කතරගම දෙවියන්ගේ උපන් දිනය හා දේව නැකැත් සැමරීමට අද කතරගමට දසලක්ෂයක පමණ ඇදී එන්නට ඇතැයි අනුමත කෙරේ.
මහා දේවාල භූමීයේ හා කිරි වෙහෙර වන්දනා කරුවන්ගෙන් පිරී ඉතිරී ගියේය.
ධනවත් ව්‍යාපාරිකයෝද මෙන්ම දුප්පත්හුද අද අලුයම තුනේ සිට පළතුරු වට්ටි හිස මත තබාගෙන දිගු පෝලිම් වලට එක් වුහ.
උදෑසන 6-7 දක්වා වු නැකැත් සැමරුමේදී බොහෝ දෙනා පහන් දැල්වුහ.
නගරයේ වාහන නතර කිරීමට ස්ථාන නොවු අතර අවන්හල් හා කඩ සාප්පු ද පිරී ගොස් තිබිණි
පොල් හා පළතුරු හිගයක්ද දකින්නට ලැබිණි.
බොහෝ පුජා වට්ටිවල රුපියල් දෙදහසේ හා පන්දහසේ නෝට්ටුද විය.තවත් පිරිස් රන් භාණ්ඩ රන් කාසිද පිදුහ.
මෙතරම් පිරිසක් මීට පෙර කතරගමදී දැක නැතැයි බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරෝ හරා ගෝවින්දා.... (නි)
කතරගම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් මේ වසරේවත් අපේ රට හොරුන්ගෙන් මුදා ගැනීමට හේතු වාසනා වේවා කියලයි මම ප්‍රාර්ථනා කළේ. (නි)
ඔය කේන්දර කාරයෝ බොරු කියන්නේ ,අපෙන්ම අහගෙන අපටම කියනවා , පිටරටවල මිනිස්සු ඕව ගණන්ගන්නේ නැ, හෙතු පලදහම අවබෝදකරගත් කෙනාට ,සම්මා දිට්ටිය ඇතිවෙනවා. දවස තිස්සෙම ද්වේස කර කර ඉන්න පව් කාරයන්ට දෙවියන්ගේ පිහිට නැත. කතරගම දෙවිදුනේ , රට විනාස කරන ශාසනය විනාස කරන අයට තරාතිරම නොබලාම දැඩි දඩුවම් දෙන සේක්වා!(නදී)
ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ "මා දුටු ලෝකය" කියන පොතේ කතරගම දෙවියන් ගැන සඳහන් වෙන්නේ ..හාමුදුරුවෝ ගිනි පාගන උත්සවය බලන්න කතරගම ගියාලු.ගිනි ගොඩේ ගිනි පුපුරු පත්තු වෙද්දී දුඹුරු පැහැති සළුවකින් වෙලා ගත්තු සාන්තු වහන්සේ කෙනෙක්. ඒ ගිනි මතින් ගමන් කරාලු.ඒ බව ඒ හාමුදුරුවන්ගේ දියුණු කර ගත්තු බලයෙන් දැකලා තියෙනවා. ඉන් පස්සේ තමා පෙහෙවුණ සැදැහැවත් අය ගිනි පාගන්නේ.කතරගම දෙවියන් කියන්නේ සත්තයි.දැන් මුදල්වලට තණ්හාවේ කතරගම දෙවියන්වත් විකුනම් කන එකයි දුක. (ස)
ඒ කන්දත් මගේ තමයි.මේ කන්දත් මගේ තමයි, කදුයායම මගේ තමයි, මගේ රාජ්‍යයේ.... (නි)
ඉදිරියේදී ලක්ෂ්මි දේව මෑණියන්ගේ,විෂණු දෙවියන්ගේ,කාලි මෑණියන්ගේ,කලුකුම්බර දෙවියන්ගේ, බහිරව දෙවියන්ගේ උපන් දින වලටත් අපි මෙහෙම කරමු හොදේ. ඔය තියෙන්නේ උපන් දින වැලක්ම.අනේ දෙවියනේ ඔබට පින් සිද්ධ වෙනවා. (නි)
මිනිසුන්ගේ මොළ හූදාන්න හූදන්න කරල පැහෙනවා.ඔය තියෙන්නේ මල පෙරේතකමේ පෙට්ටගම් වල හංගාගෙන තියෙන සල්ලි.ඔය සල්ලි හොල්ලන්න තියෙන අකමැති ඕක තමයි.දැන් ඉතින් සිතූ සිතූ සම්පත් ගෙන දෙන ලක්ෂ්මි දේව මෑණියන්ගේ උපන් දිනය කවද්ද ? (ස)
අනේ දෙවියනේ, ඔබට පින් සිද්ධ වෙනවා (නි)
"බොහෝ පුජා වට්ටිවල රුපියල් දෙදහසේ හා පන්දහසේ නෝට්ටුද විය.තවත් පිරිස් රන් භාණ්ඩ රන් කාසිද පිදුහ..... " මට ලැම්බෝගිනියක් අරගෙන ඉතිරි මුදල් වලින් රට සවාරියක් යන්න පුළුවනි.දෙවියනි, ඔබට පින් සිද්ධ වෙනවා (නි)
ඇස්බව්ලිව්ආර්ඩී . කතරගම දෙවියන් ඇත්ත වුනත් මේ තරම් පාපතරයන් පය ගැසූ අපිරිසිදු කිලිටි බිමක වැඩ ඉන්න විදිහක් නැහැ. කතරගම දෙවියන්ව ව්‍යාපාරයක් කරගෙන මිනිසුන් මුලා කරන මේ හැමටම ඒවායේ ආනිසංස ලැබේවි. (ස)
ධාතු ප්‍රදර්ශනයක් මහා ඉහලින් තියලා හැම පන්සලකම පාර දිගටම පින් පෙට්ටි තියලා තිබුණා.අනේ වයසක සැදැහැවත් අම්මලා තාත්තලා තියෙන උපරිමයෙන් පින් පෙට්ටි පිරෙව්වා.ඉන් පස්සේ ඒ පින් පෙට්ටි ටික කුදලා ගෙන අරන් ගියා.කිසිම පන්සලකට ආධාර ලැබුනේ නැහැ.සාදු.සාදු.සාදු.... (ස)
රන්ජනී .මමත් හැම අවුරුද්දකම කතරගම යනවා.අර්ථ උපන් දිනයක් ගැන කියන කතාව මම ඇහැව්වේ අදයි.අර්තනත් අහවල්ලු නිසා කෝටි ගානක් හොයා ගන්න ඇති.මොළ හෝදපු මිනිසුන්ගෙන් මොන තරම් වැඩ ගන්න පුලුවන්ද බලන්න. (ස)
කතරගම ඉන්න අය දෙවියන්වත් විකුනගෙන කනවා. දෙවියන්ගෙන් පිහිට ගන්න මම හිතන විදිහට සල්ලි කොහෙත්ම අවශ්‍ය නෑ. දෙවියන්ගෙන් පිහිට ඉල්ලුවාම අපිට පිහිට ලැබෙනවා. ඒ වෙනුවට අපි දෙන්න ඕන සල්ලි නෙමේ. උන්වහන්සේලාට පිං දෙන්න ඕනා.(නදී)
ඇයි මෙහෙම වෙන්නේ?(නදී)
අද දිනයේ මේ ශුද්ධ භූමිය තුල පහනක් දල්වා පැතූ පැතුම් සියල්ලක්ම ඒ ආකාරයෙන්ම සපල ''වේවා'' යනු මගේ පැතුමයි! ඔබ සැමටත්, මටත්, අප සැමටමත්, කතරගම දෙවියන්ගේ පිහිටයි (නි)
කතරගම දෙවියන් ඇත්ත වුනත් මේ තරම් පාපතරයන් පය ගැසූ අපිරිසිදු කිලිටි බිමක වැඩ ඉන්න විදිහක් නැහැ. කතරගම දෙවියන්ව ව්‍යාපාරයක් කරගෙන මිනිසුන් මුලා කරන මේ හැමටම ඒවායේ ආනිසංස ලැබේවි.(දී)
සුබ උපන් දිනයක්! ඔබට හුඟක් තෑගිත් ලැබුනා නේද ? සමහර අපේ කට්ටියට ඕක දැන් මාර සහනයක් (නි)
ඔබට හැපී බර්ත් ඩේ. හුඟාක් තෑගිත් හම්බ වුණා නේද? දැන් සතුටු ද ? (නි)
සුබ උපන් දිනයක් කතරගම දෙවියන්ට! (නි)
කතරගම දෙවියන් ගැන අප තුලත් ලොකු විශ්වාසයක් තිබෙනවා සැමටම දේව කරුණාව ලැබේවා! (නි)
ඒකත් හොදයි.දෙවියන්ට තියෙන ශ්‍රද්ධාව... සියලු දෙනාටම තෙරුවන් සුව සහ දෙවියන්ගේ පිහිට ලැබේවා! (නි)
එදා ඉඳලා කතරගම ගියත් කතරගම දෙවියන්ට උපන් දිනයක් තිබෙන බව මම දන්නේ අදයි. සුභ උපන් දිනයක්! (නි)
අනේ මේ රටේ මිනිස්සුන්ට කවදා මොලේ පෙදෙද්ද මන්ද ! (මෝඩකමට බෙහෙත් නෙත!) (දී)
මංජුල පිරිස් කියා සිටිය අද කතරගම දෙවියෝ මනුස්ස වේශයෙන් එනවා කියල .ඒගැන මොනවාද තියෙන ආරංචි (දී)
ලංකාදීපයට ස්තුතියි. (නි)
මේ යන විදියට ඉතින් දෙවියන්ගේ පිහිට තමා අපිට (නි)
අපරාදේ පලතුරු , මිනිස්සුන්ට කන්න දෙන්න බැරිද මේ පලතුරු? බලනකොට දෙවියන්ටත් කන්න දෙන්නේ මිනිස්සු? (නි)
කඳ සූරීදුනි ඔබේ පිහිට ලැබේවා. අපේ රට සවු සිරියෙන් බැබලේවා ඔබ යැදුමට අවා අද ඔබ යැදුමට අවා ආරෝ... අරා ... (දී)
වට්ටියයි සල්ලියි තියලා ආවම ඔක්කොම හරි යයි! තවත් සමහරු මැති ඇමැතින්ගේ සහ දන්නා අඳුනන අයගේ මාර්ගයෙන් කෙලින්ම කපුවා හමුවී තම පූජාව පෝලිම පැනලා ගිහින් බාර දෙනවා. එවිට තවත් ආනිසංස වැඩි ඇති. (නි)
දෙවියන්ගේ වැඩක් නිසා මුකුත් කියන්නත් බැහැ වගේ?එත් කසිප්පු මුදලාලිලා ,ගංජා මුදලාලිලා,හොර හරක් මුදලාලිලගෙනුත් දේවාල භූමිය පිරීගොස් ඇත ඒ අය මොනර කොළ සමග පලතුරු පූජාද රැගෙන මහත් බැතියෙන් පෝලිමේ මුලින්ම වැජබේ? (දී)