(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද යන බිය නිසාදැයි සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
වත්මන් රජය හිටපු ජනාධිපතිතුමන් ආරක්ෂා කරන්නේ රජයට සම්බන්ධ උසස් අය හරහා පාස්කු ප්‍රහාරයට තමන්ගේ ඇති සම්බන්ධයක් හෙළිදරව් විය හැකිය යන බිය නිසාදැයි යන්න ගැන රටේ පොදු ජනතාව හා තමන් තුළ සැකයක් ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
හිටපු ජනාධිපතිවරයාට මෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්‍ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු හිටපු බුද්ධි සේවා අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීන් බොහෝ දෙනෙකුට එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපති කොමිසම කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කර ඇති හෙළිදරව් ගැන කිසිඳු විමර්ශනයක් නොකිරීම සියල්ල රතු පලස යට සඟවා සත්‍ය වසන් කිරීමේ බොළඳ උත්සාහයක් බව ද කොළඹ අගරදගුරුතුමෝ කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද (21) පෙරවරුවේ පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.
පසුගිය රජය සමයේ හිටපු පොලිස්පතිවරයාට හා ආරක්‍ෂක ලේකම්වරයාට පැවරූ නඩුවේදී රජයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස ප්‍රහාරයේ බරපතල චෝදනා ලැබූ නිලන්ත ජයවර්ධන මහතා යොදාගැනීමෙන් හා උසාවිය ඉදිරියේ නිසි ලෙස නඩු කටයුතු මෙහෙයවීම නොකිරීමෙන් උසාවිය අසරණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ කාගේ උවමනාවකට දැයි යන්න ගැන පැනයක් තිබෙන බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.
ප්‍රහාරය සිදුවූ පසු එය දැන සිටි බවට ප්‍රසිද්ධියේ පිළිගත් හේමසිරි ප්‍රනාන්දු මහතා සමඟ හිටපු පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීම නීතිපති දෙපාර්තමේන්තුව හා රජය විසින් ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ අයට කළ අපහාසයක බව ද අගරදගුරුතුමෝ පැවසූහ.
නීතිපති දෙපාර්තමේන්තුව නීතියේ උත්තරීතරත්වය කෙලෙසන්නට කටයුතු කිරීම නින්දා සහගත බව කී කාදිනල්තුමෝ මේ ක්‍රියාදායම පිටුපස සිටින්නේ මේ රටේ සියලු බලතල තමන් අතට ගෙන ඇති සුපිරි බලවතා නොවේදැයි සැකයක් මතුවන බව ද සඳහන් කළහ.
ඇතැම් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්‍ෂණ කරන ලෙස ජනාධිපති කොමිසම කළ නිර්දේශ තිබියදී ඔවුන්ට උසස්වීම් ලබාදෙන්නට ක්‍රියා කළ වත්මන් පොලිස්පතිවරයා ද පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසකයන්ගේ රුධිරයට වගකිව යුතු බව කී කාදිනල්තුමෝ ඔහුට එයින් ගැළවීයාමට සද්ධර්මය ඉඩ නොදෙනු ඇතැයි ද කීහ.
සහරාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හිටපු ජනාධිපතිවරයා හා වත්මන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බවට අත්අඩංගුවට ගැනීමෙන් සිදුවූයේ සහරාන් සැලසුම් කළ ප්‍රහාරය ඉදිරියට ගෙනයාමට පාර කැපීමක් බව කී කාදිනල්තුමෝ නාලක ද සිල්වා මහතාට එල්ල වූ චෝදනා කොතරම් දුරට විමර්ශනය විණි ද යන්න පැහැදිලි නැතැයි ද පැවසූහ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වනාතවිල්ලුව ආයුධ ගබඩාව ගැන ආරක්ෂක මණ්ඩලයෙන් විමසීමක් නොකළ බව හා සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස කළ ඉල්ලීම් හමුවේ ‘එහා මෙහා යන නයි රෙද්ද අස්සෙ දා ගන්න එපා’ පැවසූ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තා වේ සඳහන්ව ඇතැයි ද අගරදගුරුතුමෝ කියා සිටියහ.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී මොරදුන් වත්මන් පාලකයා බලයට පත්වූ පසු ඒ පොරොන්දු පසෙක ලා ගෙන යන වැඩපිළිවෙල අපි ප්‍රතික්‍ෂේප කරමින් හෙළා දකින බව කී කාදිනල්තුමෝ මෙම අපරාධය කළ අයට වැඩිකල් නොයා තමන් කළ පාපයේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවනු ඇතැයි ද සඳහන් කළහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති