IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කොතලාවල විදුහලට කලින්ම නිවාඩු

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහල අද සිට අප්‍රේල් නිවාඩුවට වසා දැමීමට අධ්‍යාපන නිලධරයෝ තීරණය කළහ.

පාසල් නිවාඩුව ඇරැඹිමට නියමිතව ඇත්තේ අප්‍රේල් 8 වැනිදාය.විදුහල්පතිවරයා යළි රිමාන්ඩ් කිරීමත් සමඟ සිසුහු අද පාරට බැස උද්ඝෝෂණය කරන්නට වුහ.

දෙපැයක් පමණ පාරේ වාහන තදබදයක් ද ඇති විය.කැරැලි මර්දන බළඇණි කැඳැවීමෙන් පසු සිසුහු පාරෙන් ඉවත් වුහ.



අදහස් (0)

කොතලාවල විදුහලට කලින්ම නිවාඩු

ජනා Thursday, 03 April 2014 02:46 PM

මෙතන වැරද්ද කාගෙද කියල හරියට දැනගන්නකම් මේ ළමයින් බලාගෙන ඉන්නවා නම් නේද හොඳ? (ස)

:       0       0

සමන්ති Friday, 04 April 2014 07:11 AM

දැන් අර වෙන විදුහල්පතිකෙනෙක් එපා කියපු කට්ටිය මොකද කියන්නේ ? (නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 03 April 2014 03:02 PM

මේ පාසල් දරුවන්ව කවුරු හෝ පිටුපසින් සිට අවුස්සනවා. (ස)

:       0       0

සඳුන් Friday, 04 April 2014 07:45 AM

කුමාරි, ලිපිය කියවපු තරම පේනවා මම ලියපු එක තේරුම් ගත්ත තරමට. ඒක නිසා තමයි "අම්මල තාත්තල" කියල මම ලියුවේ. ටොක්ක නම් ක්‍රමය, ඇනගෙන බලන්න එතකොටවත් තේරෙනවද කියලා. (නදී)

:       0       0

මොහාන් Thursday, 03 April 2014 03:21 PM

ළමා විනය පිළිබදව තදින් ඉන්න වෙනවා. මේක විහිළුවක් වෙලා. (ස)

:       0       0

කුමාරි Thursday, 03 April 2014 03:25 PM

ආපහු සැරයක් වෙනුෂ ලියපු ලිවුම කොපි ගහල මේ ළමයින්ට බෙදල දෙන්න කියමු. එතකොට මේ ළමයිනුත් හොඳ ආදර්ශයක් ගනී නොවැ. (ස)

:       0       0

කාශ්‍යප Thursday, 03 April 2014 04:36 PM

කුමාරි ඔබට නිදහස තියෙනවා ඕන දෙයක් කියන්න. නමුත් මේ වගේ කෙනෙක් වෙනුවෙන් කතා කරන්න එපා. (ස)

:       0       0

ඉන්දික Thursday, 03 April 2014 05:00 PM

දයා අලහකෝන්, ඔබ හරි. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 03 April 2014 05:11 PM

''අතීසාරෙට අමුඩේ ගැහුවා වාගේ''කියන කියමනත් මතක් වුනා ඕන්..කව්රු කව්රුත් කෙහෙවලු පටලා ගන්නවා නොවෙයි ඕන්. ලංකාවේ හැම තැනම වැලිවේරියක්(වලිවේරිය)හන්වැල්ලක් නොවේවා. බණ්ඩාර නායකයක් නොවේවා.(නදී)

:       0       0

කුමාරි Thursday, 03 April 2014 05:19 PM

කාශ්‍යප , වරදවා වටහාගන්න එපා. මම කවදාවත් විදුහල්පති වෙනුවෙන් නෙමෙයි අදහස් දමන්නේ. ජිවත්ව ඉඳිද්දි දරුවා ගැන නොබලපු කෙනා ගැන කළකිරීමෙන්. (නි)

:       0       0

අවිශ්ක Friday, 04 April 2014 10:44 AM

නිවාඩු දීලා නොවෙයි නිවාඩු ඉල්ලා ගෙන (දී)

:       0       0

සඳුන් Thursday, 03 April 2014 05:53 PM

කුමාරි, ලියුම කොපියක් ගහලා බෙදලා දෙන්න. ළමයින්ට විතරක් නොවෙයි, අම්මලා තාත්තලාට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන උපදේශකවරුන්ට, මනෝ චිකිත්සකයන්ට සහ මනෝ වෛද්‍යවරුන්ට. ඔය කිසිම කෙනෙකුට අයත් වෙන්නේ නැත්නම් ඔයත් කොපියක් අරගෙන කියවන්න. (නි)

:       0       0

ලෝචන Thursday, 03 April 2014 06:30 PM

විදුහල්පතිටම වැරැද්ද පටවන එක වැරදියි (නි)

:       0       0

සුලෝච් Thursday, 03 April 2014 06:30 PM

මෙතන වැරැද්ද ඇත්තේ විදුහල්පති අත බව මගේ හැඟීමයි. (නි)

:       0       0

කුමාරි Thursday, 03 April 2014 07:19 PM

සඳුන්, මම සම්පුර්ණ ලියුම කියෙවුවා. ඔයා ඒක දැක්කා නම්, දැක්කේ නැද්ද තියනවා [අම්මේ, අම්මා මම එක්ක කතා නොකර හිටියට මම අම්මට ගොඩක් ආදරෙයි. මම අම්මා එක්ක තරහා නැහැ] කියලා. ඒකත් මේ මරණෙට ප්‍රධාන හේතුවක් නෙමෙයිද කියලා හයියෙන් ටොක්කක් ඇනලා ඔයාගෙන්ම අහලා බලන්න. (නි)

:       0       0

මහානාම Thursday, 03 April 2014 07:47 PM

ඒකෙන් වාසි වුණේ පාසලේ දරුවන්ට නේද? (නි)

:       0       0

ආදී ශිෂ්‍යයෙක් Thursday, 03 April 2014 07:53 PM

කුමාරි,මොවුන් සමඟ වාද කරලා වැඩක් නැහැ. ඔක්කොම බලන්නේ පාට කණ්ණාඩි දාගෙන. ඒවා කොළ සහ රතු කණ්ණාඩි විතරයි. අපේ පාසල පටන් ගත් දා ඉඳලා තිබුණේ දේශපාලනය. පස්සේ මේ නම අාවෙත් දේශපාලනය හින්දයි. දැන් මෙයාටත් දේශපාලන චෝදනා එල්ල කරනවා නම් ඒක පුදුමයක් නෙමෙයි කියලයි මම නම් කියන්නේ. ඒත් දේශපාලන ඔලුවෙන් මේ ප්‍රශ්නය දිහා බලන එක වැරදියි. කාගේ කාගේත් වැරදි තිබෙන බවයි මට නම් හැ‍ඟෙන්නේ. ලොකුම වැරැද්ද ගෙදරින් තමා වෙලා තියෙන්නේ. ළමයා ගැන මීට වඩා සැලකිළිමත් වෙන්න තිබුනා. ළමයාගේ ෆොටෝ එකක් බලන්න. එයාගේ නියපොතු කළු පාටින් පාට කරලා. අපි පාසල් යන දවස්වල නම් ඔහොම ගියොත් දඩුවම් විදින්න තමයි සිද්ධ වෙන්නේ. ඉස්සර ගුරුවරු අපිට කොච්චර දඩුවම් කරනවද? එහෙම බලද්දී බනින එක ඒ හැටි දෙයක්ද? (නි)

:       0       0

සපුමල් රවිරංග Thursday, 03 April 2014 08:17 PM

ඔය කියන විදුහල්පති කරුණාවන්ත කෙනෙක් නම් වෙන්න බැහැ. නැත්නම් ළමයෙක්ට ඔහොම කතා කරයිද.ළමයි වැරදි කරනවා තමයි.ඒත් ඔහොම කතා කරන්න තරම් ඉක්මන් වුණේ මොකද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 03 April 2014 09:03 PM

මේ අදහස් දාන අය පොඩ්ඩක් හිතන්න මේ සිදුවීමෙන් අනෙකුත් සිසුන්ට දෙන ආදර්ශය මොකක්ද කියලා.තමන් දඬුවමකට ලක් වුණොත්,ඇනුමකට බැනුමකට ලක් වුණොත් ඒ ලක්කළ කෙනාගෙන් පළිගන්න හොඳම ක්‍රමය මේ විදියට ලියුමක් ලියලා බෙල්ලේ වැල දාගන්න එක නේද කියලා සිසුන්ට මේ සිදු වෙන දේවල් වලින් හිතෙන්නේ නැද්ද? වෙනුෂගේ මරණට දෙස බැලුවහම මට නම් හිතෙන්නේ මේ වගේ මරණ වැලක් අපිට ඉදිරියේදී අහන්න දකින්න ලැබේවි කියලයි. (නි)

:       0       0

කුමාරි Thursday, 03 April 2014 11:29 PM

ආදි ශිෂ්‍ය සොයුර, ඔබ හරි. මම මේ අදහස් දැම්මේ මමත් මවක් නිසයි. මවගේ යුතුකම් පැහැර හැරලා දැන් මෙහෙම ලෝකයේ මිනිස්සුන්ට වැරදි කීමත්, තම වැරැද්ද වටහා නොගෙන සිටිමත් හා එයාව අනුමත කරන අනෙක් අය නිසා අහිංසක ළමා ජිවිත තව දුරටත් විනාශ වේවි යන හැඟීමෙනුයි මම මේ සම්බන්ධව ලිවුවේ.තව දුරටත් මේ සම්බන්ධව කතාකිරීම බීරි අලින්ට වීනා ගැයීමක් වැනිය. අවසන් වශයෙනුත් පතනවා අනෙක් දරුවෝ දෙදෙනා ගැන හෝ සොයා බලත්වා කියා! (නි)

:       0       0

කසුන් Friday, 04 April 2014 12:08 AM

මේ සිද්ධිය පිටුපස ඇති සැඟවුණ රහස සෙවිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 382 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2748 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2025 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 214 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1222 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1327 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26975 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23515 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site