IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොදෙව් පිලට කඩුලූ 1 ක තියුණු ජයක්

බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගයේදී ඉන්දියාව පරදවා කඩුලූ 1 ක තියුණු ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය. මෙම තරගය කිංග්ස්ටන්හි සබීනා පිටියේදී ඊයේ (30 වැනිදා) පැවැත්විණ.

කොදෙව් පිල පන්දු 14 ක් ඉතිරිව තිබියදී කඩුලූ 9 ක් දැවී ලකුණු 230 ක් ලබාගත්තේය. පන්දු 100 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 97 ක් ලබාගත් ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් කොදෙව් ජයග‍්‍රහණයේ නියමුවා විය.

ලකුණු 230 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිලේ ඉදිරි පෙළ කඩුලූ 3 ක්ම ලකුණු 26 කට බිඳ වැටුණ නමුත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක් එක්කළ ජොන්සන් චාල්ස් සහ ඩැරන් බ‍්‍රාවෝ තම පිලට ජය මාවත විවර කර දුන්හ. බ‍්‍රාවෝ පන්දු 78 කදී ලකුණු 55 ක් ලබාගත්තේ හතරේ පහර 5 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිලට  ඕවර 50 කදී ලබාගත හැකිවූයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 229 ක් පමණි. ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී සාර්ථකම පිතිකරුවා වූ ෂිකාර් ධවාන් ලකුණු 11 කට දැවීගිය අතර කි‍්‍රස් ගේල්ගේ දක්‍ෂ උඩපන්දු රැකීමක් හේතුවෙන් විරට් කෝලිද ලකුණු 11 කට දැවී ගියේය.

තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රෝහිත් ෂර්මා සහ දිනේෂ් කාර්තික් ඉන්දීය පිල ඉදිරියට ගෙන ගියහ. පන්දු 89 කට මුහුණ දුන් රෝහිත් ෂර්මා හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 60 ක් ලබාගත් නමුත් ඉන්දීය පිලේ ලකුණු වේගය පහළ මට්ටමක පැවතිණ.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක් එක්කළ සුරේෂ් රයිනා (44) සහ නායක මහේන්ද්‍ර සිං දෝනි (27) කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ දැඩි උත්සාහයක නිරත වූ නමුත් කොදෙව් පන්දු යවන්නන්ගෙන් ඉන්දීය පිතිකරුවන්ට ළිහිළක් නොලැබිණ.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිලේ තාවකාලික නායක කරන් පොලාර්ඞ් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය පිලට ආරාධනා කළේය. කොදෙව් එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක ඞ්වේන් බ‍්‍රාවෝ සහ රවී රාම්පෝල් තුවාල ලබා සිටීම හේතුවෙන් මෙම තරගයට සහභාගි නොවූ අතර කරන් පොලාර්ඞ් කොදෙව් පිල මෙහෙයවූ පළමු අවස්ථාවද මෙයයි.

ඉන්දියා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම

ඉන්දියාව

රෝහිත් ශර්මා - ඇ. චාල්ස් ප. සැමී 60
ශීකාර් ධාවන් - ඇ. සහ ප. රෝචි 11 
විරාට් කෝලි - ඇ. ගේල් ප. සැමී 11
දිනේශ් කාර්තික් - ඇ. සහ ප. සැමුවෙල්ස් 23
සුරේෂ් රයිනා - ඇ. රැම්ඞීන් ප. රෝචි 44
මහේන්ද්‍ර සිං දෝනි - ප. බෙස්ට් 27
රවින්ද්‍ර ජදේජා - ප. බෙස්ට් 17
රවිචන්ද්‍රන් අශ්වින් - නොදැවී 5
බුවනේශ්වර් කුමාර් - නොදැවී 11
අතිරේක    20
එකතුව  ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී 229

කඩුලු වැටීම :  1-25, 2-39, 3-98, 4-124, 5-182, 6-197, 7-212

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :  ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්

පන්දු යැවීම : කෙමාර් රෝචි : 10-2-41-2, ටිනෝ බෙස්ට් : 10-0-54-2, ඩැරන් සැමී : 10-3-41-2, කරන් පොලාඞ් : 1-0-8-0, සුනිල් නරේන් : 10-0-56-0, මාලන් සැමුවෙල්ස් : 9-1-20-1

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම
ක‍්‍රිස් ගේල් - ඇ. රයිනා ප. යාදව්    11
ජොන්සන් චාල්ස් - ඇ. ඉෂාන්ත් ශර්මා ප. යාදව්    97    
ඞ්වේන් ස්මිත් - ක.මු.ක ප. යාදව්    0
මාලන් සැමුවෙල්ස් - ප. කුමාර්    1
ඩැරන් බ‍්‍රාවෝ - ඇ. ධාවන් ප. අශ්වින්    55
කරන් පොලාඞ් - ඇ. කාර්තික් ප. ඉෂාන්ත් ශර්මා    4
ඩිනේෂ් රැම්ඞීන් - ප. අශ්වින්    4
ඩැරන් සැමී - ඇ. අශ්වින් ප. ඉෂාන්ත් ශර්මා    29
කෙමාර් රෝචි - නොදැවී    14
සුනිල් නරේන් - ඇ. ධාවන් ප. රයිනා    5
ටිනෝ බෙස්ට් - නොදැවී    3
අතිරේක             7
එකතුව  ඕවර 47.4 කදී කඩුලූ 9ක් දැවී    230

කඩුලු වැටීම: 

1-13, 2-25, 3-26, 4-142, 5-155, 6-161, 7-197, 8-211, 9-220

පන්දු යැවීම:
බුවනේශ්වර් කුමාර් : 7-1-36-1, උමේෂ් යාදව් : 9.4-2-43-3, රවින්ද්‍ර ජදේජා : 10-1-50-0, ඉෂාන්ත් ශර්මා : 9-0-51-2, රවිචන්ද්‍රන් අශ්වින් : 10-0-44-2, සුරේෂ් රයිනා : 2-1-4-1



අදහස් (0)

කොදෙව් පිලට කඩුලූ 1 ක තියුණු ජයක්

සමීර Monday, 01 July 2013 11:51 AM

අපිට නම් ඉන්දියාවට ගහන එක හීනයක් (දී)

:       0       0

සුරේෂ් Monday, 01 July 2013 07:17 AM

ඉන්දියාව පරාද නිසා මුලු ලංකාවම සතුටින් අද (නි)

:       0       0

ගැමි Monday, 01 July 2013 11:00 AM

ඕකට තමා කියන්නේ කන්න පින තියනවා නම් ඉබ්බා ගෙට එනවා කියලා. ඉන්දියාවේ අයගේ කටවල වැහිලා දැන් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4027 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1448 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site