කිතුනුවකුගේ අවමඟුලක් පංසලක පැවැත්වීමේ සිද්ධියක් ගනේමුල්ලෙන් වාර්තා විය.
කිතුනුවකු වන හපුආරච්චිගේ ඩැනී පෝල් වසර කිහිපයක සිට නැවතී සිටියේ ගණේමුල්ල තිබ්බටුගොඩ සුගතාරාමයේ ය.
අසනීපයෙන් සිටි ඔහු සෙනසුරාදා (25) මිය ගියේය.
කුරුසිය සහිතව කිතුනු චාරිත්‍රානුකූලව දේහය තැන්පත් කැරුණේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේ ය.
පල්ලියේ පියතුමා ද වරින් වර පන්සලට පැමිණ කිතුනු චාරිත්‍ර ඉටු කළ අතර සෙනසුරාදා රාත්‍රී කිතුනු ගීතිකා (හොරසන්) ද ගායනා කළහ.
අවසන් කටයුතු අද දහවල් පන්සලේ හිමිවරුන්ගේ හා පල්ලියේ පියවරුන්ගේ සහභාගීත්වයෙන් බෞද්ධ සහ කිතුනු චාරිත්‍රානුකූලව විහාරස්ථානයේ දීම සිදු කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිතුනු අවමඟුල පංසලේ
සෞදි රොහාන් Sunday, 26 July 2015 06:17 AM
මේකට තම ආගමික සහජීවනය කියන්නේ ආගම අතර භේද ඇතිකරන අයට හොඳ පාඩමක් බලන්න කොයිතරම් හොඳ ද කියලා. මියගිය ඔබට නිවන්සුව. (ම)
චමල් Sunday, 26 July 2015 06:36 AM
මැරෙන කම් පන්සලේ හිටපු මනුස්සයට මලාට පස්සේ තව මොනවද ? (නදී)
රූපවතී Sunday, 26 July 2015 07:02 AM
හොද ආදර්ශමත් ක්‍රියාවක්. අපි මැරුනාම යන්නේ කොහාටද ? කිසිවෙකු විසින් ආගමක් බලවේගයක් කරගත යුතු නැහැ. මේක තමයි සාමයේ සැතපීම. (නදී)
ශාන් සෞදි Sunday, 26 July 2015 07:13 AM
මේකට තමයි ආගමික සහජීවනය කියන්නේ. ආගම් අතර භේද ඇතිකරන අයට හොඳ පාඩමක් බලන්න කොයිතරම් හොඳ ද කියලා. මියගිය ඔබට නිවන්සුව. චමල්ගේ කතාව ගැන කණගාටු වෙනවා එහෙනම් එයා ඉන්න තිබුනේ පල්ලියේ නේ නේද ? (නදී)
රන්ජිත් Sunday, 26 July 2015 07:21 AM
පුවත් කෝටියක් කියවුවත් මෙවැනි පුවතක් කියවන්නට ලැබෙන්නේ කලාතුරකින් ,,,, සැබැවින්ම ඇස් දෙකට කදුළු ආවා ,,,, ඔහුට නිවන් සුව ලැබේවා (බ)
මානවි Sunday, 26 July 2015 07:27 AM
හැබැයි මේ වගේ දෙයක් කවදාවත් කතෝලික පල්ලියෙන් සිද්ද වෙන්නේ නැහැ.මොකද මම දන්නා බෞද්ධ ළමයෙක් කතෝලික තරුණ සමිතියට බැදෙන්න ගියාම පුජකතුමා කිවේ මෙතන තියෙන්නේ කතෝලික අයට පමණක්ය කියල.පන්සල්වල භේද නැති උනාට පල්ලිවල මේ භේදේ තියෙනවා. (බ)
පිටබැද්දර ජයා Sunday, 26 July 2015 07:33 AM
බෞද්ධයන්ට මිනිස්කම තරම් වටිනා දෙයක් මේ ලෝකේ නැති බව මේකෙන් ඔප්පුකරල තියෙනවා , උතුම් බුදුවරුන්ගේ මග ගිය බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරපුර්වක ස්තුතිය (බ)
පහන් Sunday, 26 July 2015 07:51 AM
බුදුන්වහන්සේ වදාලේ රෝගියෙකුට උවැටන් කිරීම තමන් වහන්සේට උවැටන් කිරීම හා සමානයි කියලා. පන්සල් වල දොරවල් වහල නැහැ. (නදී)
චරිත් Sunday, 26 July 2015 09:03 AM
මේ පන්සලේ හාමුදුරුවන්ගේ උතුම් ක්‍රියාව ගොඩක් අගය කළ යුතුයි (ම)
ගාමිණී Sunday, 26 July 2015 09:10 AM
පව් දෙයියනේ චමල්. (ස)
ලංකා Sunday, 26 July 2015 09:16 AM
මේවා අපට හොඳ ආදර්ශ. (ස)