(සුජිත් හේවාජුලිගේ )

කතානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න   මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සංශෝධනය කිරීම සඳහා විපක්ෂයට ලබා දී තිබූ කාලය අවසන් ව ඇත.

මේ අනුව එම යෝජනාව ලබන සතියේදී විවාදයට ගැනීමට තිබූ  අවස්ථාව  අහිමිව ගියේය.

විශ්වාසභංග  යෝජනාව සංශෝධනය කර බාරදුනහොත් එය ලබන 03  වැනිදා අඟහරුවාදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණ.

ආණ්ඩුව මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එහි අධිකරණ කටයුතුයි වලට බාධා වන කරුණු කිහිපයක් ( SUb JUDICE)අඩංගු වන බව පවසමිනි.

එහෙත් විපක්ෂය පවසන්නේ අධිකරණ කටයුතු වලට බාධාවන කිසිවක් එම යෝජනාවේ අඩංගු නොවන බවයි. එසේ හෙයින් යෝජනාව සංශෝධනය කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව විපක්ෂ මන්ත්‍රීවරු පවසති.