(රොමේෂ් මධුෂංඛ)
කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.
සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක ජෙයවේල්සාමි පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින මෙම පාද යාත්‍රාව ආරම්භ කෙරුනු අතර යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජිවත්වන බැතිමතුන් පිරිසක් මෙන්ම මුලතිව් ප්‍රදේශයෙන්ද මෙම පාද යාත්‍රාවට එකතුවන බැතිමතුන් පිරිසක් සමග කතරගම දක්වා ගමන් කරයි.
මෙම පාද යාත්‍රාව සෑම වසරකම යාපනයේ සිට කතරගම දක්වා ගමන්කෙරෙන අතර අද දින ආරම්භ කෙරුනු පාද යාත්‍රාව යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය,මඩකලපුව ,අම්පාර, උහන හරහා කතරගම දේවාලයේ කොඩි එසවීමේ මංගල්ලය වෙත ගමන් කිරීම සිදුවෙයි.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතරගමට එන පා ගමන යාපනයෙන් අරම්භ කරයි
nalin Sunday, 07 May 2023 05:48 PM
අම්පාර උහන එන්නේ නැහැ. කරෛයිතිව්, පොතුවිල්, පානම, ඔකඳ හරහා කුමන, යාල, කතරගම....
Roshan Sunday, 07 May 2023 07:22 PM
නලින් කියපු ගමන් මාර්ගය නිවැරැදියි... මොකද 2014 දී ලංකාවේ හිටපු ජර්මන් ජාතික මහත්මයෙකුට ලංකාවේ ආගම් ඇදහිලි ගැන පොතක් ලියන්න ඕනෑවුණා. ඒ වෙලාවේ මමත් ඔය පාද යාත්‍රාවට සහභාගි වුණා. ඒ අය ආවේ ඔකද හරහා යාල වනෝද්‍යානය හරහා...