(සිතුම් චතුරංග)
වවුනියාව ප්‍රදේශයේ ත්‍රි රෝද රථ රියදුරකු පැහැරගෙනගොස් යාපනය කෝපායි හි නිවසක රඳවා වද හිංසා කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු 11 දෙනකු අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.
නිවසක රඳවා සිටින පුද්ගලයකුට පහරදෙමින් වද හිංසා කරන බවට පොලිසියට ලැබුණ බුද්ධි තොරතුරක් මත යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස හා පැහැරගත් තිරෝද රථ රියදුරු නිවසේ කාමරයක් තුල බැඳ දමා සිටියදී සොයාගත් බව පැවසීය.
පැහැරගැනීමෙන් අනතුරුව දැඩිලෙස පහරකා බරපතල තුවාල ලබා සිටි වවුනියාව , පූවරසකුලම් පදිංචි නිල්ලනාදන් සුමන් නැමති 35 හැවිරිදි තිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති බවත් පැවසේ.
පොලිසිය පැවසූයේ තිරෝදරථ රියදුරු විදේශ රටකට යවන බව පවසා පැහැරගැනීමට සම්බන්ධ එක් කාන්තාවකගෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාගෙන ඇති අතර එම මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනා උදෑසන කුලී ගමනක් යෑම සඳහා ති රෝද රථ රියදුරුට වවුනියාව නගරයට පැමිණෙන ලෙස දන්වා සිට ඇති අතර එලෙස පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණ ඇති සැකකරුවන් පිරිස සමඟ කාන්තාවන් දෙදෙනා මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවට පොලිසිය පැවසීය.
පැහැර ගැනීම සඳහා යොදාගත් වෑන් රථය හා තවත් යතුරු පැදි තුනක් අත්අඩංගුවටගත් අතර සැකකරුවන් ත්‍රිරෝද රථ රියදුරු වෙනත් ප්‍රදේශයකට රැගෙනයාමට සූදානම් කොට සිටි බවත් පොලිසිය පැවසීය.
ත්‍රිරෝද රථ රියදුරුට මුදල් ලබාදුන් බවට සැකකාර කාන්තාවන් දෙදෙනා හට කිසිදු සාක්ෂියක් නොමැතිවීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවත් පහරදී වද හිංසා කර මුදල් ලබාදුන් බවට ලිපි සකස් කරගැනීම හා මුදල් ලබාගැනීමට සැකකරුවන් උත්සහකොට ඇති බවට විමර්ශනවලදී අනාවරණයවූ බවත් කීය.අත්අඩංගුවටගත් සැකකරුවන් කෝපායි පදිංචි 20ත් 40 අතර වයසේ පසුවන්නෝ වෙති.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතුන් දෙකක් රෝද තුනේ රියදුරු පැහැරගනී