රුහුණු කතරගම මහා දේවාලයට ලැබෙන ඉමහත් වු පළතුරු හා බැතිමතුන් ලබාදෙන සහල් ආදිය කතරගම ප‍්‍රදේශවාසීන්ගේ පෝෂණය පිණිස බෙදා දීමට බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා සැරසෙයි.
දිවයිනේ නන් දෙසින් කතරගමට පැමිණෙන වන්දනාකරුවෝ දේවාලයට පුජා කරන වී සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අතිරික්තය දෙවියන්ට අවශ්‍ය තරම් තබා ගෙන කතරගම ප‍්‍රදේශයේ අඩු ආදායම් ලාභි ජනයාට මසකට වරක් ලබාදීමේ නව වැඩ සටහන (02) වැනි දා බස්නායක නිලමේ කුමාරගේ මහතා විසින් කි‍්‍රයාවට නැංවීය.
ගර්භනි මාතාවන් සඳහා ඇපල් මිදි කෙසෙල් වැනි පළතුරු ලබාදෙන අතර කතරගම අවට ඇති රෝහල් වෙත ද මෙම දේවාලයේ පළතුරු ලබාදීම මෙම වැඩ සටහනට සමගාමීව කි‍්‍රයාවට නංවා ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාතුරකින් බිහිවුණ ආදර්ශමත් බස්නායක නිලමේ තුමෙක්. ඔබ තුමාට ගොඩක් පින්. (බ)
ඉතාමත්ම ඉහළින් අගය කළ යුතු පුණ්‍ය ක්‍රියාවක්. කතරගමට එන බැතිමතුන් ගසා කෑම නවතිමටත් හැකියාව බස්නායක නිලමේ තුමාට ලැබේවා. (ම)
සුදුසු මිනිසුන් සුදුසු තැන්වල පිහිටුවාම යහපත් ක්‍රියාවන් ඉබේම සිද්ද වෙනවා , (ම)
බුදුන් වහන්සේ දේශනා කළ පරිදි ජීවියාගේ පරම රෝගය සමනය කිරීමට දායක වීම උතුම්ම පිනක්. පුණ්‍ය භූමිය අවට සැරිසරණා අසරණ පක්ෂීන් සතා සිවු පාවුන් ගැනත් කල්පනා කළොත් හොඳයි නේද? දේවාලයේ ගෞරවයත් ඔබ තුමාගේ තනතුරේ ගෞරවයත් රැක ගැනීමද වැදගත් වෙයි. (බ)
මෙන්න දෙවියන්ට පින් අනුමෝදන් කරන්න හොඳම ක්‍රමය. එවිට දෙවියන් බාර හාර උන අය වෙත දිවස් හෙළා පිහිට වේවි. මහනුවර අපි බස්නායක තුමා ගැන ආඩම්බර වෙනවා. (ස)
කතරගම දෙවියන් ඇස් අරි .....!!!! (ස)
හරිම සතුටු හිතෙනවා , ඔබතුමාට ජය. සල්ලිත් කීයක් හරි දෙනවනම් තමා හොඳ නේද ? අනෙක හිඟන්නෝ ටික එලවල දාන්න බැරිද ? (ස)
කලාතුරකින් බිහිවුණ ආදර්ශමත් බස්නායක නිලමේ තුමෙක්. (ස)
දේවකැමැත්ත ලැබුනද? (ස)
මොනතරම් උතුම් කටයුත්තක්ද? (නි)
දළදා මාළිගාවත් මේ සම්බන්ධයෙන් හිතුවොත් හොඳයි නේද? (නි)
ගොඩක් හොඳයි (නි)
අවංක සේවයක්. ඉතාමත් ප්‍රශංසනීයයි. හොඳ ආදර්ශයක්. (නි)
හොඳ දෙයක්. නමුත් ටික දවසකින් මුදලාලිලා වැඩේට බහිනවා සිකුරටම. ගිය සතියේ වුණදේවල් දැක්කනේ (නි)
ජීවමාන දේව ගතියක් .හොද ආදර්ශයක් (බ)
බස්නායක නිලමේ තුමනි හොඳ දෙයක්. කටරගමට එන බැතිමතුන් ගසාකන එකටත් මොනවහරි වැඩ පිළිවෙලක්.... (ර)
නිළමේතුමෙනි,ඇත්තටම සන්තෝෂයි.ඔය දෙවිවරැන්ට අපි කන කෑමබීමවලින් ප්‍රයෝජනයක් නැහැ.ඒඅයට අපට වඩා ප්‍රකෝටි ගුණයකින් වැඩි ප්‍රණීත දේවල් පහළවෙනවා.ඔය ලැබෙන දේවල් අවබෝධයක් ඇතුව දන්දීමෙන් නියම දේව පූජාවක් කළා වෙනවා. බුදුසරණයි. (බ)
ඉන්දියාවේ වගේ ගල් පිළිම වලට කිරි දාන්නේ නැතුව, ලංකාවේ මේ වගේ දෙයක් කරන එක ලොකු පිනක්. (බ)
ඉතාමත් ප්‍රශංසනීයයි (ර)
මාගේ උපහාරය. (ර)
මෙය ආදර්සවත් ක්‍රියාවකි . දෙශපාලකයොත් මෙය ආදර්ශයට ගන්නේනම් කොතරම් හොදද? (ර)
හොද වැඩක් ...(බ)
ජයවේවා නිලමේ තුමා. දකුණු පළාතම දියුණු කරන්න පුළුවන් ඔබ තුමාට . ජයවේවා.! (ර)
සල්ලිත් කීයක් හරි දුන්නොත් නේද හොඳ? (ර)
කතරගම දෙවියන් ජීවමානව වැඩ සිටිනාබවට මෙය හොද උදාහරණයක්. (ර)
හොඳ වැඩක්. (ර)
මෙන්න වැඩ කරනවා නම් ....ඉතාම කාලෝචිත ක්‍රියාවක් ....කතරගම දෙයියොම බලාගන්ඩ ඕනේ මේ වැඩේට මුල් වෙච්ච අයව ....(බ)
මෙන්න හොඳ වැඩ (බ)
ඇත්තටම හොදයි (බ)
බොහම හොද වැඩක් .දිගු කල් ජීවත් වෙන්නට මේ පිනම ඇති (බ)