යටතේ වාර්තාකරණය සඳහා වූ මහාචාර්ය කේ කෛයිලාසපති සම්මානය ,හොඳම මූල්‍ය හා ව්‍යාපාර කටයුතු පිලිබඳ මධ්‍යවේදියා, වසරේ හොඳම සමාජ සංවර්ධන වාර්තාකරණය සඳහා වූ සුබ්‍රමනියම් චෙට්ට්යාර් සම්මානය, වසරේ හොඳම ගවේෂණශීලී මාධ්‍යවේදියා,, ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා වූ සේපාල ගුණසේන සම්මානය, මහජනයාගේ සහ සහෘදයන්ගේ ඇගැයුමට ලක්වීම සඳහා වූ ඩී ආර් විජයවර්ධන සම්මානය,වසරේ හොඳම තරුණ මාධ්‍යවේදයාට පිරිනැමේ ඩෙන්සිල් පිරිස් සම්මාන ත්‍යාගය, වසරේ හොඳම ජනමාධ්‍යවේදියාට පිදෙන මර්වින්ද සිල්වා සම්මානය, වේ.
මීට අමතරව හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම සඳහාද සම්මාන පිරිනැමේ.
මෙවර පැවැත්වෙන සම්මාන රාත්‍රියේදී 25 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු කලාපයක්ද නිකුත් කෙරේ..
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.
මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම
කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’’කතෘ සංසද’’ සම්මාන උළෙල අද සවස