කුලී වැඩ කරමින් දරු පවුලක් ජීවත් කරවන පුද්ගලයකුගෙන් ආදායම් වාර්තා ඉල්ලා ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලිපියක් එවා තිබේ.
දින 14ක් ඇතුළත පිළිතුරු යැවීමට අපොහොසත් වුවහොත් රුපියල් 50,000ක දඩ ගෙවිය යුතු බවද ලිපියේ සඳහන් වේ.
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශයේ සහකාර කොමසාරිස් ජී එල් පී විමලරත්න මහතාගේ අත්සනින් මෙම ලිපිය එවා ඇත්තේ කන්තලේ යුනිටි 14 අංක 62 ලිපිනයේ පදිංචි ඒ ජී පුංචිබණ්ඩා මහතා වෙතය.
පුංචිබණ්ඩා මහතාගේ රැකියාව කුලී වැඩ බව සඳහන් කරමින් වසමේ ග්‍රාම නිලධරයා සහ කන්තලේ ප්‍රාදේශීය ලේකම් ඔහුට පිලියක් දී ඇත.
විශ්ව විද්‍යාලයයට තේරී පත්ව සිටින ඔහුගේ දරුවකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් මෙම සහතිකය නිකුත් කර ඇත.
තමාට ඇති මුළු බූදලයම පාපැදියක් සහ එළ වැස්සියන් දෙදෙනකු පමණක් බව පුංචි බණ්ඩා පවසයි.
මේ සියල්ල විකුණා දැමුවත් දඩ මුදල ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් මුදලක් නොලැබෙන බව සඳහන් කරමින් ඔහු 23 වැනිදා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලිපියක් යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉදිරියට මීට වඩා දේවල් බලාගන්න පුළුවන්. මේක තමයි චින්තනය.(නදී)
සමහර අය දන්නෙ නැතුවා වගෙයි මේ රටේ වාර්තා පුරවන්න තියා ලියුමක් තැපැල් කරගන්නවත් දන්නෙ නැති අහිංසක මිනිස්සු ඉන්න බව (නි)
අර ලක්ෂ ගණනින් මුදල් හම්බකරන සමහර කපු මහත්වරුන්ට ඇයි බදු ගෙවන්න කියන්නෙ නැත්තේ? (නි)
මේ අසරණ මනුස්සයාගෙන් මොන ආදායම් බදුද (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අර එතනෝල් ගෙනාපු අයට මේ බදු නීතිය ක්‍රියාත්මක නැද්ද? (නි)
තමන් ආදායම් ගෙවන තත්වයේ නොමැති නම්, ඒ බව ප්‍රකාශ කර සිටින්න. ඒ සඳහා අවස්ථාව එහි තිබෙනවා. (නි)
බඩ අල්ලා හිනා විය හැකි ආ(හා)ශ්චර්යය... (නි)
ඇමැතිලාගේ ලයිට් බිල්, ඉන්ධන බිල් සාමාන්‍ය ජනතාව පිට පටවන එකේ ඕක මොකක්ද? දේශපාලඥයො කාබාසිනියා කරන දේවල් වලත් අලාභය සාමාන්‍ය ජනතාව පිට පටවලා තියෙන්නේ. ඒකෙනුත් අසරණ වෙන්නේ දුප්පතා. මේක තමා ආශ්චර්යයේ උපරිමය... :D (නි)
වාර්තාවක් ඉල්ලනවා කියන්නේ බදු ගෙවන්නම කියනවා නොවේ. මේ කියන හැටියට මේ කම්කරු මහතා ඉතා අඩු අදායමක් ඇති කෙනෙක්. එහෙම නම් අදායම් බදු වාර්තාවක් පුරවනකොට පෙනේවි බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. එහෙම පුරවපු වාර්තාව යැවුවා නම් ඉවරයිනේ. (නි)
ඔන්න වැඩ... (නි)
සතයක් ගෙවන්න එපා. (නි)
මම දන්න අයෙක් තමන් ළඟ වැඩ කරන අයට අර්ථ සාධක ගෙවන්න තමන්ම ඉදිරිපත් වෙලා පානදුරයේ කම්කරු කාර්යාලයට ගියා. එයාට පිළිතුරු ලැබුණෙත් දඩ ගහනවා, හිරේ දානවා කියලයි. කාර්යාලයේ මුද්‍රණය කරලා තියෙන්නේ දඩ ගහන තර්ජන ලිපි විතරයි. නීති ගරුකව තමන්ම ඉදිරිපත්වෙන අය පිළිගෙන එම අයට ස්තුති කරන ලිපි ගැන කම්කරු දෙපාර්තෙම්න්තුව දන්නෙ නැද්ද? මේකත් ඒ වගේ තමයි. (නි)
ආණ්ඩුව මහජනතාවගේ අප්‍රසාදයට පත්කරන්න හිතා මතා කරන වැඩ මේවා.(නදී)
එරකෙක්ව බෝංචි ඇට වලට මාරුකළොත් අර පුංචි කාලේ කියවපු කතාන්දරයක වගේ ඔයාටත් රත්තරන් බිත්තර දාන කිකිළියෙක් ලැබෙයි. එතකොට පුලුවන්නේ බදු ගෙවන්න. (නි)
වගකිවයුතු මහත්වරුනි. දුප්පතාට පිහිටවන්න.(නදී)
අපිව අන්දනවා. ඔයාට කව්ද ඔය පුටුව දුන්නේ.(නදී)
කීයක් හරි අත යටින් දීලා බේරගන්න බැරි වෙයිද?(නදී)
කළ යුතු වැඩේ නෙමෙයි මේ නිලධාරීන් කරන්නේ. පොඩි මිනිහෙක් අල්ලගන්නවා ඕනම දේකට.(නදී)
මොනවාද මේ වැඩ වල තේරුම (දී)
එතනෝල් ආනයනය කරන මිනිස්සු වාසනාවන්තයෝ.(නදී)
මේ ලිපිය ඔබට අදාල නොවේනම් නොසලකා හරින්න. මෙය වැරදීමක් විය හැකියි.(නදී)
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශයේ ලොකු මහතා වහා අස්කල යුතුයි.(නදී)
නැහැ, නැහැ කව්රු හරි තරහකාරයෙක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙත්සමක් ගහලා ඇති.(නදී)
ආශ්චර්‍යයට යන කොට දුප්පත්කම නැති කරන්න එපැයි. (නි)
රටේ ආශ්චර්යය දකිද්දී අපිටත් නිකන් පිස්සු වගෙයි. (නි)
ගණන් ගන්න එපා අනේ, මේ ලංකාවනේ. (නි)
මේ අය බලන්නේ කාගෙන හරි සල්ලි ගරාගන්න.(නදී)
දැන් ඉතින් කම්කරුවන්ගෙන් පවා ආදායම් බදු ගන්න කාලේ හරි. (නි)
ලොකු මිනිස්සු කිසිම බද්දක් ගෙවන්නේ නැහැ. අහිංසක මිනිසුන්ට තමයි සේරම් පව් වලට කරගහන්න වෙලා තියෙන්නේ. (නි)
ඇත්තටම මේක කාගේහරි කුමන්ත්‍රණයක්ද දන්නෙත් නැහැ. (නි)
දෙයියෝ සාක්කි! (නි)
අන්න හරි. පොඩි මිනිස්සුන්ට මෙහෙමම කරන්න. (නි)