බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ටී 20 ක්‍රිකට් තරගවලින් දෙවරක්ම ජගත් කිර්තියට පත් කළ ඩැරන් සැමී (33) නායකත්වයෙන් ඉවත් කළ බව තේරීම් කමිටු සභාපති දැන්වීයැයි ඩැරන් සැමී වීඩියෝ පටයකින් කියයි.
‘පෙර දින උදේ මට දුරකතන ඇමතුමක් ලැබුණා. ඒ ඇමැතුමට තත්පර තිහග් ගත වෙන්න ඇති. එය ලැබුණේ තේරීම් කමිටු සභාපතිගෙන්. ඔහු කීවේ විස්සයි විස්ස තරගවලින් මගේ නායකත්වය ඉවත් කළ බවයි.‘
පසුගිය අප්‍රේල් මාසයේ ඔහු එංගලන්ත කණ්ඩායම තරගයෙන් පැරැදවීය. තරගය පැවැතියේ ඉන්දියාවේ කොල්කටා නුවරය. ජයග්‍රහණයත් සමග සැමී ඉන්දියා කොදෙව් ක්‍රිකට් කණ්ඩායම විවේචනය කළේය. එසේ නොකරන ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයද ඔහුට තරවටු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත නිලධාරින්ගේ බලය තමයි හැම තැනම රජ කරන්නේ.(හේ).
කුමාර් කියන එක හරි. ඒත් නායකයා හැටියට ඉඳගෙන අන්තර්ජාතික මධ්‍ය හමුවලදී තමන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කිරීමත් වෘතියමය වශයෙන් නොගැලපෙන ක්‍රියාවක්. එහෙමනම් ඉල්ලා අස්වෙලා ඒක කරන්න ඕන.(හේ)
සැමී ඉන්නේ විශ්‍රාම යන වයසක හෝ අඩු දක්ෂතා මට්ටමකනම් ජයරත්න කියන විදිහට ඉල්ලා අස්වෙලා ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරන්න තිබුනා. නමුත් ඔහු කතාකරන්නේ දුෂණයට විරුද්ධව. සැමී ක්‍රිකට්වලින් සමු අරන් ඔය කියන කතාව කිව්වනම් කවුරුත් ගණන්ගන්නේ නැහැ. වෘතියමය මට්ටමේ දුෂිත පාලක මණ්ඩලයකට එරෙහිව නැගී සිටීමට වෘතිය බාධාවක් වියයුතු නැහැ. ඉල්ලා අස්විය යුත්තේ සැමි නෙමෙයි. දුෂිත පාලකයෝයි.(හේ)
අපේ රටේ විතරක් නොව මුළු ලෝකයම කියන්නේ කොරහේ කුණු නෑබිලියෙන් වහන්න කියලයි. එත් වරදට එරෙහිව අරගල කළ යුත්තේ එම පද්දතියෙන් පැනලා ගිහින් නොවෙයි. අපි ඉන්න තැනට ගරු කරන්න ඕනි. එත් ඒකෙන් කියන්නේ ඉන්න තැන සිදුවන වැරදි වහන්න ඕනි කියන එකනම් නෙමෙයි.(හේ)
මොනවා වුනත්, ඩැරන් සැමී 2016 T-20 ලෝක කුසලානය දිනලා කරපු කතාව ඓතිහාසිකයි. ඩැරන් සැමීට කොදෙව් වේවා ජාත්‍යන්තර වේවා, කවරාකාරයේ තරඟ තහනමක් පැනෙව්වත්, කොන්ද කෙලින් තබා ගෙන වැඩ කල ක්‍රීඩා නායකයෙක් විදියට ඔහු ඉතිහාසයට එක් වෙලා ඉවරයි. එය කිසිදාක මකන්න බෑ. (හේ)
ලංකාවෙත් වෙන්නේ මේ වගේ වැඩ තමා. රටට ගෞරවය ගෙනා වටිනා ක්‍රීඩකයෝ නිකම්ම විසිකරලා දානවා (නි)
සැමී ලෝකපුජිත වටිනා ක්‍රීඩකයෙක්. (නි)
ක්‍රීඩකයෝ දැනගන්න ඕනෑ නායකත්වයට පරිපාලනයට ගරු කරන්න. විනයක් නැතුව වැඩක් නැහැ. දිගු ගමනක් යන්න බැහැ (නි)
ජයරත්න කියන විදිහට ලෝකේ මිනිස්සු හැමදාම හිටියා නම් මේ ලෝකේ මෙහෙම දියුණු වෙන්නේ නැහැ. සැමී නෙමෙයි, මොහොමඩ් අලි එදා කළෙත් ඔයදේමයි. ඔහුගේ ඒ පෞරුෂත්වයටයි අදටත් මිනිසුන් ගරුකරන්නේ (නි)
මම හිතුවේ මෙහෙ විතරයි කියලා. බැලුවහම එහෙත් එහෙමනේ (නි)
නිලධාරීන් කියන්නේ ක්‍රීඩකයින්ටත් වඩා ඉහළ කොටසක්. ඒ නිසානේ ඒ අය ශීත කාමරවලයි ක්‍රීඩකයින් කට්ට අව්වෙයි ඉන්නේ. ඔය වගේ නිලධාරීන් හැම රටකම වගේම හැම ආයතනයකමත් අඩු වැඩි වශයෙන් ඉන්නවා. (නි)
ඩැරන් සැමී ලෝක කුසලාන ජයග්‍රහණ කතාවේදීත් ව්‍යංගයෙන් පැවසුවා ඔහුට ක්‍රීඩා කිරීමට තව කොපමණ කාලයක් අවස්ථාව ලැබේවිද යන්න පිළිබඳ ඔහුවත් නොදන්නා බව. ඔහු එදා ඇඟවූයේ මේ සිද්ධිය පිළිබඳවයි. මොනව වුනත් ඩැරන් සැමී නාමය දූශිත පාලනයකට, දූශිත නිලධාරීන්ට එරෙහිව හඬ අවදි කළා, සිය රට සහ කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණ දෙකක් කරා මෙහෙයවූ අභීත නායකයෙකු ලෙස ක්‍රිකට් ඉතිහාසයට එක් වී අවසන්. (බ)
ඔහු විවේචනය කළේ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය හා තේරීම් කමිටුව නොවේද? (නි)