විහාර මහා දේවිය උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි

(අංජුල මහික වීරරත්න)

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා රජය සමඟ සාකච්ඡා කරන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව උලපනේ සුමංගල හිමියෝ කීහ.

සත්‍යග්‍රහ භූමියේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සුමංගල හිමියෝ මේ බව කීහ.

මේ අතර විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට අධිකරණයෙන් අවස්ථා දෙකකදී සත්‍යග්‍රහයේ නිරත අයට නියෝග නිකුත් කර තිබිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේ ජනරැළියකදී අදහස් දක්වමින් ඉකුත්දා ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුවලට පිටින් කිසිම තීන්දුවක් නොදෙන බවයි.