IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කන් පළන නළා ගලවයි

ශබ්ද දූෂණය ඇතිකරන වාහන නළා පරීක්ෂා කරන අවස්ථාවේම ඉවත් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ජාතික පාරිසරික පනත යටතේ අංක 1737/37 දරණ ගැසට් නිවේදනය අනුව වාහන නළා ශබ්දය සඳහා ප්‍රමිතිය පනවා ඇතත් රියදුරන් එම ප්‍රමිතිගත මට්ටම් අභිභවා නළා නාදකරන බව පෙනී යන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා කියයි.

 



අදහස් (0)

කන් පළන නළා ගලවයි

උපාලි Tuesday, 10 November 2015 02:08 PM

මේවා සිතිය යුතුව තිබ්බේ මිට බොහෝ වසරකට පෙර සිටයි. කන් පැලෙන නලා එළියේ සිට සහ බස් රියවල් ඇතුලේ අනවශ්‍ය කර්ණ කටෝර සංගීත යයි කියන්නාවූ ටකරන් හඬවල් අහල අහල හෙම්බත් වුණු අපි සිතාගෙන හිටියේ පරිසර අධිකාරියෙන් අපිට අහවල් සේවයක් සිදුවෙනවද කියල තමයි. (බ)

:       0       0

රණා Tuesday, 10 November 2015 02:34 PM

මහ විශාල ස්පීකර් හයි කරගෙන ජරාවල් සහ අදෝනා මොන මල හතිලව්වකට බස් වල දානවද මන්ද. ඩ්‍රයිවර් මහත්තය හෝ කොන්දොන්ස්තර දානවා. හඬ වැඩිකරනවා. ඒ අය අහන්නෙත් නැහේ. අපිටත් මල වදේ. නිශ්ශබ්දව යන්න බැහේ. ගෙදර වැඩක් ගැන සිතන්න බැහේ. රුධිර පීඩනය වැඩි කරගෙන බස් එකෙන් බහින්න වෙන්නේ. (අ)

:       0       0

මලි Tuesday, 10 November 2015 02:34 PM

මේ වගේම පුද්ගලික බස්වල තියෙන කන් පැලෙන ශබ්ද විකාශනත් ගැලෙව්වොත් හොඳයි (අ)

:       0       0

විජිත් Tuesday, 10 November 2015 02:40 PM

ඔය නළා තමන්ගේ රථවල හයිකරගන්නා අයගේ " කන පලන්න " ඕන (බ)

:       0       0

ටෙනිසන් Tuesday, 10 November 2015 02:46 PM

කනපැලෙන නලා ගලවල විතරක් මදි .සාමාන්‍ය නලාවක් වුනත් හැඩවිය හැකි කාලයක් නියම කරන්න. සමහර රියදුරන් පානදුරෙන් , හෝමාගමින්,කඩවතින් නළාවට අත තියාගත්තම අහකට ගන්නේ කොළඹින්. (බ)

:       0       0

සේපාල Tuesday, 10 November 2015 02:48 PM

බස් වල තියෙන්නේ අලි එලවන නළා. අනේ අපේ බස් එකෙට නගින්න් කියල කියන්නෙත් ඒ නළාවෙන්.ත්‍රී ව්හීල් වල තියනවා වෙඩින් හෝල්වලට හරියන සංගීත මෙවලම් .කුඩු ගහල ෆුල් ශබ්ද දාගෙන මීහරක් වගේ යනවා (බ)

:       0       0

රූපා Tuesday, 10 November 2015 03:06 PM

දැන් බස් වල යන අපි කන් පැලෙන නලා හඬවල් අහල එපාවෙලා තියෙන්නේ. අනේ එක නැතිකරන්න. අනිත් එක බස වල ඇතුලේ ලොකු ශබ්ද උපකරණ දාගෙන හැමදාම අප්‍රසන්න අඬන සින්දු අපිට අහන්න දෙන්නේ ඇයි. බස් එකේ යන කවුරුවත් ඒවා අහන පාටක් නම් නැහේ. විරුද්ද වෙන්නත් බැහැනේ. මට නම දැන් එපාවෙලා ඔය අහන " ඔය මාව දාල ගියා නේද ළමයෝ, ඉතින් මම තාම අඬනවා....." වගේ සිංදු කියල කියන මල ජරාවල්. (අ)

:       0       0

රත්නායක Tuesday, 10 November 2015 03:09 PM

අම්මෝ නියමයි නියමයි (අ)

:       0       0

සුමේධ Tuesday, 10 November 2015 03:19 PM

නලා විතරක් නෙමෙයි, පොදු ප්‍රවාහන සේවයන් තුල ඇති සංගීතය නවත්වන්න. (හේ)

:       0       0

ලතීෆ් Wednesday, 11 November 2015 01:29 PM

බොහොම හොද වැඩක් (බ)

:       0       0

සංජිය Tuesday, 10 November 2015 03:22 PM

තවත් එක වැදගත් දෙයක් කීමට කැමතියි. බොහෝ දුර ගමන් යන සැප බස් වල රුපවාහිනී යන්ත්‍ර සවිකර බස රථයේ රියන්දුරු හෝ සහයකයා කැමති චිත්‍රපටියක් හෝ ප්‍රසංගයක් දමා බලහත්කාරයෙන් මගීන්ට පෙන්වීම හෝ ඇසීමට සැලැස්වීම වලක්වන්න. බොහෝ විට ඉතාමත් පහත් රසයක් සහිත ශබ්ද සමග රුප පෙන්වීමෙන් බස රථයේ ගමන් ගන්නාවූ සැමටම විශේෂයෙන් බාල දරුවන්ට පසුවෙන පරිසරය ගැන හෝ අධ්‍යනය කිරීමට හෝ අවස්ථාවක් අහිමි කරයි. ගමනට සුවය වෙනුවට අනවශ්‍ය ශාරිරික සහ මානසික විඩාවක් එකතු කරයි. අපේ රට කොච්චර ලස්සනද. ඒ පරිසරය පවා අපිට බලන්න අහිමි කරන්නට ඉඩ දෙන්නේ අැයි. අපේ බලධාරින් මේ ගැන සොයා බලන්න. යුරෝපිය රටවල් වල මේ කරදරය නැත.(හේ)

:       0       0

ඉනෝකා-එංගලන්තය Wednesday, 11 November 2015 07:59 AM

කැනඩා දිසා, කීව කාරණාව තමයි මටත් කියන්න තියෙන්නේ. නළාවක සද්දයක් ඇහුනොත් අවට සිටින හැම කෙනාගෙම ඇස් කන් යොමු වෙන්නේ ඒ දෙසටයි.ලංකාවේ පාරේ යන හැම වාහනයක්ම ඕනේ දේටත් එපා දේටත් තරගයකට මෙන් නළා සද්ද කරගෙන යන්නේ ඇයි..?. ? (ම)

:       0       0

සාරංග Tuesday, 10 November 2015 03:27 PM

පරිසර මහත් වරුනි. අනේ මේ කොමෙන්ට්ස් වත් බලල ඔබලා වත් මේකට යමක් කරන්නකෝ. මේ අපරාදෙට තවත් ඉඩ දෙමුද. (බ)

:       0       0

ටෙරන්ස් Tuesday, 10 November 2015 03:29 PM

ඉහලින්ම අගය කළයුතු දෙයක්. විශේෂයෙන් ත්‍රීරෝද රථ වලට. (බ)

:       0       0

තිලක් Tuesday, 10 November 2015 03:34 PM

ප්‍රමිතියෙන් තොර එල්ඊඩී හෙඩ් ලයිට් සහ එච්අයිඩී ලයිට් තහනම් කරන්න (බ)

:       0       0

රණා Tuesday, 10 November 2015 04:05 PM

අනේ මේ පරිසර අධිකාරිය ගලවන නළා. පොලිසියටත් බැරි වුන ශබ්ද දුෂණය නැති කරන්න මේ ගොල්ලෝ මොනවාද කරන්නේ. ඕනනම් චක්‍ර ලේඛනයක් පිටකරයි මෙය තහනම් කියල. කඩේ තියෙන්නේ ඕන පදම් ගන්න කන ආදී පාලන නලා සමග ස්පිකර්. හයි කර ගත්තාවේ. චක්‍රලේඛනය බම්බු ගහන්නද. (බ)

:       0       0

ඇන්ටන් Tuesday, 10 November 2015 04:53 PM

බස් පදවන අය හිතාගෙන ඉන්නේ පාරේ යන්නෙ මිනිස්සු නෙමෙයි කියලා වෙන්න ඇති (නි)

:       0       0

ආනන්ද Tuesday, 10 November 2015 05:56 PM

නළා ගලවනවාත් එක්කම ආනයනය කරන උපාංග වලට ප්‍රමිතියක් ඇතිකළ යුතුයි (නි)

:       0       0

පරාක්‍රම Tuesday, 10 November 2015 07:27 PM

විශේෂයෙන්ම රෝගීන්ටත්, වයස්ගත උදවියටත්, ළදරුවන් සහ ගැබිනි මව්වරුන්ටත්, පොදුවේ මහජනතාවටත් මහඟු සහනයක් වනු ඇත. නමුත් ගැටලුව නම්, ගැසට් නිවේදන තිබුනත් පොලිසිය හෝ වෙනත් ආයතනයක් ක්‍රියාත්මක කිරීමට මෙතෙක් අපොහොසත්වූ මෙම කාර්යය ක්‍රියාවට නඟන්නේ කවදා සිටද යන්න පැහැදිලිවම නොකීමයි. මෙය "බාලගිරි දෝෂය අද නොවෙයි හෙට " පිළිවෙතට යොමුවුණොත් දෙවියන්ගෙම පිහිටයි. (නි)

:       0       0

පරාක්‍රම Tuesday, 10 November 2015 07:55 PM

ටාටා සහ ලේලන්ඩ් යන දෙවර්ගයේ බස් සහ ටිපර් මහපාරේ යන අනෙකුත් වාහන වලට " අයින් වෙයන් , ඉඩ දියන් " කියන්නාක් මෙන් නලාවෙන් දෝස්මුරය දාගෙන පිඹගෙන දුවන්නේ පුදුම තදියමකින්. ලොරිකාරයින්ට නම් එච්චර හදිසියක් නැහැ වගේ. හැමදාම් මහපාරේ වැඩිපුරම අනතුරු ඇතිකරන්නේ නලාවෙන් වාහන පදවන අයයි. අධි ශබ්ද නලා ටික ගැළෙව්වොත් මේගොල්ලන්ගේ තදියමත් නැතිවෙයි, අනතුරුත් අඩුවෙයි, විනාශයත් අඩුවෙයි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 10 November 2015 09:52 PM

මීට අවුරුදු පහ හයකට කලින් බත්තරමුල්ල පැත්තේ දෙතුන් වතාවක් ගියා. විනාඩි 5 න් 5 ට යන බස් වල සයිලන්සර් එකට නිකන් විසිල් එකක් සවිකරලා වගේ. වේගය වැඩිකරනකොට විසිල් ගහනවා වගේ. හරිම කන්දොස්කිරියාවක් (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 10 November 2015 10:38 PM

කන් පළන නළා සවිකරගත් අයගේ කන් පළන්න හිතෙනවා අපිට (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 10 November 2015 10:45 PM

අනිත් එක බස් ඇතුළේ ලොකු ශබ්ද උපකරණ දාගෙන හැමදාම අප්‍රසන්න අඬන සින්දු අපිට අහන්න දෙන්නේ ඇයි? මේ කතාව හරියට හරි. සමහර බස් වල බෆල් 4ක්ම වැඩ. කන පැළෙන සද්දෙට දාගෙන යන්නෙත් සංදර්ශන වල කියපු සින්දු. (නි)

:       0       0

ලක්විදු Wednesday, 11 November 2015 12:47 AM

කන් පළන නළා ගලවනවා විතරක් නෙමෙයි, සාමාන්‍ය නළාව අනුන්ට හිරිහැරයක් වෙන විදියට නාදකරන රියදුරන්ටත් දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 10 November 2015 10:43 AM

නලා ශබ්දය මෙන්ම නවීකරණය කර වැඩි ශබ්දයක් පිටකරන දුම්බටද ගැලවිය යුතුයි. ලංකාවේ අය පිටරට දේවල් අනුගමනය කරන්නෙම වැරදි පැත්තටය. (ර)

:       0       0

කැනඩා දිසා Wednesday, 11 November 2015 02:50 AM

මෙහෙ නළාවක් නාදකරන්නේ එක්කෝ අනතුරක් වළක්වන්න වගේ දෙයකදී පමණයි. හැබැයි ඒ වෙනකොට අනෙක් සියලුම රියදුරන්ගේත්,පාරේ යන මගී ජනතාවගේත් ඇස් කන් මේ නලාව හඩවපු වාහනය වෙත යොමුවෙලා හමාරයි (නි)

:       0       0

සූරිය Wednesday, 11 November 2015 02:56 AM

රාත්‍රියට බොහෝ වාහනවල හෙඩ් ලයිට් දමාගෙන යන නිසා ඇස් නිලංකාර වෙනවා. නීතිගරුකව වාහන පදවන්නන්ට මෙය මහා කරදරයක්. අවශ්‍ය තැනකදි පමණක් හෙඩ් ලයිට් පාවිච්චි කිරීමට නියෝග දීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා! නලා ශබ්දය ගැන වගේම මේ ගැනත් අවධානය යොමු වේවා! (නි)

:       0       0

අමල් Tuesday, 10 November 2015 11:29 AM

හොද වැඩක්. (ර)

:       0       0

දිනේෂ් Wednesday, 11 November 2015 03:31 AM

හොඳ වැඩක් ක්‍රියාත්මක කරනවා නම්. දුරකථන අංකයක් දුන්නොත් හොඳයි මෙහෙම වාහන ගැන දැනුම් දෙන්න (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 10 November 2015 11:31 AM

අනේක වාරයක් පිං ලැබෙන කටයුත්තක්. වැඩේ හරියටම කරාවිද? (ර)

:       0       0

සමන් Tuesday, 10 November 2015 11:33 AM

බස් වගේම ත්‍රීවීල් වල තියන ඔරොත්තු නොදෙන නලා ගලවලාම දාන්න. (ර)

:       0       0

කනිෂ්ක Tuesday, 10 November 2015 11:40 AM

අගය කලයුතු දෙයක්. (ර)

:       0       0

පෙරේරා Tuesday, 10 November 2015 12:36 PM

මීට මාස හය හතකට කලිනුත් ඔය කතාවම කිව්වා. නමුත් වැඩ සිද්ධවුණේ නැහැ. ඒකත් සද්දේ විතරයි. මේ පාරවත් බලමු. (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 10 November 2015 12:37 PM

නළා වගේම කන් පැළෙන්න දාන සිංදුත් නවත්වන්න පුළුවන් නම් හොඳයි (නි)

:       0       0

චමිල් Wednesday, 11 November 2015 05:06 AM

අනේ දැන්ද මෙයාලට කන් ඇහෙන්නේ නැද්ද (ම)

:       0       0

පරාක්‍රම Wednesday, 11 November 2015 05:12 AM

දියුණු රටවල වාහන මහමඟ පැදවීමේ හා " අපේ ශ්‍රී ලංකාවේ " එම ක්‍රියාවලිය සංසන්දනය කළහොත් අප සිටින්නේ තවම "වනචාරී යුගයේ " බවයි පෙනෙන්නේ. කැනඩා-දිසා කිව්වා වාගේ, එරට පුරා මහ මාර්ගවල මොනම ආකාරයේ හෝ වාහන නලා හඬක් ඇසුණු සැණින් සියලු වාහන නවතා ඒ දෙස විමසිලිමත්වීම වාහන ධාවකයින්ගේ පුරුද්දයි. (නි)

:       0       0

රංජිත් Wednesday, 11 November 2015 05:52 AM

අර ලේලන්ඩ් බස් වල බ්රේක් ගසනවිට ඇසෙන 'චරාස් චූරූස්' ගාන අනවශ්‍ය හඩ නඟන නළා ගළවන්න බැරිද ? (නි)

:       0       0

ජයසේන Tuesday, 10 November 2015 01:43 PM

බස් සහ ත්‍රීරෝද වල කන්පැළෙන නළා හැඩවීම නැවැත්තුවොත් ලොකු දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4851 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 46 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 834 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 126 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 130 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 82 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15516 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 74 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 251 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site